(ටී.කේ.ජී.කපිල)
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ජර්මන් වීසා බලපත්‍ර උපයෝගී කර ගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ජර්මනිය වෙත පැනයාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අද(07) කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
මේ අතරින් දෙදෙනෙකු මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මවක සහ ඇයගේ 09 හැවිරිදි පුතු ය.අනෙක් පුද්ගලයා 34 හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොවුන් තිදෙනා ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සදහා එමිරේට්ස් ගුවන් සේවා කවුළුව වෙත පැමිණි අවස්ථාවේ, ඔවුන් ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍ර වල සටහන් කර තිබූ ජර්මානු වීසා බලපත්‍ර පිළිබඳ සටහන් , ගැටළුකාරී තත්වයක් මතු කර තිබූ නිසා මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
මෙවැනි ගැටළු සහගත ලියකියවිලි සහිත ගුවන් මගීන් රැගෙන ගියහොත්, එම ගුවන් සේවයේ වියදමින්ම ආපසු ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට ද සිදුවීම ජාත්‍යන්තර ගුවන් ගමන් පිළිබඳ නීතියයි.
එහිදී එම නිලධාරීන් කළ මූලික විමර්ශන වලදී සහ මොවුන් තිදෙනා ඉදිරිපත් කළ ලියකියවිලි තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් පසු, මොවුන් සතුව තිබූ ජර්මානු වීසා බලපත්‍ර, ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ තිබූ ඒවා බවට කරුණු අනාවරණය විය.
එමෙන්ම වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරු ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රය ද වෙනත් පුද්ගලයෙකුගේ තොරතුරු ඇතුළත් කර සකස් කර තිබූ අතර, එහි වූ ඉතාලිය, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාවේ ආගමන විගමන මුද්‍රා සහ පිටසන් කිරීමේ සටහන් සියල්ල ද ව්‍යාජ ඒවා බවට තාක්ෂණික පරීක්ෂාවලදී තහවුරු විය.
ඉන්පසුව මොවුන් තිදෙනා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොර වීසා යොදා රට පනින්න හැදූ 3ක් කටුනායකදී දැලේ
Nizad Sunday, 07 February 2021 04:28 PM
ඔය අයට යන්න දෙන්න තිබුණේ...
kamal Monday, 08 February 2021 03:17 AM
මේ පාරාදීසේ දාලා යන්න කැමැති ඕනෑ කෙනෙකුට යන්න දුන්නාම මොකද? මේ වගේ රටක් තව කොහෙන් හොයන්නද?