(සී .ගමගේ)
නීති විරෝධි ලෙස බලපත්‍ර නොමැතිව ගවමස් කිලෝ 700ක් හොරෙන් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරියක් සහ වෑන් රථයක් සමඟ සැකපිට පුද්ගලයන් තිදෙනකු අද (27) අලුයම බදුල්ල පිටපොල මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි .
අත්අඩංගුවට ගත් රථ වාහන දෙක තුළ ඝාතනය කරන ලද ගවයින් හයදෙනෙකුගේ ගවඔලු තිබු බවත් ,ගවයින් හයදෙනෙකු මෙසේ ඝාතනය කර මස් ගෙන යමින් සිටි බවද පොලිසිය කීය .
මෙම ගවයින් අතර මීගවයින්ද ඝාතනය කර ඇති බවට එහි තිබූ ගවකුර වලින් අනාවරණය විනැයි පොලිසිය පැවසීය .
ලැබුණු තොරතුරක් මත අලුයම පිටපොල මාර්ගයේ රැකවලෙහි නිරතව සිටියදී පැමිණි කුඩා ලොරියක් සහ වෑන් රථයක් නැවතීමට සංඥා කිරිමේදී වෑන් රථය නවතා කුඩා ලොරිය නොනවත්වා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි .
ඒ සමගම වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම කුඩා ලොරිය පසුපස හඹාගොස් හාලිඇල මධ්‍යම පන්තික නිවාස යෝජනා ක්‍රමය අසල නිවසක නවතා තිබූ ලොරිය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .
මහියංගණ පගරගම්මන ප්‍රදේශයේ සිට මෙසේ ගවමස් හොර රහසේ විකිණීම සදහා බදුල්ල ,හාලිඇල නගරවල ගැණුම්කරුවන්ට ගෙන යමින් සිටි බවද පොලිසිය පැවසීය .
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හොරෙන් ගවමස් ගෙන ගිය තිදෙනෙක් බදුල්ලේදී මාට්ටු