(ඉන්දිකා රාමනායක සහ මනෝප්‍රිය ගුණසේකර)
නිසි ක්‍රමවේදයකින් නොමැතිව ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් කුප්පි මීළදී ගෙන රජයේ රෝහල්වලට බෙදාහැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය හා එහි සංවර්ධන මුල්‍ය අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 9 ට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව මොවුන් අද පෙරවරු 8.00 පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටි අතර, මෙම ප්‍රශ්න කිරීම පස්වරු 4.00 දක්වා සිදුකෙරිණි.
ඖෂධ මිළදී ගැනීමට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ ඒ සදහා ලබා දුන් මාර්ග උපදේශනය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම් සිදු කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මුදල් අමාත්‍යාංශයේ තවත් කිහිප දෙනකුගෙන් ඉදිරියේ දී ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධියේ විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත පයාගල මහතා ගේ මෙහෙවීමේ මෙම විමර්ශන සිදුකෙරේ.
සිද්ධියේ සම්න්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අවස්ථා කිහිපයක් වෛද්‍ය සැපයුම් අංශයේ පරික්ෂාවට ලක්කර එහි ලිපිලේඛන රැසක් සිය බාරයට ගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි.
නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර බෙහෙත් සිද්ධියට මුදල් අමාත්‍යංශයේ දෙදෙනකුගෙන් ප්‍රශ්න කරයි