IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


හොරෙන් ගෙනා යතුරුපැදි අඩු මිලට අලෙවි කළ තිදෙනෙක් මාට්ටු

(එච් චන්දන )

දිවයින පුරා  විවිධ පුද්ගලයින් විසින් සොරකම් කරන ලද යතුරු පැදි ඉතා අඩු මුදලකට මිලදී ගෙන  එහි චැසි අංක හා එන්ජින් අංක වෙනස් කර වෙනත් අයට විකිණීමේ ජාවාරමක නිරත වු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පුත්තලම පොලීසියේ අපරාධ අංශයේ නිළධාරීන්ට ලැබුණු තොරතුරකට  අනුව දින ගණනාවක් සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව චැසි අංක එන්ජින් අංක වෙනස් කර ඉපැරණි විනාශ වූ යතුරු පැදිවල පොත් පත් වලට එක්කර හා ව්‍යාජ පොත් පත් සකසා අලෙවි කරන ලද යතුරු පැදි 13 ක් හා ත්‍රී විල් රථයක් සමඟ ඒ සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයින් දෙනෙක් දැනට අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශණවලදී තවත් යතුරු පැදි හා සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසය  පැවසීය.

සිද්ධියට සම්බන්ධ අත් අඩංගුවට ගත් පුත්තලම නගරයේ පදිංචි ප්‍රධාන සැකරු පොලීසයට පවසා ඇත්තේ විවිධ මාර්ග ඔස්සේ දිවයිනේ විවිධ ස්ථානවල සොරකම් කරන ලද  යතුරු පැදි ඉතා අඩු මුදල  රැගෙන ඇවිත් අනෙත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධ කර ගෙන එම යතුරු පැදිවල චැසි අංක එංජන් අංක වෙනස් කර ඉපැරණි විනාශ වූ යතුරු පැදිවල පොත් පත් වලට  අංක යොදා පොත් පත් ව්‍යාජ ලෙස සකසා ගැණුම් කරුවන්ට කිසිදු සැකයක් නොවන පරිදිත් , සමහර යතුරු පැදි පොත් පත් නොමැතිව  ලක්ෂ ගණණකට අලෙවි කර ඇති  ඇති බවයි.



අදහස් (0)

හොරෙන් ගෙනා යතුරුපැදි අඩු මිලට අලෙවි කළ තිදෙනෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 0 0

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 180 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 174 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 110 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 278 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 499 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 558 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 302 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site