IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


හොරු ඇල්ලීම බොරු බව අලි සබ්‍රි කියයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

විපක්ෂයේ ඉදිද්දි හොරු අල්ලන බව  කියන අය ආණ්ඩුවට ගිය පසු අනෙක් හොරු අල්ලනවා යැයි කියමින්  දෙපැත්තට බෙදී බැන ගන්නා  බවත් හොරු අල්ලන්නේ කවදාදැයි මිනිසුන්  හැමදාම බලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

හැමදාම වෙනස් වන්නේ හොරු ඇල්ලීමේ සටන් පාඨයේ ක්‍රමය පමණක් බව පැවසූ අමාත්‍යවරයා මෙය තනිකරම විහිළුවක් බවද  සඳහන් කළේය.

කිසිම තොරතුරක් නැතුව මිනිස්සුන්ට හොරු හොරු යැයි පැවසීම නියම හොරුන්ට කරන ලොකුම සේවය බවද ඔහු පැවසුවේය.

අලි සබ්රි මහතා මෙසේ පැවසූවේ  දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.



අදහස් (10)

හොරු ඇල්ලීම බොරු බව අලි සබ්‍රි කියයි

Kazi Shajahan Thursday, 06 July 2023 04:43 PM

සබ්රිලා තමයි ලෝක හොරුන්ව ආරක්ෂා කරන්න උසාවියේ පෙනී සිටින්නේ .හොරුන් කියලා කියන්න ඕන නැහැ නේ

:       0       2

kamal Thursday, 06 July 2023 04:57 PM

දේශපාලනයට මුවාවී සිදු කරන හොරකම, දුෂණය නැවැත්විය හැකි එක කණ්ඩායමක් ඉන්නවා. ඒ අය ලබන සැරේ බලයට පත් වෙනවා.

:       1       2

Saman Thursday, 06 July 2023 04:58 PM

express pearl නැවේ වන්දියට මොනවද උනේ ?

:       0       2

මැක්ස් Thursday, 06 July 2023 05:03 PM

ජේවීපී එක තමුන්ගේ දායක සභාව සහ ⁣2000න් පසු ඉපදුනු "රෝං ජෙනරේෂන්" එක තමුන් වටා කරකවමින් තියාගන්න හදාගත්තු පුස් සටන් පාඨයක් තමයි "හොරු අල්ලමු" කියන්නේ. 2010 වගේ ඉඳලා ඕක ඇඳගෙන යනවා. ෆයිල් උස්සාගෙන ඇවිල්ලා බොරු මාධ්‍යහමු පවත්වනවා. හැබැයි තමුන්ට ආණ්ඩු බලය ලැබීත් අල්ලපු හොරෙක් නෑ. මතකයිනේ 2015 යහපාලන ගුබ්බෑයමේ රිංගාගෙන මොකක්දෝ කොමිටියකත් හිටියනේ නායක සහෝදරයා...

:       2       1

ගමේ එකාලා Thursday, 06 July 2023 05:19 PM

තමුන්ට ජාතික ලැයිස්තුවෙන් ඇවිත්, අධිකරණ ඇමැතිකම දුන්නෙත්, හොරු රකින්න වැඩකරපු නිසානේ...!

:       0       2

Nimesh Thursday, 06 July 2023 05:30 PM

මේ උන්දැට නම් හොරු ඇල්ලීම කෙසේවෙතත් හොරුන්ව නිදහස් කරගැනීමේ හොඳ පළපුරුද්දක් තියනවා...!

:       0       2

sena Thursday, 06 July 2023 05:50 PM

සර් තවම හොරු නොවන කණ්ඩායමකට බලය ලැබුණේ නෑ... ලබන සැරේ බලන්නකෝ...!

:       0       2

Nani Thursday, 06 July 2023 10:06 PM

ලී කුවන් යු කෙනෙක් කියලා ගෝටව ගේන්න කතාවක් කරපු මෙයත් ලොරි ටෝක් විතරයි. ඔක්කොම හොරු

:       0       3

Sam Friday, 07 July 2023 02:54 AM

නියම හොරුන්ව දන්නවා නම් අල්ලපියකෝ , බොරුවට සැබෑ හොරු , නිර්දෝෂී හොරු , කිය කිය දඟලන්නේ නැතිය

:       0       2

R.R.,G.Keerthirathna Friday, 07 July 2023 08:17 AM

සියයට සියයක් එකඟයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 578 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1289 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1252 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1398 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2247 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1254 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site