(විමුක්ති එස් රුද්‍රිගු)
හමාස් සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙනකුගේ සිරුරු දකුණු ගාසා තීරයට අයත් රෆා නගරයේ උමගක තිබී සොයාගත් බවත් එම ප්‍රාණ ඇපකරුවන් හයදෙනා හමාස් සංවිධානය විසින් කුරිරු ලෙස ඝාතනය කරනු ලැබ ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි හර්ෂ් ගෝල්ඩ්බර්ග් පෝලින්, 24 හැවිරිදි ඊඩ්න් යෙරුෂල්මි, 25 හැවිරිදි ඔරී ඩැනිනෝ, 32 හැවිරිදි ඇලෙක්ස් ලුබ්නොව්, 40 හැවිරිදි කාමෙල් ගට් සහ 27 හැවිරිදි ඇල්මොග් සරුසි යන ඊශ්‍රායල ජාතිකයන් පිරිසක්ය.
ගෝල්ඩ්බර්ග් පොලින්, යෙරුෂල්මි, ලුබ්නොව්, සරුසි සහ ඩැනිනෝ ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ පැවැත්වමින් තිබූ නෝවා සංගීත ප්‍රසංගයේදී පැහැර ගැනිණි.
ප්‍රාණ ඇපකරුවන් හයදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් රියර් අද්මිරාල් ඩැනියෙල් හැගාරී ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායල හමුදා ප්‍රාණ ඇපකරුවන් වෙත ළඟා වීමට දවසකට හෝ දෙකකට පෙර හමාස් සංවිධානය විසින් මෙම ප්‍රාණ ඇපකරුවන් සහාසික ලෙස ඝාතනය කරනු ලැබ ඇති බවයි. ෆර්හාන් අල්-කාඩි බේරා ගත් උමගට කිලෝ මීටරයක් පමණ දුරින් ඇති උමගකින් ඔවුන්ගේ සිරුරු සොයාගත් බවද ඔහු පැවැසුවේය.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ද ප්‍රාණ ඇපකරුවන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ අතර ඔහු පවසා සිටියේ හර්ෂ් ගෝල්ඩ්බර්ග් ඊශ්‍රායල ඇමෙරිකානු ජාතිකයකු බවත් ඊශ්‍රායල හමාස් යුද්ධය අවසන් කිරීමට කාලය එළැඹ ඇති බවත්ය.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගත් 250 ක ඊශ්‍රායල ජාතිකයන්ගෙන් 100 දෙනකු පමණ තවමත් හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇතැයිද පැවැසෙයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හමාස් ප්‍රාණ ඇපයේ සිටි හය දෙනක් මරා දමලා
කොඳු නැති ලාංකිකයෝ සංගමය Sunday, 01 September 2024 07:54 PM
අපෝ හමාස් අයියලාට මුකුත් කරන්න එපා... පව් අහිංසක අයියලා. අනික තණකොල කපන්න කඩු සිය ගණන් හංගාගෙන හිටපු අපේ අර අහවල් ජාතියේ අයත් තරහවෙයි එහෙම කළොත්...!
charithMonday, 02 September 2024 12:49 PM
එයාලා හරිම අහින්සකයි...