(ටී.කේ.ජී.කපිල)
රට පුරා පුද්ගලයන් 119 දෙනකු රවටා රුපියල් කෝටි 41කට වැඩි මුදලක් වංචා කර ඇතැයි කියන අන්තර් ජාලයේ සැරිසරන ව්‍යාජ රැකියා නියෝජිතයන් පිරිසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.
මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් කළ විමර්ශනයකදී මේ තොරතුරු අනාවරණය වී ඇත.
අන්තර්ජාලයේ ෆෙස්බුක් ඔස්සේ හඳුනාගෙන තිබූ ව්‍යාජ රැකියා නියෝජිතයන් යුරෝපයට, ඕස්ට්‍රේලියාවට, ජපානයට, ඉතාලියට, නවසීලන්තය සහ ප්‍රංශය වැනි සංවර්ධන වූ රටවලට යවන බවට පොරොන්දු වී මෙලෙස මුදල් වංචනික ලෙස රවටා ලබාගෙන ඇතැයි කියති.
මෙම ව්‍යාජ රැකියා නියෝජිතයන් පැමිණිලිකරුවන්ගෙන් පිරිසක් රවටා මුදල් ගැනීමෙන් පසු ඔවුන් තාවකාලික වීසා බලපත්‍ර සකස් කර ඉන්දියාව, සිංගප්පූරුව සහ ඩුබායි රාජ්‍යයට රැගෙන ගොස් අතරමං කර දමා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙවැනි පැමිණිළි 95ක් ඉකුත් වසරේදී මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබී තිබිණි.
එසේම මේ වසරේ මේ දක්වාද මෙවැනි පැමිණිලි 45 ක් මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී ඇත.
පැමිණිලිකරුවන්ගෙන් ඇතැමෙක් මීගමුව පොලිස් කොට්ඨාසයේ පදිංචිකරුවෝ වෙති.
තිස්සමහාරාමය, ගල්නෑව, මීගමුව ප්‍රදේශවල ව්‍යාජ රැකියා නියෝජිතයන් පිරිසකට එරෙහිව ද කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මෙසේ පැමිණිලි කර ඇත.
මෙවැනි වංචනික රැකියා නියෝජිතයන් ලෙස පෙනී සිටි පුද්ගලයන් 83 දෙනෙකු ගිය වසරේදීත් තවත් 24 දෙනකු මේ වසරේදීත් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර රැකියා නියෝජිතයෝ කෝටි ගණන් ගරලා