IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හොර ආගමික මධ්‍යස්ථාන වටලයි

(අංජුල මහික වීරරත්න)

ලියාපදිංචි නොවූ ආගමික මධ්‍යස්ථාන  වටලා නීති පියවර ගන්නැයි  පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර  වික්‍රමනායක මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේය.

ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන හරහා  ජනතාව අන්‍යාගම්කරණයට ලක් කිරීම වලක්වාලීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

මෙරට නිකාය ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා සමඟ බුද්ධ ශාසන  අමාත්‍යාංශයේ පැවති  සාකච්ඡාවකදී අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළේ ය.

ආගමික සිද්ධස්ථාන හා භික්ෂූන් වහන්සේලා සම්බන්ධ ගැටළු ආගමික විකෘතිතා සම්බන්ධයෙන් ඉදිරියේ දී ගතයුතු පියවර සම්බන්ධයෙන් ද මෙහිදී භික්ෂූන් වහන්සේලා සහ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එමෙන්ම ගුවන් ගමන් බලපත්‍රයේ  හා ජාතික හැඳුනුම්පතෙහි භික්ෂූන් වහන්සේලා හා සිල් මෑණි වරුන්ගේ නාමයන්  ඇතුලත් කිරීමේදී භික්ෂූන්වහන්සේලා සඳහා Venerable ලෙසත්  සිල් මෑණියන්ට සඳහා Reverend ලෙසත් යෙදීමට එහිදී තීරණය කෙරිණි.



අදහස් (5)

හොර ආගමික මධ්‍යස්ථාන වටලයි

බද්රානි Friday, 08 March 2024 08:46 PM

මේ ඇතිවෙලා තියන විකුර්තිය නම්, නමට ඉදිරියෙන් ඉංග්‍රීසියෙන් නම්බුකාර කෑල්ලක් දැම්මයි කියලා ප්‍රකුර්ති තත්වයට පත්වෙයි කියලා මම නම් හිතෙන්නේ නැහැ... අනික පින්තුරයේ හරියට මුහුණු ටික පැහැදිලිව එකින් එක වෙන්කර හඳුනා ගන්න ලැබුණා නම්, මේ ඇතිවෙලා තියන විකෘතියට වගකිව යුත්තොත් ඔය අතරින්ම හොයා ගැනීමට හැකිවේවි... දේශපාලකයෙකුවත් මුල්පුටුවේ තියාගෙන, මේ කරන විගඩම් දකිද්දී අපිට නම් අර කොහෙන්ද මන්ද හිනා යනවා. බුදුන් වහන්සේගේ උතුම් දර්ශනය අඥාණයින් අතට පත්වී විකෘති කළ ඇතිබව දන්නා උන්වහන්සේට, මිහිඳු මහා රහතන් වහන්සේ ගැන මොනවා හිතෙනවා ඇත්ද..?

:       0       7

Bamunuarachchi Friday, 08 March 2024 09:30 PM

8 දෙනෙක් එකතු වුණාම ටකරන් මඩුවක් හදාගන්නවා.... ආගම කියන්න තැනක් කියලා ටික දවසක් යනකොට ඒක ලොකු පල්ලියක්.

:       7       1

ඕමල්පේ සැදැහැවතෙක් Saturday, 09 March 2024 07:10 AM

බෝධි පූජාව කියලා නැවතත් ජනතාව ආගමික ස්ථාන වලට නොගොස් තැන තැන සිටුවා ගන්නා බෝගස් වඳින පුදන තත්වයක්, නැත්නම් ගස්ගල් වඳින තත්වයක් ඇතිවෙමින් තියෙනවා.. නොදියුණු මිනිස්සු හිටපු කාලයේ විදියට නැවතත් එහෙම සිදුවීම් අනන්ත දකින්නට ලැබෙනවා. ඒවා මිනිසුන්ගේ පිරිහීම මෙන්ම කුමක්ද හේතු මත ජනතාව විහාරාරාම වලින් ඈත්වෙමින් ඉන්නවා. පැරණි පංසල් විහාර ආශ්‍රිතව පැවැති ගොදුරු ගම්වල අලුත් ආරාම ඇතිවෙනවා. සමාජයේ බෙදීම ඇතිවෙනවා. මෙමගින් පංචානන්තර්‍ය පාපකර්මය වෙනවා කියලා ජනතාව දන්නේ නැහැ. බොහෝමයක් හාමුදුරුවෝ මුදල් පස්සෙන් යාමත් විහාරාධිපති තනතුර අපේක්ෂා කිරීමත් පංසලේ නායක හාමුදුරුවෝ පලවාහැර විහාරාධිපති වීමට ගෝලයෝ කටයුතු කිරීමත් අහන්න ලැබෙනවා. ශාසනය සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින තත්වයක් දකින්නට පුළුවන් කියලා පේනවා... ඇත්තටම පන්සලේ නායක හාමුදුරුවෝ වයස්ගත වනවිට පංසල් වලින් පලවාහැරීම හරිද ඇමැතිතුමා... මේවා ගැන බලධාරීන්ට පේන්නේ නැහැ ඒ ගැන අවධානයට යොමුවේවා...!

:       0       6

fairoos Saturday, 09 March 2024 11:03 AM

ඉතාම හොඳ තීරණයක්...!

:       0       2

චන්ද්‍රනායක. එම්. ජී . Saturday, 09 March 2024 01:52 PM

බුදුන් වහන්සේට නමට ඉදිරියෙන් පසු පසින් කිසිම නම්බු නාමයක් තිබුණෙ නෑ. දැන් විහාරාධිපති, අග්ග මහා පණ්ඩිත සහ තවත් බොහෝ නම්බු නාම කෑලි දාගෙන තියෙනවා. දැන් පන්සල් නෙවෙයි තියෙන්නේ අසපු. ඒවායේ කරන්නේ මහ විකාර වැඩ. අද බුදුන් දෙසූ දහම නෙවෙයි තියෙන්නේ "බුද්ධාගම ". අද පන්සල්වල පිච්චමල් පූජා, බෝධි පූජා, පහන් පූජා තමයි තියෙන්නේ. ඊගාවට බණට කියන්නේ දන් දීම ගැන විතරයි. දන් දීලා ලබන ආත්මේ සාර්ථක කර ගන්න කියන එක. යමක් දීලා ලබා ගන්නවා කියන්නේ තෘෂ්ණාව නෙවෙයිද? නීති රීති දාලා බුදු දහම උගන්වන්න බෑ මිනිස්සුන්ට. දැන් ඉන්න බොහෝ චීවරධාරීන් ව්‍යාපාරිකයින් සහ දේශපාලනඥයින්. බුදු දහම ගැන දේශනා කරන අය අද ත්‍රස්තවාදීන් කියලා විරුද්ධව කටයුතු කරන්න ලෑස්ති වෙනවා. කණගාටුයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 694 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 255 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1398 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2628 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 214 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1524 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site