(කාංචන කුමාර ආරියදාස)
මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 23 සඳහා සඳහා යුද හමුදා නිලධාරීන් 46 දෙනෙකු හරිත කෘෂිකර්මාන්ත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පුහුණුවීම් කටයුත්ත අද ( 18) ආරම්භ කළහ .
කෘෂිකර්මාන්තය පිළිබඳව දින පහක මෙම පුහුණු වැඩසටහන නාලන්ද කෘෂිකර්ම පුහුණු බිජ ගොවිපලේදී ඇරැඹිණි.
මාතලේ දිස්ත්‍රික්කයේ හරිත කෘෂි කර්මාන්ත ක්‍රියාන්විතය ක්‍රියාත්මක කිරීම් සඳහා යුද හමුදාවේ 111 වැනි පාබල බල සේනා සේනාවේ සේනාකාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක මහතා පත්කොට තිබේ.
ඒ අනුව බ්‍රිගේඩියර් වරයාගේ ප්‍රධානත්වයෙන් නාලන්ද ගොවිපලේදී රජයේ කෘෂිකර්ම උපදේශකවරුන් ප්‍රායෝගික පුහුණුව ලබාදීම ආරම්භ කෙරිණි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හරිත කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන්න හමුදාවට පුහුණුවක්
කිරි පුතා Saturday, 19 February 2022 10:09 AM
ඇත්තටම යමක් කිරීමේ හැකියාව තියෙන්නේ හමුදා පුහුණුව ලද පුරවැසියන්ට වග නැවත නැවත ඔප්පු වෙමින් පවතිනවා. අනෙක් බොහෝ අය වැඩක් නොකිරීමට ක්‍රමවේදනේ හොයන්නේ... සෘණ ආකල්ප මයි තියෙන්නේ... අනෙක තමයි මුල් බැසගත් දේශපාලන පක්ෂ රෝගය...!
de silva Saturday, 19 February 2022 02:46 PM
හමුදාව කෘෂි කර්මාන්තය පාලනය කරන නිසා ලංකාවේ සිටින රජයෙන් වැටුප් ලබන ගොවිජන සේවා නිලධාරීන් වැනි නිලධාරින් අනවශ්‍ය නිසා ඔවුන් වෙනත් රාජකාරි වලට අනුයුක්ත කරනවද? කරුණාකර මේ විකාර නවත්වන්න. ගොවියාට අවශ්‍ය පොහොර ටික ලබාදෙන්න. රජයේ ගොවිපළවල හෝ හමුදා කඳවුරු තුළ හමුදාවට අවශ්‍ය නම් වගා කරන්න.
sampath Saturday, 19 February 2022 11:20 PM
ගොවියා තරම් ගොවිතැන ගැන දන්න කෙනෙක් නෑ. හැමෝම එකතු වෙලා ගොවියාට සහාය වෙන්න. ධීවරයා, ගොවියා, කම්කරුවා තමතමන්ගේ වැඩේ කරයි. ඒවට අවශ්‍ය පහසුකම් එහෙම දෙන්න අමාරුනම් බාධා නොකර ඉන්න. හරිත කෘෂිකර්මය 20%ක් තිබුණා නම් හොඳටම ප්‍රමාණවත්... ලෝකයේ නොකරපු දේවල් අපි අත්හදා බලලා මිනිස්සු සාගතේකට ඇදලා දාන්න බැහැ.
යෝගා Sunday, 20 February 2022 05:08 PM
ඒ 20% පොහොසතුන්ට, ඉතුරු 80% දුප්පතුන්ට. එහෙමද ඕනෑ?
sebala Sunday, 20 February 2022 01:14 AM
අපේ රටේ වැඩිපුර සිටින්නේ කෘෂිකර්මයට සම්බන්ධ උපාධිය ඇති, උපාධි දාරීන්ය. ඔවුන්ගෙන් නිසි ප්‍රයෝජනයක් නොගෙන කරන මේ වැඩ නිසා රටට වෙන සෙතක් නොමැත..
gowiya Sunday, 20 February 2022 01:35 PM
පොහොර තිබෙනවා නම් ගොවිතැන් කරන හැටි අපි දන්නවා...
වෙල්විදානෙSunday, 20 February 2022 06:48 PM
ඇත්ත... මෙතෙක් කලක් ගොවිතැන් කළේ හමුදාව නොවෙයි නේද? කොහොමත් විදේශීය හාල් මත යැපුණු කාලයේ වී ගොවිතැන දියුණු කරන්න පොහොර දුන්නා. ගොවීන් කැඳවා දැනුවත් කරලා ගොවිකාරක සභා පිහිටුවා තමා වී වගාව දියුණු කළේ, පොහොර හඳුන්වා දුන්නේ... නමුත් කාබනික පොහොර යොදන්න කිව්වාට ගොවීන් කැඳවා දැනුවත් කළාද? නැහැනේ අඩුම තරමින් කෘපනිසලා කුඹුරක් බලන්නවත් ආවේ නැහැ. ගොවීන්ට ඔවුන් ළඟට යන්න වුණා මේවාට පිළියම් යොදන්න එහෙම කළාම හමුදාව නැතත් වී ගොවිතැන දියුණු කරන්න පුළුවන්...