(ලක්මි කුඩලිගම)
වෙළෙඳසල්වලට ව්‍යාජ මුදල් නෝට්ටු දී භාණ්ඩ හා ඉතිරි මුදල් රැගෙන පලා යන කූට ජාරම් කාරියක සහ ඇගේ 16 හැවිරිදි දියණිය ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රදේශයේ පදිංචි මවක සහ දියනියක සමග ඔවුන් පැමිණි කූලි රථය පැදවූ රියදුරු වන කළුතර දකුණ පදිංචි 43 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
බුලත්සිංහල කලවැල්ලාව ප්‍රදේශයේ වෙළෙඳ සැලකට රුපියල් 5000ක ව්‍යාජ මුදල් නොට්ටුක් දී භාණ්ඩයක් හා ඉතිරි මුදල් රැගෙන කාර් රථයකින් කලවැල්ලාව සිට අගලවත්ත දෙසට එමින් සිටියදී අගලවත්ත පොලිසියට ලද තොරතුරක් මත ඔවුන් පැමිණි රථයද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ ව්‍යාජ මුදල් ලබා දී මිලදී ගත් භාණ්ඩ කීපයක් හා බිල්පත් සමග ඉතිරි මුදල්ද අත්අඩංගුවට ගත් බවත් මෙම කාන්තාව ඇගේ දියනිය ද සමගින් මෙම කූට ව්‍යාපාරය කලක් තිස්සේ කුලියට ගන්නා ලද කාර් රථයකින් අගලවත්ත,මතුගම, බුලත්සිංහල ඇතුළු ප්‍රදේශය පුරා කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බත් පොලිසිය පවසයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර සල්ලි ජාවාරමේ ගිය අම්මයි දුවයි මාට්ටු