IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


හොර තක්කඩි එලවීම භාවනාවෙන් කරන්න බැහැ

(සුජිත් හේවාජුලිගේ)

ලෝකයේ අරගල සාමකාමී නැති බවත් රටක  හොර තක්කඩි එලවීම භාවනා කර පන්සිල් අරගෙන  කළ නොහැකි බවත් සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  ෆීල්ඩ් මාර්ෂල් සරත්  ෆොන්සේකා මහතා පැවසීය.

ව්‍යවස්ථාවට අනුව අරගල කළ නොහැකි බව පැවසූ ෆොන්සේකා මහතා ඉන් පිට ගිහින් අරගල කර අරමුණු ජය ගත යුතු බවද  සඳහන් කළේය.

අරගලයකදී ජිවිත පුජා කිරීමට අවශ්‍ය වුවහොත් ඒ  සඳහාද සූදානම් විය  යුතු බවත් එවිට  එම ජිවිත පුජා කළ අය ජනතාව වීරයන් සේ සමරනු ඇති බවත් ඔහු  පැවසුවේය.

අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු කළහොත් 20ක් 25ක් මිය යා හැකි බව සඳහන් කළ ෆොන්සේකා මහතා එවැනි ප්‍රහාර වලින්  අරගලය නොනවතින  බවද  ප්‍රකාශ කළේය.

එවැනි අවස්ථාවලදී ජාත්‍යන්තරය  මැදිහත්වී ගුවනින් ඇවිත් හමුදාවට පහරදී මුලස්ථාන පවා සුනු විසුනු කළ හැකි බවත්   මැද පෙරදිග රටවල  ඒ සඳහා උදාහරණ ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.

ජනතාවට පහර දුන්නොත් එවැනි දේවල් සිදුවන්නැයි  තමා ප්‍රාර්ථනා කරන බවද ඔහු සඳහන් කළේය.

අද රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බවත් සමහර දරුවන් හිරේ සිටින ආකාරය  තවත් දරුවන්  හැංගි සිටින බවත් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ජනතාවට පහර දීම සම්බන්ධයෙන්වන  අණ පිළිනොපදින්නැයි   හමුදාවට නැවත වතාවක් අවධාරණය කර සිටින බව පැවසූ හෙතෙම   හමුදාව ව්‍යවස්ථාව ආරක්ෂා කළ  යුතු බවද කියා සිටියේය.

අරගලය ඇතුළත  විවිධ කණ්ඩායම් සිටින බවත් මුදල් ලැබෙන කණ්ඩායම්ද  සිටින බවත් ඔහු කීවේය.

රාත්‍රියේ දේශපාලකයන් සමග කා බි උදේ අරගල භුමියේ සිටින කණ්ඩායම්ද  සිටින බව  ෆොන්සේකා මහතා සඳහන් කළේය.

අරගලය සන්නද්ධ අරගලයක් නොවුණහොත්  හොඳ යැයිද  හෙතෙම පැවසීය.

පාලකයන් දූෂිත නම් ඔවුන් එළවා දැමිය යුතු බවත් අරගලය වෙනුවෙන් ඕනෑම අයකු සමඟ කතා කිරීමට තමා සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.

අරගලය නිර පාක්ෂික එකක් බව පැවසූ ෆොන්සේකා මහතා දේශපාලන න්‍යාය පත්‍රයක් නොමැති  ආරම්භවූ අරගලය හරහා නායකයන් ඉදිරියේදී  බිහි වනු ඇති බවද  ප්‍රකාශ කළේය.

අරගලය වෙනුවෙන් තමා නීතිඥවරුන් එක්දහස් පන්සියයක් එකතු කරගෙන යන බවත්  විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම්ද  සම්බන්ධ කර කරගැනීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසූවේය.

සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ අන්තර්ජාල වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.



අදහස් (32)

හොර තක්කඩි එලවීම භාවනාවෙන් කරන්න බැහැ

යෝගා Friday, 05 August 2022 02:10 PM

දැන් නම් හොඳටම මොලේ කචල් වගේ. මෙයාත් අවුරුදු 73 ක සීයා කෙනෙක්නේ...

