IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                           

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව  එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති

රෝහල්  බලධාරීන් රෝහල් අභ්‍යන්තරය තුළ ඉතා ක්‍රමානුකූලව අවම පහසුකම් යටතේ වුවද ඉතා පිරිසිදු තත්වයේ තබා ගැනීමට උත්සාහ දැරුවද රෝහලට පිවිසෙන ප්‍රධාන දොරටුව දෙපස  කානු පද්ධතිය සහ අවට දැඩි අපිරිසිදු තත්වයක පවතින බව ජනතාව පෙන්වා දෙති.

කානු පද්ධතිය තුළ ටින් කැබලි ප්ලාස්ටික් කැබලි ,පොලිතින් ආදිය දක්නට ලැබෙන අතර නිසි අයුරින් ජලය බැස නොයාම හේතුවෙන් ඩෙංගු කීට අවධානමක් ද ඇතිවිය හැක

හොරණ නගර සභා ප්‍රාදේශීය සභා යන ආයතන වලින් සමන්විත වුවද ඒවා නමට පමණක් පිහිටා තිබීම හේතුවෙන් පිරිසිදු තත්ත්වයේ තිබිය යුතුම රෝහල ඉදිරිපිට තත්ත්වය මේ ආකාරය නම් අන් ස්ථාන ගැන අමුතුවෙන් කිව යුතු නැතැයි ඔවුහු පෙන්වා දෙති

රෝහලට යාබදව පිහිටා තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ එහි සේවය කරන නිලධාරීන්ට අවට තිබෙන අපිරිසිදු තත්ත්වය නොපෙනීමද කණගාටුවට කරුණක් බව ඔවුහු පවසති

වගකිවයුතු රාජ්‍ය ආයතනවල බලධාරීන්ගේ අවධානය යොමු වී විශේෂයෙන් හොරණ රෝහල ඉදිරිපිට මෙන්ම ඒ අවට මාර්ගය  පිරිසිදු කිරීමට අවශ්‍ය කටයුතු කරන මෙන් රෝහලින් සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව ඉල්ලා සිටි.



අදහස් (1)

හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා

Kalagedihena Monday, 30 September 2024 04:46 PM

ඕක මොකක්ද එක්තරා පළාත් පාලන ආයතනයක මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ කාර්‍යාලයට යාබදව තියෙන වැසිකිළියත් ඔය කියන ආකාරයට තමයි තියෙන්නේ...! ඒත් උන්නැහේලා අනෙක් අයගේ අඩුපාඩු තමයි බලන්න එන්නේ... ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට... කියනදේ ඔවුන් දන්නේ නැද්ද කියලා හිතෙනවා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වැස්ස
2024 නොවැම්බර් මස 27 1 0

පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.


බී ලූනූ සොරාගත් ලොරි රියදුරු- සහායක ඇතුළු 12ක් මාට්ටු
2024 නොවැම්බර් මස 27 82 0

ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප


බෝවතැන්න ගලයි:ගම් තුනක් තනිවෙයි
2024 නොවැම්බර් මස 27 68 0

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න


බඹරු ඇන 18 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 27 35 0

කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු


‘ග්ලේන්ෆෝල්‘ ඇල්ල නාය යයි
2024 නොවැම්බර් මස 27 448 0

පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.


ජලාශ බාර නිලධරයන්ගේ නිවාඩු අවලංගු කරයි
2024 නොවැම්බර් මස 27 254 0

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 556 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 758 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2128 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site