(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
උප පොලිස් පරීක්ෂකවරයකු බව පවසා නිවෙස්වලට ඇතුළු වී නිවෙස් පරික්ෂා කිරීමේ මුවාවෙන්, පුද්ගලයන් පැහැරගෙන ගොස් ,දේපල හා රන් භාණ්ඩ කොල්ල කා පළා යාමට පුරුදුව සිටි පුද්ගලයකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බව වැලිකඩ පොලීසිය පවසයි
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන රාජගිරියේ " ඌරු උක්කුවා " (34) සහ රාජගිරියේ "ෂාන් "(26) නැමැත්තකු බව පොලීසිය කියයි.
ඒ සමග සොරාගත් රුපියල් එක්ලක්ෂ හතලිස් හතර දහසක් වටිනා , ලැප්ටොප් පරිගණකයක් , මොනිටරයක් ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් පොලිස් භාරයට ගත් තිබේ.
මොවුන් දෙදෙනා නිරෝධායන ඇදිරිනීතිය පනවා තිබූ ඉකුත්දා රාජගිරිය උද්‍යාන මාවතේ පිහිටි පෞද්ගලික ආයතනයකට ඇතුළුවී ,එහි තිබූ රුපියල් 144000 වටිනා, ලැප්ටොප් පරිඝණකයක් , මොනිටරයක් ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් සොරාගෙන ගොස් තිබුණි .
පසුව ඒ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව, විමර්ශන සිදු කරමින් සිටියදී, පානය සදහා මිළදී ගත් හෙරොයින් වලට හිලව් කිරීම සඳහා ,පරිගණකයක් ලබා දුන් පුද්ගලයකු පිළිබඳ තොරතුරක් පොලීසියට ලැබුණු පසු
ඒ අනුව රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිවසක් වටලා , 26 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ලද තොරතුරකට අනුව , ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පසුව සැකකරුවන් ගෙන් ලද තොරතුරකට අනුව, රුපියල් දහදාහක් වටිනා, හෙරොයින් පැකට් 10 , හිලව් වීම සඳහා, විකුණා තිබූ ලැප්ටොප් පරිගණකය සහ, රුපියල් පනස් දහසක් වටිනා මොනිටරය ඇතුළු විද්‍යුත් උපකරණ තොගය රුපියල් හයදහසකට විකුණා තිබියදී සොයා ගත් බවත් පොලිසිය කියයි .
පසුව සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමේදී ,ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන "ඌරු උක්කුවා" දේපල සොරා ගැනීමක් සම්බන්ධයෙන් මිරිහාන කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින්
අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයකු බව පොලිසිය කියයි.
අනිත් සැකකරු තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සමඟ , ව්‍යාජ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින්, නිවෙස්වලට ඇතුළු වී, නිවෙස් පරික්ෂා කිරීමේ මුවාවෙන් පුද්ගලයින් පැහැරගෙන ගොස් , අතරමගදී ඔවුන් පැළඳ සිටින රන් ආභරණ හා මුදල් කොල්ලකා , මහ මග දමා යාමට පුරුදුව සිටි පුද්ගලයකු බවත් පොලිසිය කියයි .
එලෙස මුල්ලේරියාව පොලිස් වසමේ නිවසකට ඇතුළු වි, නිවස පරීක්ෂා කිරීමේ මුවාවෙන් , පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ,කොල්ල කන ලද , රුපියල් ලක්ෂ 3 ක් වටිනා, රිදී මුදු 08, සහ රන් මාලයක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හොර එස්.අයි ට වැඩ වරදී