IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


හැර ගිය සීයට අනූවක් මහ ගෙදරට එනවා

 

(අංජුල මහික වීරරත්න)

විවිධ හේතු නිසා එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් සියයට 90ක් පමණ යළි එජාපය සමග එකතු වීමට සූදානමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය.

එම පාක්ෂිකයින් මෙන්ම වැඩ කරන ජනතාව සමග එක්ව ලෝක කම්කරු දිනයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජන බලය රටට පෙන්වන බවද රවී කරුණානායක මහතා කීය. 

කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් කරුණානායක මහතා මේ බව සඳහන් කළේය.

පටු දේශපාලන සහ බල අරමුණු වෙනුවෙන්  හතු පිපෙනවා සේ බිහි වන ජන පදනමක් නැති  දේශපාලන සන්ධාන වලින් රටට-ජනතාවට කිසිදු ඵලක් නැතැයි ද එවැනි දේශපාලන සන්ධාන බිහි වන වේගයට වඩා වැඩි වේගයකින් බිඳ වැටෙමින් පවතින්නේ යැයි ද රවී කරුණානායක මහතා කීය. 

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව සහ බල සම්පන්නව බලයේ සිටි සෑම අවස්ථාවකදී ම රට සංවර්ධනය වූ අතර පක්ෂය දුර්වල වූ සියලු අවස්ථාවල දී රට බංකොලොත් වූයේ යැයි ද කරුණානායක මහතා කීය.

 

 



අදහස් (15)

හැර ගිය සීයට අනූවක් මහ ගෙදරට එනවා

DW anilkumara Friday, 05 April 2024 09:22 AM

චන්දය තියනකන් දිනල‌ ඉන්නෙ

:       7       27

Senarath Friday, 05 April 2024 09:57 AM

මේ වගේ හොරු කරපු තක්කඩි කම් ,ජඩ කම් නිසා තමා UNP එකට මෙහෙම උනේ

:       3       29

ලංකාපුත්‍ර Friday, 05 April 2024 10:44 AM

මේ වගේ අය නිසා නොවෙයි, ප්‍රේමදාසලා නිසා තමයි එජාපය විනාශ වුනේ කියලා කියන්න පුළුවන් බත් දුන් පියා ලෙසට විරුධාවලිය ලැබූ ඩඩ්ලි මැතිතුමා සමග මුලින්ම ගැටළු ඇතිකරගත් ප්‍රේමදාස ඔහුට බලය ලැබුණාම රටේ සම්පත් හැටියට සැලකිය හැකි උගතුන්, බුද්ධිමතුන් දෙදෙනෙක් වන පක්ෂයේ ජ්‍යේෂ්ඨ ජනහිතකාමීන් වන ලලිත් ගාමිණී දෙපල පක්ෂයෙන් නෙරපා පක්ෂය විනාශ කළා... ඊළඟට 2019 නොට්ටිගේ පුතා වෙන්න අකමැති ඔහුගේ පුතා පක්ෂය කඩාගෙන ගොස් එජාපය නැත්තටම නැතිකළා... මේ තත්වය මත ගමේ සාමාන්‍යයෙන් සාමාජිකයින් පමණක් නොවෙයි පක්ෂයේ සංවිධායකලා පවා දැනට දැඩිසේ අපේක්ෂා භංගත්වයට පත්වෙලා තමයි ඉන්නේ... එනිසා ඉක්මන් විසඳුමක් ගන්නවා නම් හොඳයි...

:       15       20

චන්දන Friday, 05 April 2024 11:33 AM

මොට්ටලකාපුත්‍ර, සජිත් unp එකෙන් ගිය නිසා ඒ ඡන්ද ටික අද සජිත්‍ට තියනවා. එසේ නොගොස් unp එකේම හිටියා නම් රවීට වුණුදේම සජිත්ටත් අද වෙලා. unp එකට හිටපු ආකර්ශනීය නායකයා සජිත්. ඒත් unp එක කාලා විනාශ කරපු ටික... රනිල් එක්ක ගේම් ගහලා ඒ පිරිසට පක්ෂය එපා කෙරෙව්වා.

:       10       7

P.d goonawardene Friday, 05 April 2024 10:13 AM

990% ඔයාලා කරපු දේවල් අමතක නෑ.

:       3       20

Buddika Friday, 05 April 2024 10:21 AM

මම ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. අපේ ගමට අයිති ඡන්ද 6000ට වඩා තියනවා. ඉස්සර ඒකෙන් 4500ක් විතරම unp. ඒත් අද unp ඡන්ද 50ක් හොයාගන්න නෑ. ඒ තරමට ජනප්‍රියයි. unp එක විනාශ කලේ, රනිල්, රවී, අකිල, වජිර, සාගල, රන්ගේ කියන පිරිස. අද unp තුළ ජනතා ආකර්ශනය සහිත කිසිවෙක් නෑ. කොටින්ම ඡන්ද පත්‍රිකාවක් බෙදන්න unp එකට මනුස්සයෙක් හොයාගන්න බෑ. ගෙදරකට ඡන්දෙ ඉල්ලගෙන යන්න බෑ. ඒ තරමට ජනප්‍රියත්වය...

:       11       21

surinda Friday, 05 April 2024 10:34 AM

හිතට එන දේ කියනවා නේද? අනිත් වැඩත් ඔහොම ඇති නේද? උත්සාහ ගන්නේ රටක් පාලනය කරන්න නේද?

:       7       13

Sri Lankan Friday, 05 April 2024 10:49 AM

මුන් නම් හොර ගෙඩියා බව ජනතාව දන්නවා.

:       6       15

Shan Friday, 05 April 2024 11:22 AM

මහ බැංකු හොරුන්...!

:       5       11

ranjith Friday, 05 April 2024 11:44 AM

මහගෙදරට එන්නේ කවුද? ජනතාව නම් එන්නේ නෑ... ඡන්දෙ තියනකන් බලාඉන්නේ එතකොට මහගෙදරටම වෙලා කට්ටිය ඉන්න පුළුවන්.

:       4       10

Nimal Friday, 05 April 2024 12:22 PM

පව් නේ, තව ටික කාලයක් ඔහොම කියන්න දෙමු. ඊට පස්සේ හිරේදී මොනවා කරන්න ද?

:       5       10

ගමේ එකාලා Friday, 05 April 2024 03:09 PM

තමුන්ගේ ආසනයෙනුත් පැරදුණු කෙනා මොනවා කියනවද මන්දා?

:       3       4

විජිත් Friday, 05 April 2024 05:28 PM

මෝඩයා, මහා ගෙදරට නොවෙයි "මහ උළු ගෙදරට" ළඟදීම යන්න ලැහැස්ති වෙනවා.

:       0       3

Dasa P Friday, 05 April 2024 05:57 PM

මහගෙදර කිව්වේ කොයි ගෙදරද? අර එපාර්ට්මන්ට් එකද?

:       0       3

රවී Friday, 05 April 2024 07:11 PM

එපාර්ට්මන්ට් එක ගැන මට මතක නැහැ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 141 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 161 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 234 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 215 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 223 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 152 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site