(රෝෂන් තුෂාර)
රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 112ක් පැවරීම හෝ අන්සතු කිරීම වළක්වමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නිකුත් කළේය.
රුපියල් කෝටි හතරේ සිට හය දක්වා වටිනාකමින් යුත් මොන්ටෙරෝ ,ලැන්ඩ්කෲසර්,අධි සුඛෝපභෝගී කැබ් සහ නිසාන් වර්ගයේ අධි සුඛෝපභෝගී ද්විත්ව කාර් රථ ඇතුළු වාහන 112ක් හොර රහසේ ආනයනය කර රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් රජයට කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බැවින් අදාළ නියෝග නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීමක් අනුව මෙම තහනම් නියෝග නිකුත් කෙරිණි.
මෙම සුඛෝපභෝගී රථ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කර ඇතැයිද අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කළේය.
කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ 2015 වසරෙ සිට 2022 මෙරටට අධි සුඛෝපභෝගී වාහන 178ක් මෙලෙස හොර රහසේ ආනයනය කර ඇති බවට අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය කළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවය.
සුඛෝපභෝගී වාහනවල වත්මන් ලියාපදිංචි අයිතිකරු නම්කර වටිනාකම සටහන් දළ ඇස්තමේන්තුවක් සහිතව නඩු පනස් එකක් ගොනුකර කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ රථ වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වමින් නියෝග නිකුත් කළේය.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
’’හොරෙන්ගෙනා වාහන දෙන්න එපා’’
Thushara Tuesday, 23 April 2024 08:58 AM
සුප්‍රසිද්ධ මිනිකූපර් මගඩියේ වරදකරු නාරම්මල ,මැටියගනේ 'රන්දි ' මෝටර්ස් හිමිකරු ධර්මරත්න බණ්ඩා අත්අඩංගුවට නොගන්නේ ඇයි? මෙයට ඉහළ පෙලේ පුද්ගලයින් රැසක් සම්බන්ධ නිසාද? එහෙම නැත්තන් 'රන්දි මෝටර්ස්" එකෙන් ලැබෙන පගාව නිසාද?