IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


හොරෙන් ගබඩා කර තැබූ සීනි තොග රාජයේ බාරයට

( සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)

බස්නාහිර පළාතේ ගබඩා පහක සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි මෙට්‍රික් ටොන් 83,000 ක් පමණ රජයේ බාරයට ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ඩී.එස් .පී නිවුන්හැල්ල මහතා ලංකාදීපයට පැවැසීය.

මින් සීනි ටොන් තිස් දහසක් සතොස සහ සමුපකාරවලට ඊයේ (1) බෙදා හැරි බවද හෙතෙම සඳහන් කළේ‍ය.

එම ආයතනවලට බෙදා හැර ඉතිරි වෙන සීනි තොග මහජනතාවට අලෙවි කිරීම සඳහා පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසල්වලට ලබාදෙන බව පැවසූ නිවුන්හැල්ල මහතා රටපුරා සඟවා ඇති සීනි, සහල් සහ වී තොග සොයා ගැනීමට විශේෂ මෙහෙයුමක් අරඹා ඇතැයිද කීවේය.

ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටින අවස්ථාවක මෙලෙස ආහාර තොග සැඟවීම බරපතළ වරදක් බවත් එසේ ආහාර සඟවන්නන්ට තමාගෙන් කිසිම සමාවක් නොලැබෙන බවත් නිවුන්හැල්ල මහතා පැවසුවේය.

මෙම සීනි තොග සොයාගනු ලැබුවේ සිදුව ,කැලණිය වත්තල යනාදී ප්‍රදේශවල බලපත්‍ර සහිත සහ රහිත ගබඩා පහක තිබියදීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම ගබඩා වලට පසුව මුද්‍රා තබනු ලැබීය.

මෙම ගබඩා හිමියන් මේ සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇතැයිද එම සීනි අයත් ව්‍යාපාරිකයන්ට පසුව ඔවුන්ගේ වියදම් වලට සරිලන පරිදි මුදලක් ගෙවීමට කටයුතු කරන්නේ යැයිද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

සහල්, වී සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැඟවීම අධික මිල ගණන්වලට අලෙවි කිරීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසිද පනවනු ලැබීය.

 



අදහස් (34)

හොරෙන් ගබඩා කර තැබූ සීනි තොග රාජයේ බාරයට

SUNIL MILANO Wednesday, 01 September 2021 01:35 PM

මොවුන්ව දමනය කිරීමට නම් දැඩි තීන්දු ගත යුතුයි. සමහරක් ගුරුවරුන්ටද අදාළයි. ඔලුව පහත් කරන්න කරන්න ටොකු අනින්න තමයි ලෑස්ති වෙන්නේ..

:       76       102

RaveendraWednesday, 01 September 2021 08:17 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. "මුන්" වගේ කාලකන්නින්ට සතේක දෙයක්වත් ගෙවීම් කළයුතු නැහැ. සීනි හංගාගෙන ඉන්න පුළුවන් වීරයින් වගේ... අහුවුණාම බල්ලන් වගේ නගුට වනනවා. ඇත්තෙන්ම රාජසන්තක කර අඩුම මිලකට මිනිසුන්ට බෙදාදෙන්න තියෙන්නේ අනිකුත් තක්කඩින්ට උණ ගැනෙන්න... පුදුමය නම් මේ තක්කඩින් එකෙකුගේවත් නම් ගම්, ආයතනයේ නම් මුකුත් මාධ්‍යයේ නැහැ.. එසේ කරන්නේ නම් මේ අයට පාරේ බැහැලා යන්න බැහැ. නමුත් එසේ මොවුන්ගේ වතගොත ප්‍රසිද්ධ නොකිරිම අවාසනාවකි.

:       5       40

VithanaThursday, 02 September 2021 05:20 AM

මේ රටේ වංචාවක් සිදු කරනවා නම් ඒ ආණ්ඩුවේ ගජ මිතුරු කල්ලිය විසිනුයි.

:       2       22

පරණ කුස්සිය සහල් ලිට්රෝ දීපු දිරච්චි ලනුව Wednesday, 01 September 2021 01:37 PM

සුපර්. වසංගතේ අස්සේ අනවශ්‍ය ලාභ ගන්න අයට දෙන්න ඕනේ හොඳ පාඩමක්.. මොනවා වුනත් ලංකාවේ සීනි සංස්කෘතිය වෙනස් කරන්න කාලේ ඇවිත් ලිට්රෝ එකෙන් ගෙවල්වල දර ලිප් ටික අයින් කරලා, ගෑස් ටැංකි ගෙනත් දාලා කරපු විනාසේ වගේ තමයි ලංකාවට සීනි හඳුන්වලා දීලා වෙලා තියෙන්නේ...