:       45       204

senaFriday, 05 August 2022 07:08 PM

සරත් ෆොන්සේකා යුද්ධය කාලේ සිටියේ කොළඹ, යුද්ධය කළේ ශවේන්ද්‍ර සිල්වා සහ කමල් ගුණරත්න ඇතුළු පිරිස...!

:       15       85

KalaweddaSaturday, 06 August 2022 08:49 AM

අනේ සේන, උඹ වගේ මෝඩයෙක් තවත් නැතුව ඇති .යුද්ධය කරන්නයි සැලසුම් සකසා අවශ්‍යතාවන් තීරණය කර පහසුකම් සැලසීමයි කරන්න ප්‍රධානියා විමසිල්ලෙන් ඉන්න ඕන .හමුදාපති යුද්ධයට ගිහිල්ලා යුද්ධය කරන්නෙ කොහොමද .යකෝ ඉක්මනින් පළයං ළදරු පාසැලකට .

:       0       1

kamalSaturday, 06 August 2022 11:00 AM

ශවේන්ද්‍රටත් කමල්ටත් යුද්ද කරන්න කියා දුන්නේ, සැලසුම හදා දුන්නේ, අණදුන්නේ ඔබද? නොදන්නා දේවල් කතා නොකර පුන්නක්කු භාවිතේ අඩුකර ගන්න....

:       0       0

Demi Friday, 05 August 2022 02:13 PM

මේවා මෙයාගේ පක්ෂය පිළිගන්නවාද? මොකද මෙයා කියන්නේ? මෙයාට ජනාධිපති වෙන්න ක්‍රමයක්නේ. 89 කැරැල්ල කාලේ ත්‍රිකුණාමලය මර්ධනය බාරව හිටියේ කවුද? වැඩකළේ කොහොමද? බිල්ල කවුද? අද බිල්ල කොතැනද ඉන්නේ කියලා මිනිස්සු දන්නවා..

:       28       111

sharm warnFriday, 05 August 2022 02:54 PM

89 දී ගෝඨාභය සහ රනිල් හිටියේ කොහේද? මොනවද කළේ කියලා දන්නවද? එයාලගේ කිල්ලෝටවලත් හුණු තියෙනවා කියලා මතක තියාගන්න. එයාලගේ කිල්ලෝටවල හුණු ගොඩගැහිලා උතුරලා යනවා...

:       68       16

විජිත් Friday, 05 August 2022 07:20 PM

88-89 භීෂණ කාලයේ ෆොන්සේකා මහත්මයා රාජකාරි කලේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉහළ හමුදා නිලධාරියෙක් ලෙසයි. ඔහුට බාරවූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ට කිසිම හිරිහැරයක් සිදුකළේ නැත. ඔහු කළේ ඒ සියලුදෙනාගේම වාර්තා රැගෙන කොළඹට යැවීමයි. වාසනාවකට.... කුමාර් ගුණරත්නම්ලා අදත් ජීවත්වන්නේ ෆොන්සේකා මහත්මයා ඇතුළු එදා ත්‍රිකුණාමලේ ප්‍රදේශයේ සිටි හමුදා නිලධාරීන්ට පින්සිදු වන්නටයි...!

:       8       25

gamage Friday, 05 August 2022 02:42 PM

ඔබ දකුණේ සිංහයෙක්... ජයවේවා..!

:       110       43

සමන්Friday, 05 August 2022 04:20 PM

අම්බලන්ගොඩ ප්‍රදේශයටත් ලැජ්ජාවක්. එතකොට තමුන් රාජ්‍ය මර්දනයේ කොටසක් වෙලා හිටියා කියලද කියන්නේ? මැරෙන්න කලින් ජනාධිපති වෙන්න ඕන නිසා අනික් මිනිසුන්ව මරණයට යොමු කරන්න හදන මොහුගේ මොළය දැන් නම් වහාම පරීක්ෂා කළ යුතුයි.

