IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


හරීන් අත්අඩංගුවට

 

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 පසුගිය 11 වැනිදා පැවැත්වූ පෙළපාලියක් හා එහිදී කළහකාරී ලෙස හැසිරීමේ සිද්දිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු ඇමැතිවරයා අද(20) උදෑසන බදුල්ල පොලීසියට ගොස් තිබිණි.

 ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලීසිය කියයි. හිටපු ඇමැතිවරයා  බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 


 

( ප්‍රසන්න පද්මසිරි)

මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිට ගොස් තිබේ.

හිටපු ඇමැතිවරයා ආධාරකරුවන් පිරිසක්  සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය  සහ බදුල්ල පොලිසිය  මගින්  පෙළපාලිය විසුරුවා හරිනු ලැබීය.

එහිදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ  පොලිස් නිලධාරින් අතර ඇතිවූ සංවාදයක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක්ද  ඇතිවී තිබිණි.  හිටපු ඇමැතිවරයා ඇද සිටි ටී ෂර්ටය පවා ගලා දමමින් එම අවස්ථාවේ නොසන්සුන් අයුරින් හැසිරෙනු දකින්නට ලැබිණි.

මේ වන විට හරීන් ප්‍රනාන්දු මහතාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බව පොලීසිය කියයි.



අදහස් (19)

හරීන් අත්අඩංගුවට

රම්බොඩ Wednesday, 20 November 2024 09:32 AM

දන්නා කාලයේ සිට වැරැදිම කරපු නිසා සහ ඒවාට කවදාවත් දඬුවම් නොලැබුණු නිසා මොවුන්ව හදන්නම බෑ. දැන් පිස්සු වැටිලා ඉන්නේ අන්ත පරාජය ඉදිරියේ...!

:       2       21

Priyantha Dissanayake Wednesday, 20 November 2024 09:50 AM

වැඩිහිටියන් දොස්කියනවා අනිවාර්යයෙන්ම දෙමාපියන් හොඳින් හදන්න ඇති ඒ අයගෙත් නම කැත කරනවා. දැන් හරි පාඩමක් ඉගෙන ගන්න මැති ඇමැති කොයි කවුරු වුවත් ශිෂ්ඨ සම්පන්නව ජීවත්විය යුතු බව ඉගෙන ගන්න. පාඩමක් කරගන්න....

:       0       14

අරවින්ද මොනරවිල Wednesday, 20 November 2024 10:00 AM

මාමණ්ඩියා කිව්ව විදියටම මී හරකෙක් කියලා ඔප්පු කරලා පෙන්නුවා...!

:       3       25

බකල ජයා Wednesday, 20 November 2024 10:02 AM

වීඩියෝ සාක්ෂි මදි, ප්‍රකාශෙකුත් ඕනෑමයි මෙතුමාගෙන්... සාමාන්‍ය කෙනෙක් නම්, මෙලහට පොලිසියේ දොස්තරලා ඒ පුද්ගලයාගේ අස්ථිවල ශක්තිය බලනවා.

:       0       23

පිටරටවැසියා Wednesday, 20 November 2024 10:08 AM

හරකුන්ටත් මද කිපෙනවා කියන්නේ, මෙන්න මේ වගේ දේවල් වලට තමයි. අයිස් වලට කරන්නේ මොනවාද, වෙන්නේ මොනවාද කියලා හිතාගන්නත් බැරුව ඇති...

:       0       21

m. saman perera Wednesday, 20 November 2024 10:26 AM

දේශපාලන චණ්ඩි, ඇතුලේම තියන්න ඕනෑ මිනිස්සු...

:       1       21

බකල ජයා Wednesday, 20 November 2024 10:30 AM

ලංකාවත් ඉරානෙ වගේ. ප්‍රසිද්ධ ස්ථානයක අර්ධ නිරුවත්ව සිටියාට මේ අහිංසකයාව අත්අඩංගුවට අරන්...

:       3       16

අරවින්ද මොනරවිල Wednesday, 20 November 2024 10:31 AM

නීතිය කාටත් පොදු බව අමතක කෙරුව හාදයින්ට ඒක මතක් කරලාම දෙන්න වෙනවා....

:       7       26

ජනරළ Wednesday, 20 November 2024 10:41 AM

මේ අයගේ පාලනය තිබ්බ කාලේ ඒ ගොල්ලන්ගේ පක්ෂේ අයට මේවා සිම්පල් වැඩ. රණ්ඩු කරන්න ගහගන්න පහරදෙන්න ඔය ඕනෑ එකක් කරගනිල්ලා කියලා තමයි එදා හිටපු මහා ලොක්කා අහක බලන් උන්නේ. හැබැයි දැන් ඉතින් නීතියට අනුව වැඩ වෙන්න ඕනෑ. වරදක් කරලා නම් තියෙන්නේ අදාළ දඬුවම ලැබෙන්න ඕනි.

