IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


‘හරිත ටී.වී’ නාලිකාවේ විකාශන කටයුතු ඇරැඹෙයි

(ඩයනා උදයංගනී)

කෘෂි, වාරි හා ධීවර ක්‍ෂේත්‍රයන්හි නියුතු වූවන්ගේ ආකල්ප වෙනසක් තුළින් ඔවුන් ආලෝකය වෙත ගෙනයාමේ අරමුණ ඇතිව කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය මගින් දියත් කරන ‘හරිත ටී.වී’ නාලිකාවේ විකාශන කටයුතු ආරම්භ කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී අද (31) සිදුකෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ජිනරතන අධ්‍යාපන පාලක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන යන මහත්වරු  නව නාලිකාවේ විකාශන කටයුතු සුභ මොහොතින් ආරම්භ කළහ.

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ අදහසකට අනුව මෙම නාලිකාව ආරම්භ කර තිබේ.

මෙරට තුළ යළි පෙරදිග ධාන්‍යාගාරය ගොඩනැගීම මෙහි අරමුණ වී ඇත.

ඩයලොග් ටීවී නාලිකා අංක 16, පියෝ ටීවී නාලිකා අංක 9 ඔස්සේ හරිත ටීඩී රූපවාහිනී නාලිකාව විකාශය කෙරේ.

මෙහිදී අදහස් දක්වමින් ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙසේ පැවසූහ.

'මෙය අපේ නායක හිමියන්ගේ අදහසක් මල්පළ ගැන්වීමක්. දකුණු පළාතේ ලොකුම පැළ තවාන තිබුණේ අකුරැස්ස ඌරුමුත්තවත්තේ. අක්කර 850ක් පමණ වන එහි අදත් මහෝගනී ගස් ලක්‍ෂ තුනකට වඩා, තේක්ක ගස් 70,000ක් පමණ මෙන්ම අගාවුඩ් ගස් ලක්‍ෂයක් තිබෙනවා. ඒ බොහෝ ගස් අපේ විහාරස්ථානයේ දායක පවුල්වලට සම්බන්ධ කර ආරක්‍ෂා කරගැනීම සිදුකරනවා. ඒවා බොහෝ දුරදිග සිතා බලා කළ වැඩ.

අපේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශයක්, කෘෂිකර්ම ඇමතිවරයෙක් ඉන්නවා. කෘෂිකර්මය නගා සිටුවීමට එදා මෙදා තුර විශාල පරිශ්‍රමයක් දරා තිබෙනවා. නමුත් අපේ රටත් සමඟ එකට ආ තායිලන්තය, වියට්නාමය, මැලේසියාව, බුරුමය වැනි රටවල් දෙස බලන විට ඒ රටවල් තම දේශීය ආදායමට වාර්ෂිකව එකතු කරන ප්‍රතිශතය කෘෂිකර්මයෙන් එක්වෙන්නේ නැහැ.

තාමත් අපේ එළවළු පළතුරු අපනයනය කළ හැකි ප්‍රමිතියට සකස් වෙන්නේ නැහැ. රජයට මේ වෙනුවෙන් දැඩි අවශ්‍යතාවක් ඇති බව පෙනෙන නිසා අපේ දායකත්වය දැක්විය යුත්තේ කෙසේ දැයි සිතුවා. අපි අපිත් සමඟ සිටින ගොවි පවුල් වෙත අඩු කාලයක් තුළ වැඩි පලදාවක් දෙන භෝග මේ වන විට හඳුන්වා දී තිබෙනවා.

අපිට මේ නාලිකාව සමඟ උතුරු නැගෙනහිරත් මේ කටයුතු කරන්න පුළුවන්. මෙහි ආගමික පසුබිමක් තුළ යහපත් කෘෂිකර්මාන්තයක් කරායාම අරමුණු කරගත් නාලිකාවක්. මම පරිප්පු බීජ කිලෝ 100ක් ගෙනත් අපේ ආදර්ශ ගොවිපල 5ක අත්හදාබැලීම් කර අක්කර 6ක් වගාකර තිබෙනවා. කාදිනල්තුමාත් තමා පුත්තලම පැත්තේ කරන වගාවක් ගැන මට පවසා තිබෙනවා. නිල්වන් ගොයමයි රන්වන් සිවුරයි අපේ උප සංස්කෘතියක්. මෙය ගංගාරාමේ නාලිකාවක් නෙවෙයි. දැයේ නාලිකාවක් විදියටයි ගෙනියන්නේ."

වරකාගොඩ ඥානරතන අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහ නා හිමියෝ මෙහිදී රැස්ව සිටි පිරිස පංචශීලයෙහි පිහිටවූහ.

දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශවයේ අනු නා හිමියන්,මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නා හිමියන්, ගංතුනේ අස්සජි අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහ නා හිමියන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය, කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (9)

‘හරිත ටී.වී’ නාලිකාවේ විකාශන කටයුතු ඇරැඹෙයි

බද්රානි Wednesday, 31 March 2021 09:54 AM

"හරිත ටීවී" ඒ නම ඇහෙද්දී අර කොහෙන්ද මන්දා හිනා යනවා අපට? ලොකුවට ටීවී නාලිකා වලට සුන්දර නම් දාගෙන මෝඩ ජනතාව අැන්දුවාට, කළ පව් නම් ගෙවෙන එකක් නැහැ සසර පුරාවටම. දැනටමත් ලැජ්ජා නහර කපාගෙන ඉන්න අය ගැන නම් ලැජ්ජාව වෙනුවට ඇතිවෙන්නේ හිරිකිතයක්...

:       17       49

දිමුත් Wednesday, 31 March 2021 10:15 AM

ගහක කොළක වටිනාකම කියලා දෙන නාලිකාවක් නම් හොඳයි.

:       2       31

NMWednesday, 31 March 2021 09:09 PM

කෘෂි, වාරි හා ධීවර ක්‍ෂේත්‍රයන්හි නියුතු වූවන්ගේ ආකල්ප වෙනසක් තුළින් ඔවුන් ආලෝකය වෙත ගෙනයාමේ අරමුණ ඇතිව කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය මගින් ආරම්භ කරන ලද ‘හරිත ටී.වී’ ( The Nature TV ) ස්වභාදහමේ නාලිකාව දේශපාලන වැඩසටහන් වලින් තොරවිය යුතුවේ. ඉතාම කාලෝචිත වටිනා අදහසක් ක්‍රියාවට නැංවීම පිළිබදව සුබපතමු.

:       0       1

ase Wednesday, 31 March 2021 10:16 AM

නිර්මල දර්ශනය විනාශ කරලා දැන් රටේ බෝග විනාශ කරන කටින් බතල වවන නාලිකාවක්ද? නැත්නම් වන විනාශය නැති බව පෙන්වා දෙන්න යනවාද?

:       14       31

Vipula Wednesday, 31 March 2021 10:19 AM

නාලිකාව හොඳ බව ඉන්න අයගෙන් පේනවා...!!! 

:       7       28

Ranjith Wednesday, 31 March 2021 11:06 AM

එහෙන් කපන්න ඉඩදීලා මෙහෙන් වවන්න උදව් කරනවා. පොතේ තිබුනෙත් ඔය විදිහට වැඩ කරනවා කියලද දන්නේ නෑ.

:       8       27

සේනක Wednesday, 31 March 2021 11:39 AM

ටීවී එකෙන් වවන්නයි යන්නේ. ටීවී එකෙන් සංරක්ෂණය කරනවා වගේ.

:       8       24

Nuwan Wednesday, 31 March 2021 01:01 PM

ඔය නාලිකාවත් කපලා දාවිද දන්නේ නැහැ.

:       0       0

කේ බී ආර් සමරසිංහ Thursday, 01 April 2021 02:36 AM

සුබ පතමි අඳුරේ අතපත ගාන අපේ පාලකයන්ට මග පෙන්වන්න තවත් මෙවැනි ව්‍යාපෘති බිහිවේවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

දිසා කීපයකට සුළු වැස්සක්
2025 පෙබරවාරි මස 12 61 0

මඩකළපුව,අම්පාර,මාතලේ,බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තායිලන්ත උප ඇමති අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 12 128 0

තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රා


නවම් පොහෝය අදයි
2025 පෙබරවාරි මස 12 176 0

නවම් පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් සිදු වී තිබීම නිසා නවම් පුර පසළොස්වක පොහොය වැදගත් කොට සැලකේ.


සැකකරුවකු මැරුණැයි පොලිසියට විරෝධයක්
2025 පෙබරවාරි මස 12 398 0

වාද්දුව පොලිසිය පහරදී එක්දරු පියකු ඝාතනය කර ඇතැයි කියමින් 40කට ආසන්න පිරිසක් විරෝධය පලකරමින් පොලිසිය ඉදිරිපිට සහ පොලිසිය අවට තැන රැස්ව සිටියහ.


අය වැයෙන් රැකියා 30,000
2025 පෙබරවාරි මස 11 96 0

මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්


වීසා නැති 13ක් පිටුවහල් කරයි
2025 පෙබරවාරි මස 11 802 0

සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 109 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 905 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site