IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හොරු අල්ලා රටෙන් හොරා කෑ මුදල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට යොදවනවා

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේග රජයක් තුළ රට බංකොලොත් කල හොරුන් නීතිය හමුවට ගෙනවිත් හොරා කෑ මුදල් රටට ලබා ගෙන එම මුදල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

විපක්ෂයේ සිටම සමගි ජන බලවේගය ෆයිල් මිටි පෙන්නමින් කයිවාරු නොගහ අධිකරණය හමුවට ගොස් රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා නම් සහිතවම රටට අනාවරණය කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එහි ඊළග පියවර ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් උපයෝගී කර ගෙන විපතට පත් වූ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන්ට වන්දි ලබා දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සක්වල වැඩසටහනේ 66 වැනි අදියර යටතේ කොලොන්නාව සෝමාදේවි බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.



අදහස් (20)

හොරු අල්ලා රටෙන් හොරා කෑ මුදල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට යොදවනවා

ajith Sunday, 14 January 2024 04:05 PM

හැමදාම රටේ මිනිස්සු රවට්ටන්ට පුළුවන් කියලා නේද හිතාගෙන ඉන්නේ?

:       6       30

Kumara Sunday, 14 January 2024 04:11 PM

සංස්කෘතික අරමුදලෙන් හොරා කාපු සල්ලි ආපහු දීලා ඉන්නකෝ ඔක්කෝටම කලින්...!

:       5       25

Pradeep Kumara Sunday, 14 January 2024 04:17 PM

හොරු කවුද කියා රටටම අනාවරණය කරන්න හැදුවාට ලෝකෙම දන්නවා හොරු කවුද සහ ඔය කියන කෙනා කවුද යන වගත්... තවත් නම් මොලේ ඇති මිනිහෙක් ඔය සුරංගනා කතාවලට රැවටෙන්නේ නෑ... උපන්ගෙයි මෝඩයෙක් මිසක්.

:       5       26

Pankumburage Sunday, 14 January 2024 04:27 PM

යහපාලන ආණ්ඩුවේ ඔහෙත් හිටියා නේද..? ඕවාට දැන් මිනිස්සු රවට්ටන්න බැහැ...!

:       6       21

abaran Sunday, 14 January 2024 04:30 PM

මේ හාදයා කරන්න බැරි මගුලක්මයි කතාකරන්නේ. ගැලරියේ මිනිස්සු හිතනවා මේක කරන්න පුළුවන් කියලා. හොරු කවුද කියලා දන්නවා... නමුත් ඔප්පු කරන්න බැහැ. ඒ වගේම ඒ මුදල් කොහේද තියෙන්නේ කියලා හොයලා ඉවරවෙනකොට මේ හාදයාගේ අලුත් උපන් ළමයාටත් අවුරුදු 50වෙලා තියේවි. මෙයා කියන ඔය හොරෙක්ම තමයි එයාගේ නංගි ළඟ හොරසල්ලි තිබිලා අහුවුණාම බේරාගත්තේ... හොරු කොහොමත් යාලුයිනේ...! 

:       4       27

Aruna Sunday, 14 January 2024 04:51 PM

එක හොරු රැළකට පුළුවන්ද තව හොර රැළක් අල්ලන්න. නිකන් බයිලා ගහන්න එපා ... මිනිස්සු දැන් ඕවාට රැවටෙන්නේ නැහැ.

:       5       21

Wijerathna Sunday, 14 January 2024 05:20 PM

ඔබතුමාගෙ පියතුමා ඇගලුම් කම්හල් ඇතිකර රටට විනිමය ගේන්න කටයුතු කලා ඒ කාලයේ දැන් ආණ්ඩුව කරන උත්තමයෝ කිව්වෙ සුද්දන්ට ජංගි මහනවා කියලා තමයි කොහොම වුනත් ඔබේ පියතුමා කලදේ නොවෙන්න ලංකාවට කිසිදාක හිස ඔසවන්න බැහැ එහෙම තියෙද්දි ඔබතුමා රටේ ආර්ථිකය සංවර්ධනය වෙනුවෙන් මොනවාද කරන්න සැලසුම් කරල තියෙන්නෙ කියලා දැනගැනීමට කැමතියි ඒ අතරේ සුනාමි ආධාර වංචාව සම්බන්ධයෙන් (ඔබ හම්බන්තොට එජාප සංවිධායක හැටියට එහි තිබූ විනාශය බලනවා ආධාර අරගෙන එහි ගිය අපි දැක්කා ) යම් පියවරක් ගන්නවා නම් හොදයි

:       1       1

Chamila Fernando Sunday, 14 January 2024 06:00 PM

ඔය බයිලා අහන ටික දෙනෙක් ඇති .ඒත් බහුතරයක් ඔය සුරංගනා කතා වලින් හෙම්බත් වෙලා ඉන්නේ .තවත් රැවටෙන්නේ නැහැ

:       0       1

Prabha Sunday, 14 January 2024 06:03 PM

ජීවිතේට රස්සාවක් නොකර ඔච්චර සැප ජීවිතයක් ගෙවන්න ඔබට මුදල් කොහෙන්ද ?

:       0       2

fairoos Sunday, 14 January 2024 06:31 PM

ඇයි අනේ ලංකාවේ මිනිස්සු මෙහෙම ?

:       0       1

Balasuriya Sunday, 14 January 2024 06:40 PM

ඉස්සර මහා පරිමානයෙන් නිධන් කඩපු කතාවකුත් මෙයාගේ නමට ගෑවිලා තිබුනා. ඇත්තද බොරුද කියලා හරියටම දන්නේ නෑ.

