IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


හොරෙන් රට රැකියාවට ආවොත් සුරක්ෂා නිවාසවලට භාරගන් නෑ

(යොහාන් භාසුර)

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී, නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 1 වැනිදා සිට තානාපති කාර්යාල සුරක්ෂා නිවාසවලට භාරනොගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කර්යංශය පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලවල කම්කරු සුබසාධන අංශ යටතේ සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇති බවත් එමගින් විදේශ රැකියාවල නියුතුව සිටියදී අවශ්‍ය විවිධ සේවාවන් ලබාගැනීම සඳහා තානාපති කාර්යාල වෙත පැමිණෙන කාන්තාවන්ට අවශ්‍ය සුබසාධන පහසුකම් හා නේවාසික පහසුකම් සළසන බවත් එම කාර්යංශය කියයි.

මෙම සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇත්තේ නීත්‍යානුකූල රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් පමණක් වන නමුත් මේ දක්වාම කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශගතවු කාන්තාවන් වෙත ද සුරක්ෂා නිවාසවලින් අවශ්‍ය සියළු සුබසාධන පහසුකම් සැපයීමට කටයුතු කළ බව කී විදේශ සේවා නියුක්ති කාර්යාංශය කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගතවන කාන්තාවන් සුරක්ෂා නිවාසයට පැමිණෙන අවස්ථාවලදී ඔවුන් විවිධ ගැටුම්කාරී තත්ත්වයන් ඇති කර ගන්නා අතර එම ගැටුම් පාලනය කිරීමට පොලිසියේ සහාය ලබාගැනීමට සිදුවූ අවස්ථා ද පසුගිය දිනවල  ජනමාධ්‍ය මගින් ප්‍රචාරණය වූ බවත් කාර්යංශය සඳහන් කළේය.

විශේෂයෙන්ම නීත්‍යානුකූල මාර්ගයන්ගෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීමට උනන්දු කිරීමත්, විවිධ තැරැව්කරුවන් හා නීත්‍යානුකූල නොවන විදේශ රැකියා ආයතනවල මැදිහත්වීමෙන් විදේශ රැකියා සඳහා කාන්තාවන් යොමුවීම පාලන කිරීමටත් මෙම තීරණයට එළැඹී බව එම කාර්යංශය වැඩි දුරටත් පවසයි.



අදහස් (8)

හොරෙන් රට රැකියාවට ආවොත් සුරක්ෂා නිවාසවලට භාරගන් නෑ

kamal Thursday, 30 March 2023 03:46 PM

නියමයි. එහෙම තමයි අපි වැඩ කරන්නේ. නොදන්නා රටක කරදයක වැටිලා උදව්වක් ඉල්ලගෙන ආවහම නිලදාරී වාදේ ගොනා ලවා ඇන්නවිම මොනතරම් අගේ කල යුතුද?

:       1       12

sunilThursday, 30 March 2023 08:28 PM

ඕනෙම ආණ්ඩුවේ කාර්යාලයක රටේ මිනිසුන්ට හැකි තරම් කරදර කිරීම පුදුමයට කරුණක්ද?

:       0       0

Asela Thursday, 30 March 2023 05:36 PM

සල්ලි ගන්නවා විතරයි. ඒවාට වෙන්නේ මොනවාද කියලා කවුරුත් දන්නේ නැහැ. තවම පිටරට සේවය කරන අයගේ දරුවන් වෙනුවෙන් දෙන ශිෂ්‍යත්ව අරමුදල (5 ශිෂ්‍යත්වය, සා/පෙල, උ/පෙළ සඳහා) අවුරුදු ගණනකින් (2020 සිට) දුන්නේ නැහැ. ඒ ගැන කතාකරන්න කවුරුත් නැහැ.

:       0       0

Manju Thursday, 30 March 2023 05:48 PM

රටින් පිට කරදරයකදී පැටිකිරිය හොයන්නේ ඇයි?

:       0       0

ඇත්ත Thursday, 30 March 2023 06:34 PM

එතකොට නිලධාරීන්ට වැඩත් නැති එකේ දේශපාලන ඥාතීන් සහෘදයින් තානාපති කාර්යාලවලට පත්වීමත් නතර කරන්න. ඒ වගේම මදාවිකමට, හොර ඒජන්සි දාගෙන කාන්තාවන් රවටන වංචනිකයින්ට වසර 15ක 20කවත් සිර දඬුවම් නියම කරන්න.

:       0       0

de silva berlin Thursday, 30 March 2023 07:55 PM

නමුත් තානාපති කාර්යාලයට පුරවැසියන් සම්බන්ධයෙන් තිබෙන වගවීමෙන් බැහැර වෙන්න බැහැ. මේක ලෝකයේම පිළිගත් දෙයක්...

:       0       0

කිංස්ලි රනවක Thursday, 30 March 2023 08:08 PM

මෙය කිසිසේත් කළ නොහැකි සහ නොකළයුතු දෙයකි. මොනවගේ අය මේ වගේ තීරණ ගන්නවාද දන්නේ නැහැ. රට ගියාට පස්සේ රටවැසියන් අමාරුවක වැටුණාම වර්ගකරලා සලකන්නේ කොහොමද? මොලේ කොහෙද දන්නෙ නෑ තියෙන්නේ?. හිටපු සභාපති කෙනෙක් විදියට කාරුණිකව ඉල්ලා සිටිනවා මේ යෝජනාව අකුලාගන්න කියලා. නැතත් අකුලගන්න වෙනවා෴

:       0       0

de silva berlin Friday, 31 March 2023 12:12 PM

විදේස සේවා එක විදේශ ශ්‍රමිකයාට කරදරයක් , හිරි හැරයක් සහ බරක්, ඔකෙන් සිදුවෙන සේවය ඉතා අල්පයි, සුරක්ශා නිවාස වලින් ලැබෙන සුරක්ශාව ගැන පහුගිය දිනවල ලැබුන තොර හොද නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 1803 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 393 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 622 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 563 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 648 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 1089 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 99 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 470 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 931 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site