IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


හෙරොයින් ජාවාරමේ යෙදුණු දෙදරු පියාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්


 
(මනෝප්‍රිය ගුණසේකර)

 
හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට වසර 7කට පෙර කොළඹ කොස්ගස්හන්දියේදී අත්අඩංගුවට ගත් දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක්  අද (17)  නියම කළේය.
 
හෙරොයින් ග්‍රෑම් 18.01 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට විත්තිකරු වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා ඔහුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
 
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ කොස්ගස්හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වු 33 හැවරිදි ගයාන් ඉන්ද්‍රජිත් නමැති දෙදරු පියෙකුටය.
 
 2013 ඔක්තෝම්බර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ කොස්ගස්හන්දියේදී හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
 
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළඹ කොස්ගස්හන්දිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් ජාවාරමේ යෙදී සිටි මෙම විත්තිකරු ජාවාරම් කිරීමට සුදානම් කර තිබු හෙරොයින්ද සමඟ අත්අඩංගුවට ගත් බව නඩු විභාගයේදී අනාවරණය විය.
 
ඉදිරිපත් වු සාක්කි අනුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් එම චෝදනාවන්ට ඔහු වරදකරු බව විනිසුරුවරයා  තීරණය කළේය.
 
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය අමතමින් ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටි අතර ඒ පිළිබඳ සළකා බැලු විනිසුරුවරයා විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් විසින් නියම කළේය.
 
 
 



අදහස් (1)

හෙරොයින් ජාවාරමේ යෙදුණු දෙදරු පියාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

sharm warn Monday, 24 August 2020 12:31 PM

සාධාරණ සැකයකින් තොරව ඔප්පු වුණා නම් මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමේ නියලුණා කියලා... ලිහිල් දඬුවමක් දෙන්න කියලා ඉල්ලන්නේ මොන පදනමක් යටතේද? තමන්ගේ දරුවන් රැකගන්න අනුන්ගේ දරුවන් පවුල් පිටින් විනාශ කරන මෙවැනි ක්‍රියාවන් වල නිරත වන අයට ලිහිල් දඬුවම් ඉල්ලීමත් ඒවා සලකා බැලීමත් කියන කරුණු දෙකම නවකයන් මේ ක්‍රියාදාමයට එකතු වීමට උනන්දු කරවන්න කියලා හිතෙන්නේ මට විතරද? තව ඕනෑ නම් කුඩු මුදලාලි ඇපෑලක් ඉල්ලලා මෙයාව ඇප දීලා එළියට ගන්න බැරිකමකුත් නැහැ. ඒක වෙද්දී අපටත් අපටත් අමතක වෙලා තියෙයි එහෙම දෙයක් වුණා කියලා. පස්සේ ආයෙමත් කුඩු විකුණයි. ඇති දෙයක් නැහැ... නීතිය කියන එක අන්තිමට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 77 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 104 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 287 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1325 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2887 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 2272 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1921 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site