IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


හොරෙන් කැනඩා පනින්න ගිය යුවළ කොටුවෙයි

(ටී.කේ.ජී.කපිල )

කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් ජපානය හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික යුවළක් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 මොවුන් දෙදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචි විවාහක යුවළකි . සැමියා 40 හැවිරිදි වියේ පසුවන අතර බිරිඳ 34 හැවිරිදි වියේ පසුවන්නියකි .

ඔවුන් ඊයේ (17) රාත්‍රී 08.35 ට ජපානයේ නරීටා නුවර බලා පිටත්ව ගිය   ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 454 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත  පැමිණ තිබුණි .

ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔවුන් දෙදෙනා , සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සදහා ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ කැනඩාවේ වීසා බලපත්‍ර පිළිබඳ සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් , ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

 



අදහස් (4)

හොරෙන් කැනඩා පනින්න ගිය යුවළ කොටුවෙයි

සරත් කුමාර Tuesday, 18 February 2025 10:36 AM

ලංකාවෙ කවුරු මොනව කිව්වත්, අහන්න සහ පිළිගන්න අකමැති වුවත්, ලංකාව තියෙන්නෙ අසීරු තැනක. ඒක ගොඩගන්ඩ ඕනෙ සහ ඒක කරන්ඩ පුළුවන් කියන එකත් බොරුවක් නෙවෙයි. හබැයි මේ වැටීමට කාලයක් ගතවුණා වගේම, නැගිටීමටත් කලක් ගතවන බව සත්‍යයක්. මෙහෙ සමහර සිහින, සිහිනම තමයි. කොච්චර වෙරදැරුවත්, ශක්තිය තිබ්බත් බොහෝ මිනිසුන්ට වෙන්නෙ ඒ සිහින එක්කම මැරිල යන්ඩ. ඒත් එහෙම වෙන්ඩ ඕනෙද? නෑ. මිනිස්සු කොහෙහරි රටකට යන්ඩ දඟලන්නෙ ඒකයි. මම හිතන්නෙ මෙකට රජය ඉදිරිපත් වෙන්ඩ ඕනෙ. නැත්නම් වෙන්නෙ ජාවරම් කාරයො මඩිය තරකරගන්න එක. අනික සමහර මිනිස්සු සදාකාලෙට ලංකාවෙන් යන්ඩ නෙවෙයි කැමැත්ත. එහෙම යන අයත් ඇති. හැබැයි දැන් දැන් ලංකවෙ මිනිහෙකුට වෙන රටකට යන එක අමාරුවෙලා තියෙන්නෙත්, රජයෙන් මේ ගැන හරියට නොබලන නිසා. ලංකාවෙ කිව්වම වීසා එක දෙන්ඩ කලින්, පුළුවන් නම් සමහර රටවල්, කටෙන් අත දාල කණපිට හරවලත් බලන තැනට පත්වෙලා. දුකක් එක්ක තරහක් එන්නෙ නැද්ද හිතට..

:       5       22

ගුණරත්න Tuesday, 18 February 2025 02:57 PM

ඒ මිනිස්සුන්ට යන්න දුන්න නම් ඉවරයි. අහිංසක මිනිස්සු, මේ ජරා ආණ්ඩුවේ බොරු පොරොන්දුවලට රැවටිලා ඉන්නේ. ආණ්ඩුව ගන්න දෙසාපු දේශනා දැන් උන්ට මතකත් නැහැ.

:       20       6

ajith Tuesday, 18 February 2025 03:17 PM

කරුණාකරලා මේ රටින් යන්ට හදන කෙනෙක්ට යන්ට දෙන්ට. මේ රටේ ඉඳල හිඟා කන්ට කියලද කියන්නේ?

:       15       6

සංචාරකයන් Tuesday, 18 February 2025 05:38 PM

මේ හොරෙන් යන අය එහෙදි අහුවෙලා රටෙන් ඇත්තටම යන නිවැරැදි අය ගැන වගේම ලංකාවේ නමටද සැකෙන් බලන්න ත්ත්වයක් ඇති වෙනවා .ඊලඟට නිවැරදිව වීසා ගන්න ගිහිං නොයෙකුත් අපහසුතාවලට හසුවෙනවා. මේවා නොදැන ගොං අදහස් දාගෙන රටේ ඉන්නේ ගොං කියල පෙන්නන්ඩ එපා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 216 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1363 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 23 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1136 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 16 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 621 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site