:       18       50

මැක්ස් Friday, 05 August 2022 03:27 PM

මෙයාගේ කතාව පරස්පරයිනේ... "දරුවන්ට" කියනවා ව්‍යවස්ථාව කඩන්නලු. හමුදාවට කියනවා ව්‍යවස්ථාව රකින්නලු... ඒ කියන්නේ ව්‍යවස්ථාව කඩන්න එන "දරුවන්"ගෙන් ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න මෙයාගේ අහිංසකයි. රටක් වටී දරුවන්ට වෙඩි තියන්න වෙනවා... මෙහෙව් මිනිහෙක් එක්ක මහින්දලා, ගෝඨලා, කරන්නාගොඩලා, රොෂාන් ගුණතිලකලා, සරත් වීරසේකරලා ඇතුලු රණවිරුවන් කොහොම ප්‍රභාගේ ත්‍රස්තරැල විනාශ කළාද මන්දා...?

:       15       85

Jcn Friday, 05 August 2022 03:30 PM

මෙයාට මාත් එකපාරක් ඡන්දෙ දීලා තියෙනවා. අයියෝ සල්ලි...!

:       15       57

Bandara Friday, 05 August 2022 03:43 PM

තණ්හාය ජායතී සෝකෝ...!

:       15       59

Senaka Friday, 05 August 2022 03:59 PM

දැන් නම් අපිටත් තේරෙනවා... ඇයි ජනාධිපතිවරණෙන් පස්සේ මෙයාව ටික කාලයක් කූඩුකරලා තිබ්බේ කියලා... අපි කැමති නෑ කවුරුවත් හිරගත වෙනවාට... ඒත් මහත්තයෝ ඔබතුමාගේ ඔය ඔලමොට්ටල අදහස් ටික (පුද්ගලයා නොවේ) කූඩු නොකළොත් රටේ මිනිස්සු එකඑකා මරාගෙනම රට ඉවර කරාවි. දැක්කනේ තෙල්පෝලිම් වල තත්වේ..නේ..?

:       13       64

kamalFriday, 05 August 2022 04:55 PM

මීළඟ පරම්පරාවට "තෙල් පෝලිම්" ඇති නොවෙන්න සිස්ටම් චේන්ජ් කරන්න කියලයි මෙතුමා කියන්නේ. මේක තේරුම් ගන්න නම් පුන්නක්කු භාවිතේ අඩු කරගන්න...

:       42       11

SenakaSaturday, 06 August 2022 09:38 AM

මම නම් පුන්නක්කු භාවිතා කරලම නෑ. ඔබතුමා නම් සෑහෙන පාවිච්චි කරන බව පේනව. මෙයා මේ වලි කන්නේ තෙල් පෝලිම් අඩු කරන්න නෙමේ, අගමැති, ජනපති වගේ ඉහල තනතුරක් ගන්න අරගෙලේ ඉන්න ගොන් සෙට් එක කුලප්පු කරවන්න. රට දියුණු කරන්න ඉස්සෙල්ලා රටේ හරක් ටිකේ ආකල්ප දියුණු කරල ඉන්න ඕන. නැත්තන් එන එන එකා එලව එලව ඉන්නව මිසක් රටේ කර්මාන්තයක් කරලා රටට ආදායම් ගේන එකක් නෑ. උන්ට එන්ජීඕ වලින් සල්ලි ආවට රටේ අනිත් උන් තමන් හම්බ කරන් ජීවත් වෙන්න ඕන.

:       1       1

සලීම්Saturday, 06 August 2022 07:40 AM

මේ සරත් ෆොන්සේකාට බැනලා තියෙන ඔක්කොම කමෙන්ට් දාලා තියෙන්නේ පුන්නක්කු කන බයියන් ටික. මෙච්චර රටට කෙලවෙලා තියෙන්නේ හොර තක්කඩි දේශපාලුවන් හොර පාරෙන් ආණ්ඩු හදාගෙන රට පොළොවට සමතලා කරනවා. සරත් ෆොන්සේකාගේ එඩිතර සත්‍ය අදහස් දැක්වීම... රටේ බුද්ධිමත් ජනතාව ඔබ සමගයි.

