IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හොර ලේඛනවලින් විකුණන්න හැදූ සැප ජීප්රියක් කෝටිපතියකුගේ ගෙදර

(ඉන්දිකා රාමනායක)

රජයට  විශාල බදු  මුදලක්  අහිමි කරමින්   නීති විරෝධි ලෙස මෙරටට   රැගෙන ආ රුපියල් කෝටි 8 ට අධික වටිනා නවීන අධි සුඛෝපභෝගි  ජිප් රථයක්  ව්‍යාජ ලේඛණ  සකස්කර රුපියල් කෝටි 4 ක මුදලකට අලෙවි කිරීමට   කුරුණෑගල ප්‍රදේශයේ   කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ   සඟවා තිබියදි  පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරය ඒකකය  විසින් අද  (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ ඇත.

2020  වසරේ ජපානයේ නිෂ්පාදිත මෙම  සුඛෝපභෝගී ජිප් රථය ව්‍යාජ ලේඛණ සකස් කර මෙරටට ගෙන්වා ඇත්තේ කොළඹ  ප්‍රදේශයේ   පදිංචි ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්  බවට පොලිසිය යොරතුරු හෙළි කරගෙන ඇත.

 සුඛෝපභෝගී ජ්ප්  රථයක් වටිනාකමින් අඩු මුදලකට අලෙවි කිසිරීමට සුදානමින් සිටින බවත්, මෙහි කිසියම් වංචාවක් ඇති බවට පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂවරයාට ලද බුද්ධි තොරතුරකට අනුව    නිලධාරීන්  කුරුණෑගල නගරයේ සති කිහිපයක් ආවේක්ෂණ රාජකාරියේ යෙදී සිටි ඊයේ  දහවල් මෙම  වාහනය අත්අඩංගුවට ගෙන තිබුණි.

 සැකකාර වෛද්‍යවරයා  මෙම  මෝටර් රථය අලෙවි කිරීම සදහා කුරුණෑගල  ප්‍රදේශයේ  තවත් කෝටිපති ව්‍යාපාරිකයකුට ලබා දී ඇති අතර, ඔහු එම වාහනය කුරුණෑගල නගරයේ පදිංචි  තවත් කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ සඟවා තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 මෙම වාහනයේ  මුල් අයිතිකරු වශයෙන් රථය  ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ   ලියාපදිංචිකර ඇත්තේ   වෙනත්  ව්‍යාපාරිකයකුගේ නමින් බවත්, පොලිස් නිලධාරීන්   එම ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කිරීමේ දී මේ ආකාරයේ  වාහනක් තමන් සතුව නොමැති  බවට   ප්‍රකාශ කර ඇත.

 මෙම වාහනයේ දෙවන අයිතිකරු වශයෙන් බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු නම ලියා පදිංචි කර ඇති බවත්,  මෙම වාහන  ඔහු ගේ ද යන්න හෙළි කර ගැනීම සදහා  ඔහුගෙන් ද ප්‍රකාශ සටහන් කරගන්න බව පොලිසිය කියයි.

මෙම වාහන  සම්බන්ධයෙන්   පැවති ලිපි ලේඛණ   සහ අදානම් බදු ගෙවු බවට  සදහන් ලිපි ලේකණ රැසක්ම ව්‍යාජ බවද   පොලිසිය පවසයි.

 සැකකාර වෛද්‍යවරයා    රේගු   වේ කිසිවකුගේ සහයෙන්  රජයට විශාල බදු මුදලක් අහිමි කරමින්  කූඨ ලේඛය සකස් කර  මෙම මෝටර් රථය මෙරටට ගෙන්වා ඇති බවත්,   මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  කිසිවකfුග් සහයෙන් එය    වෙනත් අයගේ නම් වලින් ව්‍යාජ ලෙස ලියා පදිංචි කර ඇති බවට සැකකරන බවත්,  ඒ අනුව මෙම සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදුකරන බවද පොලිසිය පවසයි.



අදහස් (2)

හොර ලේඛනවලින් විකුණන්න හැදූ සැප ජීප්රියක් කෝටිපතියකුගේ ගෙදර

ආසිරි Tuesday, 12 September 2023 09:10 PM

බලන් ගියාම දොස්තරලයි, ආදායම් බදු නිලධාරියෝයි, මෝටර් රථ එකේ උසස් නිලධාරියෝයි සේරම පට්ට හොරුනේ... දේශපාලකයින්ට බැන්නාට මේ රට මේ මිනිස්සු එක්ක කොහොම හැදෙන්නද? විශ්වාස කරන්න පුළුවන් එකම එක මිනිහෙක් වත් නැතුව...!

:       0       3

Nimal Wednesday, 13 September 2023 08:34 AM

අධික තණ්හාව නිසා වෙන දේවල්...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 30 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 175 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 252 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 448 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 157 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 116 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site