(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ ගෙනා වියලි කහ කිලෝ 2790 ක් සහ එනසාල් කිලෝ 803 ක් සමගින් ඉන්දීය ජාතිකයන් 12 දෙනකු කුදිරමලෙයි මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
වයඹ නාවික විධානයට අයත් සෙබළුන් පිරිසක් කුදිරමලෙයි මුහුදු තීරයේදී සිදු කරන ලද සෝදිසියකදී සැකකටයුතු යාත්‍රාවන් දෙකක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සිදු කරන ලද පරික්ෂාවකදී අදාල කහ සහ එනසාල් තොගය අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී එක් යාත්‍රාවක් තුල තිබී උර 425 ක තිබී එනසාල් කිලෝ 425ක් සමගින් ඉන්දීය ජාතිකයින් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගනු ලැබීය.
තවත් යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී එහි උර 93 ක අසුරා තිබූ කහ කිලෝ 2790 ක් සහ මලු 16 ක අසුරනලද එනසාල් කිලෝ 378 ක ප්‍රමාණයක් සමගින් ඉන්දීය ජාතිකයන් 05 දෙනකු නාවික හමුදා බාරයට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් කහ සහ එනසාල් තොගයන් විෂබීජහරනය කිරීමෙන් පසුව ඉදිරි නීතිමය පියවර සඳහා නාවික හමුදා බාරයේ තබාගත් අතර අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් ඉන්දියාවේ පවතින දැඩි කොවීඩ් අවධානම හේතුවෙන් නැවත අදාල යාත්‍රාවලින්ම ඉන්දියාවටවම යැවීමට කටයුතු කළ බවට නාවික හමුදාවපවසයි.
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොරොන් කහ ගෙනා ඉන්දියානුවන් හිස් අතින් ආපසු යවයි
rathgama Friday, 30 April 2021 07:32 AM
කහ වගේ පෙනුනාට වහ වෙන්නත් පුළුවන්.... හොරබඩු වලට වගකිය යුත්තන් නොමැත.
සමිත සේනක අලුත්ගමගේ. Friday, 30 April 2021 08:05 AM
මේ රටේ ධීවරයන් හා විදෙස් ධීවරයන් එකතුවී මෙවැනි දේ කළේ අද ඊයේ නොවේ.තවත් හොරබඩු,කේරළ ගංජා ඇතුළු තවත් මත් ද්‍රව්‍ය රට තුළට ගෙනඒම් ගැන මීට වඩා ආරක්ෂක අංශ දැඩි පියවර ගත යුතුව පවතී.මෙවැනි දේ කරනා අයට දැඩි දඬුවම් දිය යුතුය.