:       0       0

kamalSaturday, 06 August 2022 10:52 AM

මෙයා ඉන්නේ හොරු රකින්නත්, එයට විරුද්ධ වෙන්නන්ට රාජ්‍ය මර්දනේ යොදා ගන්නත් කියලා මට තේරෙන නිසා මම පුන්නක්කු නොබොන බවත්, ඒක තේරුම් ගන්න බැරි ඔහේ නම් තදින්ම පුන්නක්කු වලට වහවැටිලා ඉන්න බව ඔප්පු වෙලා තියෙනවා.

:       0       0

sam Friday, 05 August 2022 04:06 PM

ලංකාවේ ඉහළ පිළිගැනීමක් තිබුණු හමුදා නිලධාරියෙක් වෙච්චි ගෝඨාභය දේශපාලනයට ඇවිල්ලා කරපු විනාශයට දැන් මුළුරටම වන්දි ගෙවනවා. ගෝඨාභයටත් වඩා ඉහළ පිළිගැනීමක් ඇති හමුදා නිලධාරියෙක් වුණු සරත් ෆොන්සේකා ගෝඨාභයටත් වඩා විශාල විනාශයක් කරලා, එයත් විනාශ වෙන්න උත්සාහ කරනවා...

:       9       52

kamalSaturday, 06 August 2022 11:18 AM

ගෝඨාගේ හමුදා නිලය මේජර්... හමුදාවේ මේජර්ලා ඕසේට ඉන්නවා. සරත් ෆොන්සේකා වගේ ඉහළ නිලයක් දරපු කෙනෙක් නෙමෙයි. ගෝඨා යුද භූමියට යන්න බයේ හමුදාවෙන් පැනලා ගිහින් ඇමරිකාවේ සරණාගතයෙක් විදියට ජීවත් වුණු කෙනෙක්.... ජනාධිපතිකම දාලා පැනලා ගියා වගේම. පස්සේ අයියා ජනාධිපති නිසා බෙරගහලා ගෙන්නවලා ආරක්ෂක ලේකම් කියන දේශපාලන පත්වීම දුන්නා. සරත් ෆොන්සේකා මෙයාව පාවිච්චි කරලා හමුදාවට අවශ්‍ය පහසුකම් සපුරාගෙන යුද හමුදාව නිවැරදිව මෙහෙයවලා යුද්ධය ජයග්‍රහණය කළා...

:       0       0

kamal Friday, 05 August 2022 04:41 PM

අද තියෙන්නේ පාර්ලිමේන්තු ඒකාධිපති වාදය බව මෙතුමා තේරුම් ගැනීම ඉතාම හොඳයි. ඒ නිසයි ජේ.ආර් කිව්වේ මේ ව්‍යවථාවෙන් බැරි ගෑණියෙක්, මිනිහෙක් කරන එක විතරයි කියලා. මේ පාර්ලිමේන්තුවේ පවතින්නේ ජනතා පරමාධිපත්‍යය රකින්න නෙමෙයි.. තමන්ගේ බඩ වියත රැක ගැනීමටයි. ඒකාධිපති වාදය මූලික අවිය තමයි රාජ්‍ය මර්දනය, භීතිය සහ ජනතා පීඩිත නීතියයි. ඒකාධිපති රටක ඉන්නේ යටත් වැසියන් හෙවත් වහල්ලුයි... ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉන්නේ නිදහස් වැසියෝයි...

:       42       9

surath Friday, 05 August 2022 05:48 PM

දාගෙන ඉන්න කණ්ණාඩි ගලවලා කියන්නේ... මොනවද සිහිබුද්ධියෙන් හිතන්නේ...? පක්ෂපාටවල වහල්ලු වෙන්න එපා...

:       2       42

K Perera Friday, 05 August 2022 06:05 PM

ගියපාර කුදලාගෙන ගිය විදිහට නෙවෙයි. මේපාර කුදලාගෙන ගිහින් රිමාන්ඩ් කරන්නේ...! රෑ වැටුණු වලේ දවල් වැටෙන්න දඟලන්න එපා...

