IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


හිරුණිකා වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට

(යොහාන් භාසුර)

සිරදඩුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක රැඳවූ බවත් ඇය සිරදඩුවම් ලැබූ කාන්තා රැඳවියකට නියමිත ඇඳුම ඇඳ සිටින බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා අද (28) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙනවිත් අවශ්‍ය ලිපිලේඛණ කටයුතු කර වාට්ටුවකට යොමු කළ බවත් ඇය ඒ දක්වා විශේෂ ඉල්ලීමක් නොකළ බවත් බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා කීය.

ඇය විශේෂ වාට්ටුවක රැඳවීමේ අවශ්‍යතාවක් මේ දක්වා පැන නැගී නොමැති බව ද දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

තරුණයෙක් පැහැරගෙන ගොස් පහරදීමට ආධාර අනුබලදීමේ චෝදනාවට වරදකරු වී කොළඹ මහාධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩසහිත සිරදඩුවම් අද (28) පැනවීය.  



අදහස් (16)

හිරුණිකා වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට

Hafeel Friday, 28 June 2024 06:18 PM

මෙයා කාන්තා අංශයේ ඉන්න නිසා දුමින්ද හමුවෙන්න අවස්ථාවක් නැහැ නේද?

:       68       51

Prabha Friday, 28 June 2024 06:42 PM

හෙට වෙනකොට ලෙඩ වෙන්නත් බැරි නෑ. ඒ හින්දා කෝකටත් රෝහලේ සූදානම් කරලා තියමු.

:       64       70

Thasmila Rithosha Friday, 28 June 2024 08:24 PM

අපවිත්‍ර කටවල් තියන අයට හොඳ පාඩම්...

:       63       67

chandima Friday, 28 June 2024 10:24 PM

අපරාදෙ, හැකර කට නිසානේ ඕක වුණේ... කල් ඇතිව අර බෙහෙත් වංචාව වගේ එකක් කරලා, ඒ ගොල්ලන්ටත් කුට්ටියක් දීලා උන්නා නම් කෙළින්ම බන්ධනාගාර රෝහලට යන්න තිබුණා. පව් මොනවා වුණත් අම්මෙක්නේ...?

:       33       72

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 29 June 2024 04:46 AM

ඔබ තවමත් සිතන්නේ වහලෙක් ලෙස නොවේද සහෝදරයා? ධනවත් රූමත් ප්‍රසිද්ධ මව්වරු වෙනුවෙන් පමණක්ද ඔබ දුක්වෙන්නේ? එදා වේල කන්න නැති, දුගී බව නිසාම හිරගතවූ මව්වරු ප්‍රමාණය කොපමණද? ඒඅය වෙනුවෙන් ඔබේ හදවත උණු නොවන්නේද? බලයෙන් මත්වී අමන ක්‍රියාකළ ඉහළ පැලැන්තියේ හිරුනිකා අනුකම්පාව ලැබීමට සුදුසුද?බෙහෙත් වංචාව සිනහවට කරුණක් නොවේ. ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට ඒ බෙහෙත් වලින් ප්‍රතිකාර ලැබීමට සිදුවුවහොත් ඔබ මේ ආකාරයෙන්ම ප්‍රතිචාර දක්වයිද?

:       0       15

randil dunuwilleSaturday, 29 June 2024 10:14 AM

මේ රට විනාශ කරපු අය, කාපු අය නිදැල්ලේ ඉන්නවා නම් ඔය ඔක්කෝටම දඬුවම් දිපල්ලා... මිනීමරපු අයවත් නිදහස් කළේ අගේට...

:       4       8

Buddika Saturday, 29 June 2024 06:56 AM

හිරේ දාන්න ඕනි එවුන් තොග ගනින් හිටියත් උන් අඩත් හෙටත් නිදැල් ලෙ..පොඩි දරුවො 3කගේ මවක් හිරගෙදර.මේ සිද්ධියට පොහොර දාල හදල ගත්තෙ කව්ද රට දන්නවා.අවසානේ සජිත්ට සහ සජබෙට ගහන්න මේව සිද්ද උනේ .රටක් ජාතිටක් විනාස කරපු පල් හොරු රාජ්‍ය අනුග්‍රහය තුල ජනතා සේවකයො වෙලා..හිරුනිකාගෙ අරගලයේ පළාතකවත් නොහිටිය ජෙප්පො අරගලයේ අයිතිය ලියාගත්ත.දුමින්ද මිනීමරල හිරේ ඇතුලෙ රජ සැප විදිනව.මෙන්න රටේ සැබෑ ස්වරූපය

:       3       3

fairoos Saturday, 29 June 2024 10:52 AM

රනිල්ගේ ගේ ඉස්සරහ කෑ ගහපු පලිය ගන්නේ...!

