(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙන් නොව තමා අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් රැජිනට ද්‍රෝහි වූ හැරී කුමරුට කෙදිනකවත් ආරක්ෂාව ලබා නොදෙන බව ඩේලි එක්ස්ප්‍රස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ඇමෙරිකාවට පැමිණීම සඳහා ආගමන ලේඛනවලට අසත්‍ය තොරතුරු ලබා දී ඇතැයි චෝදනා කරමින් හැරී කුමරුට එරෙහිව ගොනු කර ඇති නඩුවට ඔහු මුහුණ දුන් දිනට පසුදින ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කළේය.මෙම නඩුව හෙරිටේජ් පදනම මගින් හැරී කුමරුට විරුද්ධව ගොනු කර තිබිණ.
හැරී කුමරු මත්ද්‍රව්‍ය වලට පුරුදු වී සිටි බවට තොරතුරු ආගමන ලේඛනයෙන් වසන් කර ඇති බවත් ස්පෙයාර් චරිතාපදානයේදී මත් ද්‍රව්‍යවලට පුරුදු වී සිටි බව හැරී කුමරු පිළිගෙන ඇති බවත් හෙරිටේජ් පදනම ගොනුකර චෝදනාවේ සඳහන් වේ.
පසුගියදා පැවති එම නඩු විභාගයේදී හැරී කුමරු සිය චරිතාපදානය අලෙවි කර ගැනීමේ අරමුණින් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට අසත්‍ය තොරතුරු එහි සඳහන් කර ඇති බවට නීතිඥවරු තර්ක කළහ.
හැරී කුමරුගේ ආගමන තොරතුරු වසන් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා හැරී කුමරුට ආරක්ෂාව සපයන බවත් තමන් කෙදිනකවත් එසේ නොකරන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.එළිසබෙත් රැජිනට ද්‍රෝහි වීම කෙදිනකවත් සමාව දිය හැකි කරුණක් නොවන බවද ට්‍රම්ප් පැවැසුවේය.හැරී කුමරුගේ ක්‍රියා කලාපය නොසලකා හරිමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා හැරී කුමරුට ඕනෑවට වඩා කරුණාවන්ත වී ඇතැයි ට්‍රම්ප් සඳහන් කළේය.
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘හැරී කුමරුට කෙදිනකවත් ආරක්ෂාවක් දෙන්නේ නෑ’
Asanga Sunday, 25 February 2024 03:01 PM
ඉතින් අපේ රටට ඇති වැඩේ මොකක්ද? කවුරු හරි නෑයෝ ඉන්නවද මෙහෙ?
ravin Sunday, 25 February 2024 03:07 PM
පිස්සන්ගේ ලෝකයේ තවත් කෙනෙක් කතාකරයි...!