:       8       46

K Perera Friday, 05 August 2022 06:41 PM

‘‘හොර තක්කඩින් එළවීම භාවනාවෙන් කරන්න බැහැ‘‘ ඉතින් ඕකමනේ ජනාධිපතිතුමත් කරන්න යන්නේ...!

:       9       39

kamalSaturday, 06 August 2022 11:02 AM

පිනා ජනාධිපති කරන්නේ හොර තක්කඩි රැල රකින එකයි. මෙයා කියන්නේ තක්කඩි රකින පිනා ජනාධිපතිට විරුද්ධව නැගී සිටින්නයි. පුන්නක්කු බොන වහලුන්ට මේක වැටහෙන්නේ නැහැ....

:       0       0

SK Friday, 05 August 2022 08:37 PM

මාව ජනාධිපති කරන්ඩ අයියෝ........

:       0       22

ජයලත් Saturday, 06 August 2022 04:36 AM

එතකොට ප්‍රභාකරන් මිනිහත් අරගල කරුවෙක් නෙවෙයිද ඌට වෙඩිතියල මරද්දි නම් එහෙම දෙයක් උනේ නැහැ නේද? බලලෝබී දෙශ්පාලකයෙක්.

:       2       0

kamalSaturday, 06 August 2022 11:06 AM

ප්‍රභාකරන් නැගී සිටියේ රට විනාස කරන, රටේ අනාගතේ විනාශ කරන පාර්ලිමේන්තුවේ හොර තක්කඩි රැලට විරුද්ධව නොවෙයි.

:       0       0

Lelwala Saturday, 06 August 2022 07:29 AM

මේ මනුස්සයා විශ්වාස කරන්න එපා. ඔහු දේශපාලකයෙක් නොවේ... ඔහු බලයට ආවොත් කාටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ..

:       0       0

ruwan Saturday, 06 August 2022 07:32 AM

තව රට කන්නයි හදන්නේ...!

:       0       0

Lalsenarath Saturday, 06 August 2022 08:40 AM

චීනයට ඕනෑ හමුදා පසුබිමක් ඇති, දරුණු කම ලියවිලා තියන පාලකයෙක්! ඉන්දියානු සාගරයේ ආධිපත්‍ය සඳහා! ලංකාවේ ජනයාගේ යහපතට නොවෙයි!

:       0       0

kamal Saturday, 06 August 2022 10:47 AM

මැක්ස්, මේ පරස්පර කතාවත් ඉතිසාසයෙන් ඉගෙන ගන්න. 1963දි ලි කිවාන් යූ සිංගප්පුරු වැසියන්ට කිව්වා අපේ අනාගතේ තියෙන්නේ මැලේසියාව සමග එකතු වීමෙන් පමණයි කියලා. එහෙම කියලා එයා විශාල ඡන්ද ව්‍යාපාරයක් ගෙනාවා හැමෝගේම... කැමැත්ත ගන්න... ඊට පස්සේ මැලේසියාව සමග එකතුවීමේ සාකච්ඡා බිඳ වැටුණා. ඊට පස්සේ එයා සිංගප්පූරුව වටේ ගියා.. අපේ අනාගතේ තියෙන්නේ මැලේසියාව සමග එකතු නොවී ස්වාධීන වීමෙනුයි කියලා. කොහොමද පරස්පරේ...? සිංගප්පුරු මිනිස්සු ඒ වතාවේත් ලී ක්වාන්ව විශ්වාස කරලා සිංගප්පූරුව ස්වාධීන වෙන්න ඡන්දේ දුන්නා. ඉතුරු ටික හැමෝම දන්නා නිසා නොකියා සිටින්නම්... පුන්නක්කු භාවිතේ අඩු කරලා ලෝකේ, රටේ ගැන බුද්ධිය දියුණු කරගන්න කට අරින්න කලින්...!

:       0       0

Bamunuarachchi Sunday, 07 August 2022 06:56 PM

බැටන් පොල්ලෙන්ම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 136 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 132 0


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 142 0


ජා-ඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 164 0



මහරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 340 0

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 571 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site