:       5       10

Ruhunu Saturday, 29 June 2024 11:57 AM

වස්ති කරනවා ඇති...

:       1       6

gajaba Saturday, 29 June 2024 12:02 PM

වාචාල කටයි, මෝඩකමයි විතරයි තිබුණේ... අහිංසක පොඩි 3 දෙනෙකුට ඔවුන්ගේ අම්මාගේ උණුසුම ටික කාලෙකට නැතිවීම දුකයි.. නමුත් ඒ ගැන අපිට වැඩිය හිතන්න තිබුණේ එයාගේ අම්මාටයි. එහෙම වුණා නම් මෙයා මේ අමාරුවේ වැටෙන්නේ නැහැ. ඔලුවක් තිබුණා නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අනෙක් සංවර මන්ත්‍රීවරියන් වගේ හැසිරෙන්න තිබුණා.

:       2       14

අනූශා Saturday, 29 June 2024 12:11 PM

හිරුනිකා නෙවෙයි පාර්ලිමේන්තුවේ සිට ගමේ චන්ඩියා දක්වා දැනගත යුතුයි.. මේ එකදාස් නවසිය ගනන් නෙවෙයි කියලා.. මිනිස්සු යම් තරමකට නීතිය ගැන දැනුවත්... හිරුනිකාගේ තාත්තලා දාපු පාට් දැන් දාන්න බැ.. තමන්ගේ ආරක්ෂාවට දීපු හරි, තමන් වටේ ඉන්න චන්ඩි යොදාගෙන හරි තමන්ගේ ආරක්ෂාව බලාගත යුතුයි... වගේම අනෙක් මිනිස්සු අනාරක්ෂිත වෙන්න බෑ එයාලාගෙන්.. අනික පොලිසියේ රාජකාරි තමන්ගේ ඇම්බැට්ටයින් ලවා කරවා ගන්න එක වැරැද්දක් නේ. වටේ ඉන්න හැමෝම තමන් හෝ තමන්ගේ දරු පවුල රකින්න කරන රැකියාවක් මිස ගෙදර හදන බල්ලෝ නෙවෙයිනේ. ඒ නිසා ප්‍රශ්නයකදී තමන් බේරෙන්න තමා මුලින්ම පියවර ගන්නේ...

:       2       10

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 30 June 2024 03:25 PM

මහත්මයා ඔබ ඉතාමත් නිවැරැදියි. ඔබ මෙන් නිවැරදිව සිතන ශ්‍රී ලාංකිකයෝ වැඩි වේවා යයි පතමි...

:       0       1

Gayan Saturday, 29 June 2024 01:16 PM

ජනදිපති සමාවක් වත් බැරිද අරන් දෙන්න

:       5       2

පිටරැටියා Saturday, 29 June 2024 03:22 PM

මීට වඩා වැරැදි කරපු අන්ත දූෂිතයෝ දියවන්නාවේ ඉන්නවා. මිනිමරුවෝ, රටේ ආර්තිකය ඝාතනය කරපු අය. අධිකරණයෙන් පවා වරදකරුවන් වෙච්චි අය. වාචාල කටවල් තියෙන අය.. නීතිගරුක ශිෂ්ඨ සම්පන්න රටවල නීතිය කාටත් පොදුයි. ලන්කාවේ එසේ නොවීම කණගාටුදායකයි...

:       2       12

X Saturday, 29 June 2024 04:11 PM

අපරාධකරුවන් බොහෝ දෙනෙක් නිදහසේ සිටිති. ඇය පමණක් නොවේ. මාධ්‍යවලට අනුව බොහෝ අපරාධකරුවන් නිදැල්ලේ. බොහෝ ප්‍රවෘත්ති කියවන්නන් ඝාතනය කළේ කවුද? පාස්කු ප්‍රහාරයද? කොළඹ කනත්තේ මැරුවේ කවුද? ඩීන්ට ස්තූතියි? මෙතරම් පිරිසක් අතුරුදන් සපුගස්කන්ද සමූහ වධකාගාරය පවත්වාගෙන ගිය ඝාතකයන් කෝ? ඒ අයටත් දඬුවම් අවශ්‍යයි. සෑම කෙනෙකුටම එක නීතියක් සාදන්න

:       2       4

K Saturday, 29 June 2024 05:58 PM

මහත්මිය...???? එහෙමය.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2513 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1666 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2414 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 572 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3321 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site