(ශාන්ත චන්ද්‍රසිරි)
කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානම හේතුවෙන් මසකට අධික කාලයක් දෙස් විදෙස් සංචාරකයන් නොමැතිව ජනශූන්‍යව පවතින හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වන සතුන් නිදැල්ලේ මාර්ගවල පවා ඇවිද යන අයුරු මේ දිනවල දැකිය හැක.
වනෝද්‍යානයයේදි දැකීමට අපහසුම සතෙකු ලෙස සැලකෙන ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂයක් වන ශ්‍රී ලංකා කොටියා (Panthera Pardus Kotiya ) පවා මෙසේ මාර්ගවල නිදහසේ ඇවිදින අයුරු දැක ගත හැක.
කොටියන් දෙදෙනෙකු හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යායට පිවිසෙන මාර්ගයේ සැරි සරන අයුරු දැක ගන්නට දැක ගන්නට ලැබුණු අතර, ඔවුන් දෙදෙනා කිසිඳු බියක් සැකක් නොමැතිව මාර්ගයේ ඇවිද යමින් කාලය ගත කරනු අයුරුද දැක ගක හැකි විය.
වෙනදාමෙන් අධික ශබ්ද නගා ධාවනය වන සිය ගණනක රථ වාහන මෙන්ම දෙස් විදෙස් සංචාරකයන් පිරිස්වල විවිධ ශබ්දයන් නොමැතිවීම නිසා වෙනදාට දැකිය නොහැකි සතුන් පවා මෙසේ හෝර්ටන්තැන්නේ එළිමහන් ප්‍රදේශවල මේ දිනවල සිටිති.
හොර්ටන්තැන්න වනෝද්‍යානයේ ලකුණ ලෙස සැලකෙන ගෝනුන්ද විශාල වශයෙන් මේ දිනවල මාර්ගවල, පතන් බිම් හා තණ පිටිටනි තුල නිදැල්ලේ සැරිසරමින් සිටිති.
මසකට වඩා අධික කාලයක් පවතින දැඩි නිහඬතාවය හේතුවෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ ශාක හා සත්ත්ව ප්‍රජාවේ මෙන්න පරිසර පද්ධතියේ විවිධ වෙනස්කම් රැසක් සිදුව ඇති බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා කීය.
අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.
වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න
හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි.
වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්ද
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම මාවත නිල නිවස පිටුපස පිහිටි යුද හමුදා භටයන් රැදී සිටි ගොඩනැගිල්ලේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන
රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමකින් යුත් කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සිගිරි පැමිණි තායිලන්ත කාන්තාවක 13 දින දහවල් සීගිරිය පොලිසිය වෙත භාරදී ඇතැයි සී
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
හෝර්ටන් තැන්නේ කොටි පාරට බසිති
de silva Thursday, 23 April 2020 01:06 PM
ඔය වන උද්‍යානය සැම වසරකම මාස 2-3 වහලා තියන්න .
Nuwan Thursday, 23 April 2020 06:13 PM
අභිජනනය සඳහා ඔය වන උද්‍යානය සැම වසරකම මාස 5-6 වහලා තියන්න...
චුටි පුතාThursday, 23 April 2020 06:38 PM
මගේ අම්මෝ...කොටි හෝ ගාල අබිජනනය කලොත් වනෝද්‍යානය විවෘත්ත කරද්දී තඩි කොටි හැමතැනම ඇවිද ඇවිද ඉඳීවි.. මගේ ඇඟේ මයිල් කෙලින්වෙනවා මේ කතාව ඇහුවම.
JayFriday, 24 April 2020 02:13 AM
චුටි පුතා, ස්වභාවික පරිසරයේ ඇතිවන වෙනස්කම් , අභිජනනය මිනිසාට අවශ්‍ය ආකාරයෙන් වෙනස්විය යුතු නොමැති බව තේරුම් ගන්න.
kaSaturday, 25 April 2020 12:13 PM
ඔයාගේ පදිංචිය හෝර්ටන් තැන්නේද?
Ranji Friday, 24 April 2020 05:43 AM
මෙහෙම වහලා විවෘත කරලා තිබ්බ ගමන් අපේ පිස්සෝ ගිහිල්ලා නිදහසේ ඉන්න සතුන් වාහනවල හප්පලා යටකරලා විනාශ කරයි. ඒක ගැනත් කල්පනාවෙන් ඉන්න. ප්‍රතිකර්මයක් යොදන්න. මොකද අපේ රටේ ඉන්නේ ඇදිරි නීතීය වෙලාවේ මංගලා ආරාධනාපත් බෙදන්න යන ජාතියේ අයනේ.
kamal Sunday, 26 April 2020 12:11 AM
දිවියයි කොටියයි අදුරගන්න බැරි මිනිස්සු.
kumaraTuesday, 28 April 2020 10:33 AM
ඒක තමයි ලංකාවේ කොටිය කිව්වේ...