IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හිරුණිකා ඇප ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර)

බරපතල වැඩ සහිත වසර 03 සිරදඬුවම් නියම වූ තමන්ට ඇප නියම කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කළ ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 11 වැනිදා ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නීතීපතිවරයාට අද කල් දුන්නේය.

වසර 09ක කාලයකට ඉහතදී කළ අපරාධයක් සම්බන්ධයෙන් වු චෝදනා 19න් 18කටම වරදකාරිය බවට තීන්දු කරමින් වසර 03කින් ගෙවී යන අන්දමින් තමන්ට නියම කළ වසර 33ක බරපතල වැඩ සහිත සිරදඬුවම සහ රුපියල් ලක්‍ෂ 3 1/2ක දඩය ඉවත දමන්නැයිද අදාළ අභියාචනය විභිග කර තීන්දුවක් දෙනතුරු තමන්ට ඇප නියම කරන්නැයිද ඉල්ලමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය කැඳවු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ විශ්ව විජේසූරිය මහතා කළ දැනුම් දීමක් සළකා බැලු විනිසුරුවරයා එලෙස නියම කළේය.

අදාළ තීන්දුවට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගොනු කළ මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කර ඇත.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණී.

නඩුවේ මුල් අවස්ථාවේදීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් වශයෙන් කටයුතු කළ ආරක්‍ෂක නිලධාරීන් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 1,65,000/-ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 2,85,000/- වන්දියක් ගෙවීමටද නියම කෙරිණි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇයට එරෙහි අධිචෝදන 19න් 18කටම ඇය වැරදිකාරිය බව තීරණය කරමින් ඇයට දඬුවම් නියම කෙරිණී.

 

 



අදහස් (12)

හිරුණිකා ඇප ඉල්ලයි

තෝල්කමුදලි Thursday, 04 July 2024 04:50 PM

ගරු විනිශ්චයකාරතුමනි, මේ කටට බ්‍රේක් නැති මැයට කුඩා දරුවන් 3 දෙනෙක් සිටිනවා. ඒ අහිංසක දරුවන්ගේ මානසික තත්වය සැලකිල්ලට ගෙන කරුණාකර ඇය "දැඩි " ඇප පිට නිදහස් කරන්න. නමුත් මැයගේ බ්‍රේක් නැති කටට "ඉබ්බෙක් " දමා ඒ යතුර නිවසේ වගකිවයුතු කෙනෙකුට දෙන්න. මුහුණ සේදීමට, නෑමට සහ ආහාර ගන්නා විටදී පමණක් " ඉබ්බා " විවෘත කිරීමට අවසර දෙන්න. කටට ඉබ්බෙක් නොදැම්මොත්.... ආයෙත් පොලක් පොලක් ගානේ... වැසිකිලියක් වැසිකිලියක් ගානේ කෑගහයි.

:       13       28

[email protected]Thursday, 04 July 2024 05:55 PM

පාර්ලිමේන්තුවේදිත් වැදගත් කතාවක් කියලා දෙයක් කලේ නැහැ. අනුන්ගේ වෘෂණ කෝෂයි, කොට්ට මෙට්ටයි ඇඳ ගැනයි තමයි කිව්වේ...

:       3       19

ගරු විනිශ්චයකාරතුමා.Thursday, 04 July 2024 06:20 PM

හොඳයි.. තෝල්ක මුදලි, අහිංසක දරුවන්ට මව් සෙනෙහස අවශ්‍ය බව මම හොඳින්ම දන්නවා. ඒ නිසා මම මැයට ඇප දෙනවා, හැබැයි කොන්දේසි රැසක් සමග. තෝල්ක මුදලිගේ යෝජනාව අනුව කටට ඉබ්බෙක් දැමිය යුතුමයි. නිවසේදී සාරි ඇඳීම සම්පුර්ණයෙන්ම තහනම් !!!

:       3       10

kamalThursday, 04 July 2024 07:11 PM

මෙයාට ඇප දෙනවා නම්, බන්ධනාගාරය තුළ සිටින සියලු දරුවන් ඇති කාන්තාවන්ට ඇප ලබාදිය යුතුයි.

:       2       29

අරවින්ද මොනරවිල Thursday, 04 July 2024 05:55 PM

මට ඇප දෙන්න අයියෝ...! 

:       0       6

de silva Thursday, 04 July 2024 06:05 PM

බරපතල වැඩ සහිතව හිරේට නියමවෙන පුද්ගලයින්ට පුළුවන්ද ඇප පිට එළියට එන්න...

:       1       19

SamiraFriday, 05 July 2024 02:41 AM

අභියාචනයක් දැම්මාම පුලුවන්. හැබැයි ඒකෙ තීන්දුවත් ඒකම වුණොත් යන්න වෙනවා ආයේ ඇතුලටම. එතකොට එළියට ගන්න පුළුවන් ජනාධිපති සමාවකින් තමා ඉතින්.

:       0       0

PereraFriday, 05 July 2024 10:03 AM

de silva, පුළුවන්.ඇපෑල් නඩුව අහලා තීන්දුව දෙනකල් ,හැබැයි කොන්දේසි වලට යටත්ව

:       0       0

pakeer Thursday, 04 July 2024 08:19 PM

මම නම් කියන්නේ මෙයාව නිදහස් කරන්න කියලා...

:       9       9

Bandara Friday, 05 July 2024 12:28 AM

රනීල් ....... රනීල් ................

:       0       2

de silva Friday, 05 July 2024 11:56 AM

අච්චු කරපු රැදවියන්ට ඇප දෙන්න මම දන්නා විදිහට , ලංකාවේ නිතිය අනුව බැහැ , රිමාන්ඩ් සිර කරුවන්ට නම් ඇප ගන්න පුළුවන් , හොඳම දෙය ඇපිල් නොකර හිරුනිකට ඔය ඉන්න විදිහටම ඉන්න එක , වෙන ජනාධිපතිකෙනෙක් අනිවාර්යයෙන්ම ලබන මස 3-4 ඇතුළත පත්වෙනවා , එහෙම වුනොත් ජනාධිපති සමාවක් ගන්න පුළුවන් ,ඇපිල් එකෙන් ඔය දඩුවම සමහරවිට වසර 10 හෝ ඊට වැඩි වුනොත් මොකද කරන්නේ ?

:       0       3

Nimal Friday, 05 July 2024 04:23 PM

බරපතල දඬුවමක් යෝජනා කරමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 498 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 195 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 562 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 427 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2446 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2356 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37070 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24420 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 604 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site