:       3       25

randil dunuwille Wednesday, 20 November 2024 10:52 AM

හරිම සතුටුයි..

:       1       20

Nimal Wednesday, 20 November 2024 11:12 AM

මේවා දේශපාලන පළිගැනීම්ම කියන්න බෑ... මහරියටම රටේ නීතියක් තිබේ නම්, මේ වගේ වැඩ කරන්න බෑ. මේ මිනිස්සු කවුරුත් පිටරටක හිටියා නම් ඔහොම විකාර වැඩ කරයිද?

:       4       28

Nishan Wednesday, 20 November 2024 11:53 AM

මැතිවරණ කාලේ මේ වගේ දෙවල් බොහෝම සුළු දේවල්. එහෙම නම් අරගලය කාලේ පාර්ලිමේන්තුව ගිනි තියන්න මිනිස්සුන්ව කුලප්පු මාලිමාවේ නායකයෝ ඉන්න ඕනේ වැලිකඩ. කමක් නෑ ඔහොම යං. මේ යන විදියට මේ ආණ්ඩුවටත් වැඩි ආයුෂ නෑ.

:       27       14

randil dunuwilleWednesday, 20 November 2024 01:38 PM

මේවා හොඳයි කියලා අනුමත කරන මිනිස්සු හරින්ලටත් වඩා අන්තයි. ලැජ්ජා හිතෙන්නේ නැද්ද? හොඳ මනුස්සයෙකුට නම් කඩේ ගියත් අවුලක් නෑ.

:       3       7

බකල ජයාWednesday, 20 November 2024 02:04 PM

පාර්ලිමේන්තුව ගිනිතිබ්බේ නෑනේ, කිව්වා විතරයි. ඔය වගේ කිව්ව දේවල් වලට අත්අඩංගුවට ගන්නවා නම් මගේ නෝනාව ජීවිතාන්තය දක්වාම හිරේ. මම කරන වැඩ වලට කියන්නේම ඔය වගේ ඒවා. මෙන්න උදාහරණයක්, " මගෙන් මැරුම් නොකා දැන් ගෙදර එනවාද, නැත්තං මම එන්නද?" ඉතිං යාලුවෝ ඉස්සරහ ලැජ්ජා වෙලා තියන තරම ඇති හින්දා, මම හැකි ඉක්මනින්ම ගෙදර...!

:       3       7

මංජුල Wednesday, 20 November 2024 12:04 PM

මේක සුවිපින් කේස් එකක්නේ...!

:       2       13

සුජිත් Wednesday, 20 November 2024 12:49 PM

ඒ වුණාට මම දැක්කා එදා 15 වැනිදා හවස පුත්තලම මාලිමාවේ විශාල රථ පෙලපාලියක් ගියා. ඡන්දේ දිනපු නිසා අපි අනුරාධපුර සිට ආපු බස් එක එතැන විනාඩි 45 කට වඩා හිර වුණා.. පෙලපාලි තහනම් නම් මේක පෙලපාලියක් නොවෙන්න ඕනෑ.. මොකද පොලීසියෙන්ද ඔහේ බලාගෙන හිටියා විතරයි... නීතිය තාමත් සමාන නැහැ.

:       7       10

ඇන්ඩ්රු සෙබඩවිල Wednesday, 20 November 2024 12:55 PM

මේ දේශපාලන පලි ගැනීම් නෙමෙයි. එහෙනම් අරගලය දවස් වල පාර්ලිමේන්තුව ගිනි තියන්න හදපු අපේ සහොදරයෝ තාම ඇතුළේ...

:       13       11

Don perea Wednesday, 20 November 2024 01:23 PM

දේශපාලන තදියම පටන් අරන්...

:       6       3

අමල් Wednesday, 20 November 2024 05:22 PM

දැන් ඉන්න පොලිස් ඇමැති, ආනන්ද විජේපාලගේ තවත් විජ්ජාවක්...! ආනන්ද විජේපාල දිවුරුම් දෙනකොට ඒත් මම බැලුවා, කවුද මේ දැකලා පුරුදු ඩයල් එක කියලා. පස්සේ මතක්වුණා, මේ ඒ දවස්වල වහිනකොට තඹුත්තේගම අනුරට කුඩය අල්ලපු පොර නේද කියලා...! මම ඒ දවස්වල හිතුවේ මෙයා, පොලිසියේ PC රාලහාමි කෙනෙක් කියලා...! දැන් පොලිසිය බාර ඇමැති ! කොහොමද ගොට්ට ඇල්ලීමක රඟ...?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 2 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 93 0

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 479 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 525 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1191 5

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


ටි 56 උණ්ඩ-ආයුධ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 18 326 0

විදෙස් ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සමන් සපුගේ මනෝච් මුතු කුමාර නොහොත් කයිවාරු මුතු නමැත්තාගේ අපරාධ කටයුතු සඳහා සඟවාගෙන සිටි ටී56 ගිනි


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 205 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1125 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site