IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ

හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීමට, ඊශ්‍රායල හමුදා සමත් විය. ඒ දකුණු දිග ගාසා තීරයේ සිදු කළ මෙහෙයුමකදීය. 

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කර ඇත.

අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්‍රතිඥා දී ඇත්තේ ගාසා තීරයෙන් හමාස් සාමාජිකයන්ගෙන්  මුලිනුපුටා දමන බවය.

ඊශ්‍රායල හමුදාව මෙසේ පැවැසුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. මෙහෙයුම්වලින් යාහ්යා සින්වාර් සහ තවත් හමාස් සටන්කාමීන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, යාහ්යා සින්වාර්ගේ සිරුර තමන් සතු බවත් හමුදාව පවසා ඇත. 

එසේ වුවත්, ඒ බව තහවුරු කිරීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද පවත්වන බව ඊශ්‍රායල හමුදාව වැඩි දුරටත් අවධාරණය කර ඇතැයි ද පැවැසෙයි. යාහ්යා සින්වාර් මියගිය බව හමාස් සංවිධානය තවමත් තහවුරු කර නැත.

ඊශ්‍රායල හමුදා සහ බුද්ධි අංශ වසකර කාලයක් යාහ්යා සින්වාර් සොයමින්, ඔහු ලුහුබැඳ ගිය බවත් අවසානයේ යාහ්යා සින්වාර් පමණක් නොව, ඔහුගේ සමීපතමයන් තිදෙනකු ඝාතනය කිරීමට හැකි වූ බව ඊශ්‍රායල හමුදාව නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙයි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ මෙහෙයුම් සිදු කරන්නේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් අනතුරුවය. එදා සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය ගාසා තීරයේ පලස්තීනුවන් ගණන 42,000 පසු කර ඇත. 

62 හැවිරිදි යාහ්යා සින්වාර්, හමාස් සංවිධානයේ නායකයා බවට පත්වූයේ 2017 වසරේදීය. ඊට පෙර ඔහු වසර 22 ක්, ඊශ්‍රායල බන්ධනාගාරයක සිරකරුවෙක් විය. ඔහු මුදා හැරුණේ 2011 වසරේ දී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සිදුවුණු සිරකරු හුවමාරුවකදීය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ

ඔබේ අදහස් එවන්න

දියත

දැනට භාර දී තියෙන්නේ නිල නිවාස 14යි
2024 ඔක්තෝබර් මස 18 135 0

හිටපු ඇමතිවරුන්ට යලි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


බාප්පා - පුතා කළ වැඩ ගොඩක් එළියට
2024 ඔක්තෝබර් මස 18 322 0

ගම්පහ ප්‍රදේශ කිහිපයක මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිදු කළ බව කියන දැනට පොලිස් අත් අඩංගුවේ පසුවන ඥාතී පුතකු සහ බාප්පා යැයි කියන දෙදෙනා විසින් දිවයිනෙහ



නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 18 821 1

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස අසංක අබේවර්ධන මහතා වැඩ භාර ගත්තේය.


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 18 229 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1016 උඩරටමැණිකේ සහ නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රිය න් වල එන්ජින් වල හදිසියේ ඇති ව


මඤ්ඤොක්කා අලෙවිකර ගන්න බැරුව මහවැලි එච් කලාපයේ ගොවීන් පීඩාවට
2024 ඔක්තෝබර් මස 18 750 0

විදේශ රටවලට අපනයනය කරන බවට පවසා මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව මඤ්ඤොක්කා වගා කළද ඒවා සාධාරණ මිලකට අලෙවිකර ගැනීමට නොහැකි වී


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 7 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 632 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site