:       70       118

රජින්දThursday, 02 September 2021 12:15 PM

මොන කතාවක්ද ඔය..? ලංකාවේ ඉස්සර වගේ දැන් දරලිප් පත්තු කරන්න පුලුවන්ද? එච්චර දර හොයාගන්නේ කොහෙන්ද? ඔයා කියන විදිහට කළොත් ලංකාවේම වනාන්තර ටික කපලා මිනිස්සුන්ට දරට දෙන්න වෙනවා. අනේ මන්දා මොනවා කියනවද කියලා...

:       0       8

bandara Wednesday, 01 September 2021 02:12 PM

සීනි තොග තබාගැනීමේ නීතිමය තහනමක් තියෙනවද? එසේනම් එක ව්‍යාපාරයක් තුල තබාගතහැකි උපරිම තොගය කොපමණද? මේ වනවිට සීනි වල පාලන මිල ඉවත්කොට ඇත. එසේනම් වෙළෙන්දාට කැමති මිලකට සීනි විකුනන්න පුළුවන්. සීනි වෙළෙන්දෝ උසාවි ගියොත් ආණ්ඩුව අම්මරුවේ වැටෙනවා.

:       52       89

WCAWednesday, 01 September 2021 03:52 PM

සීනි ගබඩා කරන්න පුළුවන් ඕනෑ කෙනෙකුට එක පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කරන්න ඕනේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණයට වැටෙන හින්දා. මෙතන තර්කය මේ සීනි ගබඩා කරපු ඒවා පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කරලා නෑ වගේම හිඟයක් තියෙන වෙලාවේ මේවා ගෙන්නලා තියෙන්න පසුගිය ජනවාරි - අප්‍රේල්, සමහර ඒවා ගිය අවුරුද්දේ...

:       1       38

මුණසිංහ Wednesday, 01 September 2021 06:23 PM

ඔයා ඔය කියන විදියට වෙළෙන්දෙකුට ඕන මිලකට බඩු විකුණන්න පුළුවන් පාලන මිලක් නැත්නම්... එහෙනම් ඇයි මේ බඩු මිල වැඩියි කියන්නේ... ඒ බව හැමෝම දැන ගන්න ඕනෑ... වෙළෙන්දා කියන ගානට අපි මිලට ගන්න. ඔයාලගේ ආණ්ඩුව තියෙන කාලෙක ඕක කරන්න. ඒත් දැං බෑ. මේ වැඩේ හරියට හරි. උණු වතුරෙන්ම දෙන්න ඕනෑ...

:       9       29

ගාමිණී Wednesday, 01 September 2021 02:27 PM

ඒ වගේ ඒකාධිකාරයක් ඇති දේවලුත් මේ ගමන්ම අවසාන කරමු...

:       0       37

දිසා......ගම්පහ. Wednesday, 01 September 2021 02:28 PM

ජාවාරම් කරුවන්ට අවශ්‍ය අන්දමට කටයුතු කළ හැකි නම් රජයක් අවශ්‍ය වන්නේ නැත. සීනි ජාවාරමුන් පසුපස සිටින්නේ කවුරුන් වුවද දැඩිව නීතිය ක්‍රියාත්මකවීම විය යුතුය. එය තවත් ජාවාරම් කරුවන්ට පාඩමක් වනු ඇත. මේජර් ජෙනරාල්තුමා නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි...

:       1       48

aseWednesday, 01 September 2021 04:16 PM

ගෙනාපු සීනි වලින් උපරිම ලාභයක් ලබාගෙන ඉතිරිය නැවත ආණ්ඩුවට ලාභයක් ඇතිව ලබාදී නීත්‍යානුකූලව විකිණීම නේද මේ වෙන්නේ..? මේවාට තමයි නහයෙන් ගිහිල්ලා කනෙන් එනවා කියන්නේ... මේ රැවටෙන හැටි දැක්කාම දුක හිතෙනවා.

:       27       172

Nihal Wednesday, 01 September 2021 02:39 PM

චීනේ වගේ වෙඩි තියලා මරන්න ඕනේ...

:       5       35

පිටිගල මිලානෝ Wednesday, 01 September 2021 03:03 PM

මල්ටි බිලියන් සීනි හොරාට දඬුවම් නැත්තේ එයා අහවලාගේ ගජමිතුරා නිසාද?

:       13       127

Warnakulasuriya Shirantha Wednesday, 01 September 2021 03:17 PM

ගිණි තියමු.

:       15       69

jayasekara Wednesday, 01 September 2021 03:33 PM

වරායෙන් එනකොට මේවාවල තොග ගණන් කරන්නේ නැද්ද? අඩුම ගාණේ මෙච්චර ප්‍රමාණයක් ලංකාවට ආවා කියලාවත්...!!!