:       0       2

වීර Sunday, 14 January 2024 06:40 PM

ඔව් ඒච්චර අමාරු නෑ. හොරකම් කරපුවා දීලා හිරේ යනවා ජීවිතාන්තෙටම. හරිම නිහතමානි නායකයෙක්.. ඉක්මණට හිරේ පලයං හොර කොටෝ

:       0       1

bandula Sunday, 14 January 2024 08:58 PM

හොරු අල්ලන්න බැරි වු‍ණොත් අධ්‍යාපනය ඉවරයි...

:       0       0

Mahasen Sunday, 14 January 2024 09:35 PM

ඔබේ සල්ලි වලින් ඒවා බලා ගනින් .සැලුන් එකේ වැඩ කරන රාජ්‍ය සේවකයෝ නිදහස් කරපන්

:       0       1

Saththaya Sunday, 14 January 2024 09:46 PM

ඉතාම අගය කල යුතු කතාවක් , දිනන කෙනා නඩු අහල, වැරදි කාරයෝ හැම දෙනෙක්ම ඇතුලට දාල නැතිවෙච්ච මුදල් ආපසු ගන්න පුලුවන්නම් ඉතාම හොදයි. තව කෙනෙකුත් ෆයිල් 300 ගානක් ඔලුව උඩ තියාගෙන ඉන්නවා නඩු දාල ඔප්පු කරන්නේ නැතුව . මේ කියන ෆයිල් ටිකේ රටේ නිදන් හාරපු ඒවත් තියෙනවද ? ඒකත් ඔප්පු කරන්න බැහැ, සාක්ෂි කෝ ? දැන් අවරුදු කීයක් පාර්ලිමේන්තුවේ ඉන්නවද , හොරකන් අල්ලනවා කියන්නේ බලය ගන්න .අවරුදු 15 ක් 20 ක හොරකන් දැනුයි අල්ලන්න යන්නේ .ඒ කියන්නේ දැනුයි නින්දෙන් ඇහැරිලා තියෙන්නේ . හොර සල්ලි ගහපු අයත් මේ රටේ බේරිලා තියෙනවා කාගේ කාගේ හරි පිහිටෙන් . හිතාගන්න තියෙන්නේ හැමදෙනාම එකයි . දැන් බලය ගන්න බබා කතා දානවා .

:       0       3

චන්දිම ෆොන්සේකා Monday, 15 January 2024 12:21 AM

මම සජිත් ප්‍රේමදාස මහතාගෙන් එකම ඒක ප්‍රශ්නයයි අහන්නේ. යහ පාලන කාලේ මහා බැංකුවේ බැඳුම්කර වංචාව කියා දෙයක් වුනාද?නැද්ද? අපි දන්නා හැටියට ඒ වෙලාවේ ෆුට් නෝට් කණ්ඩායම කියලා පිරිසකුත් හිටියේ නැද්ද? සුජීව සේනසිංහ කියලා කෙනෙක් බැංකුවේ වංචාවක් වුනේ නැහැ කියලා පොතකුත් ලිව්වා නෙමෙයි කෙනෙකුට සල්ලි දීල ලියෙව්වා පලකලා. ඔය ඔක්කොම කට්ටිය දැන් ඉන්නේ ඔබේ වස්ත්‍රය ඇතුලේ. ඔබ කොහොමද ඔවුන් සමග එකතුවෙලා ඉදිරියේදී වංචා දුෂණ අල්ලන්නේ? කරුණාකරලා ඉදිරි ජනහමුවලදී මේ ප්‍රශ්නය ප්‍රසිද්ධියෙ අහනකොට වත් උත්තර දෙන්න ලැහැස්තිවෙන්න.

:       0       1

MasiripalaMonday, 15 January 2024 02:04 PM

චන්දිමෝ 2021 හෝ 22 වෙනුවෙන් කපුටාස් මුදල් ඇමති හැටියට ඉදිරිපත් කල කපුටාගේ මේ ආත්මයේ අවසන් අයවැය ලේඛනය අරගෙන බලාපන් .ඒකෙ නුඹ කියන මහබැංකු වංචාව ගැන විස්තරයක් තියෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගෙන්වා කියවා තේරුම් ගෙන අදහස් ඉදිරිපත් කලොත් හොදයි

:       2       0

chandima Monday, 15 January 2024 02:24 AM

ඉතාම අගය කල යුතු හොඳ දෙයක් ?ඒ මේ මෑතකදී සුද්දෙ දීපු සල්ලිද නැතිනම් ගම් උදාව කාලේ ඉඳන් සුද්දෙ දීපු සල්ලිද ආපසු අය කරගන්න යන්නේ ?

:       0       2

Bamunuarachchi Monday, 15 January 2024 03:35 AM

එහෙනම් අපි ශ්‍රීමත් ප්‍රේමදාස ගෙන් පටන්ගමු නේද? උන්නැහේ දේශපාලනට ආපු විදිහ පුතානෝ නොදන්නවාට අපි දන්නවා. හැබැයි බෝම්බෙන් අකාලයේ අපවත් උන අවස්ථාව වෙනකොට විසාල ධනස්කන්දයක් හොයාගෙන තිබුන. ඒ ධනස්කන්දය හොයා ගත්තේ කොහොමද දැන් කව්ද ඒ ධනස්කන්දය භුක්ති බිඳෙන්නේ කව්ද කියලා හොයමු.

:       0       2

Manju Monday, 15 January 2024 10:50 AM

සංස්කෘථික අරමුදලෙන් හොරා කාපු එකෙක් කියන කතා. අනෙක පාලිමන්ට් එකේ ඉන්න හොරුන්ගෙන් 30%ක් විතර ඉන්නෙත් මේ හාදය එක්කම

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 43 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 198 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 62 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 42 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 206 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1114 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site