IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


හමාස් ප්‍රාණ ඇපයේ සිටි ලාබාල දරුවා තවත් ත්‍රස්ත කණ්ඩායමකට දීලා

(විමුක්ති එස් රුද්‍රිගු)

හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ළාබාලතම ප්‍රාණ ඇපකරුවා වන දසමස් වියැති කෆීර් බිබාස් නිදහස් කිරීම එම සංවිධානය ප්‍රතික්ෂේප කර ඇති බවත්  පලස්තීනයේ ක්‍රියාත්මක වන තවත් ත්‍රස්තවාදී කණ්ඩායමකට බිබාස් සහ එම ළදරුවාගේ පවුල මිනිස් පළිහක් ලෙස යොදා ගැනීම සඳහා බාර දී ඇති බවත්  ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

තාවකාලික සටන් විරාමය අවසන් වූ පසු ප්‍රහාර එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන ඛාන් යූනිස් නගරයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙත බිබාස්, එම ළදරුවාගේ වැඩිමහල් සොහොයුරා සහ මව මෙලෙස බාර දී ඇති බවත් එහි අරමුණ දසමස් වියැති බිබාස් එම ළදරුවාගේ පවුල මනුෂ්‍ය පළිහක් ලෙස යොදා ගැනීම බවත් ඊශ්‍රායල හමුදාව පෙන්වා දුන්නේය.

පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී බිබාස්, වැඩිමහල් සොහොයුරා වූ සිව් හැවිරිදි ඒරියල් සහ බිබාස්ගේ මව වූ 32 හැවිරිදි ශිරී ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගොස් ඇති බවත් ඔවුන් සමඟ සිටි බිබාස්ගේ පියා වූ 34 හැවිරිදි යාර්ඩ්න් පිළිබඳ කිසිම තොරතුරක් නොමැති බවත් ඊශ්‍රායල හමුදාව පැවැසුවේය.

ප්‍රහාරයේදී යාර්ඩ්න් මිය යන්නට හෝ ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රැගෙන යන්නට ඇතැයි විශ්වාස කරන බවත් තවමත් යාර්ඩ්න් පිළිබඳ පැහැදිලි තොරතුරක් අනාවරණය වී නොමැති බවත් ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළේය. හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ බිබාස් සහ පවුල නිවසේ ආරක්ෂක කාමරයක සැඟව ඇති බවත් හමාස් සටන්කාමීන් එම කාමරයේ දොර කඩා මව සහ දරු දෙදෙනා රැගෙන ගොස් ඇති බවත් ඊශ්‍රායල හමුදා පෙන්වා දුන්නේය.නමුත් පියා පිළිබඳ කිසිඳු තොරතුරක් නොමැති බවද ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවැසුවේය.



අදහස් (0)

හමාස් ප්‍රාණ ඇපයේ සිටි ලාබාල දරුවා තවත් ත්‍රස්ත කණ්ඩායමකට දීලා

ඔබේ අදහස් එවන්න

දියත

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 177 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1056 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 103 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1741 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4110 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 146 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39525 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1189 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site