:       3       87

Nihal Saturday, 04 September 2021 02:45 AM

එතනින් ගනන් බලන්නේ කොමිස් විතරයි.

:       0       0

කිරි පුතා Wednesday, 01 September 2021 04:33 PM

තද නීති රීතිි නැතිව කල්ප කාලයක් තිස්සේ හොර කමටම හුරුවුණු අය නිවැරදි කරගත නොහැක.

:       0       0

chandana Wednesday, 01 September 2021 04:38 PM

සිවිල් නීතියෙන් රිංගා යාමට සිවිල් ජනතාව හොඳින් දනී. ත්‍රස්තයන් හා හොරුන් වඩාත් හොඳින් දනී. ඒසේ රිංගා යාම වැලැක්වීමට ‌නම් ඒවැනි තැන්වලට සිවිල් පරිපාලන බලය පූර්ණ වශයෙන් ලබා නොදිය යුතුය. රටට, මහජනතාවට හානිකරන කිසිවක් රටකට වැඩක් නැත. ත්‍රස්තවාදයට විරුද්ධ සටනේදී හමුදාවට සහාය දුන්නාක් සේ හමුදාව කෙරේ විරෝධී ආකල්පී දරණ අයගේ බොරුවලට නොරැවටී ජනතාව මොවුන්ට ශක්තියක් දිය යුතුය. රට හැදීම කරන්නන් වාලේ සිදුකල නොහැකි අතර ඒ් සඳහා කිසියම් සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ක්‍රම වේදයන් අවශ්‍යය. හැම විටම අවසානයේ නොව මුලදීත් නොව මැදදී වත් කෙවිට අතට ගත යුතුය. මෙවැනි ප්‍රයෝග හඳුනාගත් විගස පළමුව දැඩි නීති පැනවිය යුතුය. දෙවනුව මෙවැනි දේට දඪුවම් නිශ්චිත බවට පූර්වාදර්ශ සැපයිය යුතුය. ඒවිට වරදට භිය වනු ඇත. ගත් තීරණ දැඩිව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවා..

:       50       15

බමුණු.Wednesday, 01 September 2021 09:14 PM

ඔව් ඔව්. එහෙම දැඩි නීති දාලා අන්තිමටම තලේබාන් වගේ පාලනයක් ඇතිකරමු. ගවයා වුණාට උම්බෑ කියන්න එපා කියන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි.

:       15       53

chandanaFriday, 03 September 2021 04:14 PM

වසර 30ක් පුරා කිසිදු හේතුවක් නැතුව තැන්තැන්වල බෝම්බ පුපුරලා මරණ බය මොකක්ද කියලා ප්‍රායෝගිකව දැකපු, පවුලෙන් එකෙක් හරි ජීවත් විය යුතු නිසා ගෙදර සියළු දෙනා ඒකවර ගමන් නොගිය, ගෙදරින් පාසැල් ගිය දරුවා ගෙදර එනකම් ගින්දරේ හිටපු, අපිට,... කැතිගාලා, කඩුගාලා මිනිස්සු මරණ ජීවිතය රැකගන්න රෑට කැලෑවට වෙලා නිදි වරපු අහිංසක වැසියන් සිටි රටක වැසියන්ට හමුදාව කවදාවත් තිත්ත වෙන්නේ නැහැ. එහෙම හමුදා බය ඇතිකරන්න හදන, හමුදාවත්, ජනතාවත් අතර වෛරයක් ඇතිකරන්න කැමති තමුන් වගේ අය කැනහිලුන් තරම් වත් නොවටී. ඒ වසර 30 ජීවත් වූ අප කොතලාවල මෙන් ආරක්ෂක විශ්ව විද්‍යාල කිහිපයක් හෝ බිහි වී විනයානුකූල රට, ජාතියට ආදරේ ඇති විරුවන් හැමදාටමත් බිහිවනවාට කැමති වන්නේද එහෙයිනි. රටට වැඩක් නැති නුඹ වැන්නකුට වඩා හමුදා විරුවන් අපට වටිනා බව සිහි තබාගනු...

:       2       0

sumudu Wednesday, 01 September 2021 04:48 PM

සර් මේ ක්‍රියාන්විතය ඔබට කළ හැකියි .ජනතාව හරි දේට සැමවිට ඔබ සමගයි

:       77       32

Nuwan Wednesday, 01 September 2021 05:51 PM

උපරිම මිලක් දැමම ඒකෙන් කොහොමත් දෙතුන් දෙනෙක් වන මහා පරිමාණ අනයනකරුවන්ට නියමයි

:       6       9

Lal Wednesday, 01 September 2021 06:21 PM

සීනි රුපියල් 95 ට ලේසියෙන් දෙන්න පුළුවන්.

:       4       9

Udan Wednesday, 01 September 2021 07:55 PM

සීනි තොග රාජයේ බාරයට ගත්තා මිසක් රාජසන්තක කළා නොවේ. මේවාට ගෙවන ගණන - "ඔවුන්ගේ වියදම් වලට සරිලන පරිදි මුදලක් ගෙවීමට" මේවා නාටක පමණි...

:       9       140

Wimale Wednesday, 01 September 2021 08:04 PM

හමුදා පාලනයක් තියෙන්නේ... ඔව්වා පාලනයට තමයි.

:       31       8

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 01 September 2021 10:06 PM

සීනි වල බද්ද නොසෑහෙන සේ අඩුකලා. එහි වාසිය රටේ ජනතාවට දීමේ නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. සීනි ගෙන්වූ බොහෝදෙනා ගැන රජය දැන සිටියේ නැහැ. අඩුම තරමේ සීනි ගබඩා කිරීමේ අවසරය හෝ ලබා නොතිබුණු අය සීනි ගෙන්නුවා. මාධ්‍ය වලින් නොපෙන්වන්න තවමත් ඒ ගැන රජය දන්නේ නැහැ. අන්න එහෙමයි වැඩ. හැම වැඩේම අනාගන්නවා. ඊට පස්සේ ඒවා පාලනය කරන්න විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත්කරනවා. මේ රටේ තියෙන්නේ මිලිටරි පාලනයක් වගෙයි පේන්නේ. සිවිල් පාලනය හරිහැටි කරගැනීමට බැරි අය තමයි මේවා කරන්නේ. ඒත්,ප්‍රශ්නයට පිළිතුර එය නොවන බව තේරෙන විට, වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. එතකොට අලියා ගිහිල්ලා. වලිගෙන් ඇදලා නවත්වන්නට බැහැ.

:       2       43

Perera Thursday, 02 September 2021 01:14 AM

හරි ඕවා වැඩක් නැහැ. දැන් සීනි කිලෝ එක අපිට දෙන්නේ කියියටද.?

:       1       37

Demuni Uduwara Thursday, 02 September 2021 02:40 AM

දැන් ඔබට ඒවා පාලන මිලට රුපියල් 84/- හෝ ඊට අඩු මුදලකට විකිණිය හැකිය.

:       1       70

ලුම්බිණි Thursday, 02 September 2021 06:07 AM

සීනි ආනයනය නිදහසේ ඕනෑම කෙනෙකුට කරන්න දුන්න නම් ප්‍රශ්නය ඉවරයි නේද?

:       0       5

jayath Thursday, 02 September 2021 09:47 AM

හමුදාවටත් ,ඒකේ සොල්දාදුවන්ටත් අපේ තියන ගරුත්වය පොඩ්ඩක් වත් අඩු වෙන්නේ නැහැ . නමුත් රජා හිතාගෙන ඉන්නවා හැම මගුලම හමුදාවට කොරන්න පුළුවන් කියල. එහෙම හිතල වීරෝධාර රණ වීරයෝ , අපි එදත් අදත් ගරු කරන ,ගරු කල වන්දනීය චරිත තුට්ටු දෙකට දමනවා. මම නම් කියන්නේ ඕන නැහැ මීට කලිනුත් එකෙක්නෙක් දැම්ම වී අල්ලන්න්න මහා සද්දයක් දමල වැඩට බැස්ස ,නමුත් අන්තිමේදී නිකම්ම නිකන් - සවුත්තුම වෙලා ගියා. දැන් උන්නද මලාද නැහැ ! බලමු මේකට මොකද වෙන්නේ කියල. අනික හන්ගපුව අල්ලලා වැඩක් නැහැ. ඒවා හංගපු ගජමිතුරු දනවාදයේ පංගු කාරයින් නිදැල්ලේ නම්

:       1       10

ගමේ එකාලා Thursday, 02 September 2021 01:32 PM

දූෂිත පාලකයින් රජ කරන රටක මේ වගේ අය ගැන කවර කතාද?

:       1       6

BamunuarachchiFriday, 03 September 2021 09:12 AM

ඒක නේන්නම් අපට සීනි ටිකක්වත් හංගාගෙන ඉන්න දෙන්නේ නැහැ නේද?

:       3       0

Bamunuarachchi Friday, 03 September 2021 09:18 AM

ලුම්බිණි කියලා වැඩක් නැහැ මාර බුද්ධිමත් අදහසක්. රටේ ආදායමෙන් සීනි විතරක් ගෙන්වනවානම් ඔය කතාව හරි.

:       0       0

gamini Friday, 03 September 2021 10:46 AM

ඇයි බාරයට. රාජසන්තක කල යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2025 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 386 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 673 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1005 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 178 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 635 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 729 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site