IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


‘හොරොයින් ජාවාරම්කරුවන්ට ඇප දෙන්න කොවිඩ් හේතුවක් නෙවෙයි’

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රටේ පවතින  කොවිඩ් වසංගත තත්ත්වය මහා පරිමාණ  හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට ඇප ලබා දීම සඳහා සුවිශේෂී හේතුවක් ලෙස පිළිගත නොහැකි බව අභියාචනාධිකරණය  තීන්දු කර ඇත.

භාණ්ඩ ආනයන කන්ටේනර්යක අර්තාපල්  ස්වරූපයෙන්  හෙරොයින් සගවා  තිබීම  සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තමන්ට   ඇප  ලබා දෙන ලෙස ඉල්ලා  අබ්දුල් කාදර් අබුබකර්  නම් ව්‍යාපාරිකයා ගොනු  කල ප්‍රති ශෝදන පෙත්සමක්  ඉවත  දමමින්  අභියාචනාධිකරණය  මේ බව සඳහන් කර ඇත.

සැකකරුගේ අසනීප තත්ත්වය සහ පැතිර යන COVID 19 තත්වය, මත  සුවිශේෂී අවස්ථා ලෙස සලකා  ඇප ලබා දෙන ලෙස ඉල්ලා තිබුණි.

මෙම පෙත්සම සලකා බැලූ මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවල යන අභියාචනාධිකරණ  විනිසුරු මඩුල්ල   සදහන් කලේ කොරෝනා වෛරසයේ බලපෑම අත්අඩංගුවේ සිටින සියලු දෙනාටම අදාළ වන බවය.

‘සුවිශේෂී  කරුණු  යන්න ඉතා ආත්මීය බවත් එයට ස්ථිර විස්තරයක් ලබා දිය නොහැකි බවත් , එය එක් එක් සිද්ධියේ තත්වයන් මත රඳා පවතින අතර වෙනස් වන බවත් විනිසුරු මඩුල්ල සදහන් කර ඇත. 

සොයා ගත් හෙරොයින් ප්‍රමාණය සුළුකොට තැකිය නොහැකි බවට අභියාචනාධිකරණය  තීරණය  කළේය. එම නිසා සැකකරුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන ලෙස හලාවත මහාධිකරණය ලබා දුන් නියෝගය අභියාචනාධිකරණය තහවුරු කළේය.

කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම ඉවත දැමීමට තීරණය කලේය.

සැකකරු අබ්දුල් කාදර් අබූබකර් පාකිස්ථානයෙන් අර්තාපල්, රෙදිපිළි, සුදුළූණු සහ ළූණු වැනි යම් යම් භාණ්ඩ ආනයනය කරන ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු වසර ගණනාවක් කේ.අයි.එම්.එස් එන්ටර්ප්‍රයිසස් නම් තනි පුද්ගල ව්‍යාපාරයක් යටතේ කටයුතු කර ඇත. 
2020 මාර්තු 12 දින සැකකරු විසින් ආනයනය කරන ලද එක් කන්ටේනරයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පරීක්‍ෂා කළ අතර මුද්‍රා තැබූ කන්ටේනරයක් විවෘත කිරීමේදී අර්තාපල් ස්වරූපයෙන් සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 99 .478 ක් සොයාගෙන ඇත. රජයේ රස පරීක්ෂක වාර්තාවට අනුව පිරිසිදු හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 67.765 කි.

1984 අංක 13 දරණ පනත මඟින් සංශෝධනය කරන ලද විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනතේ 54 ඒ සහ 54 බී වගන්තිය යටතේ හෙරොයින් ආනයනය කිරීමට, ජාවාරම් කිරීමට සහ ළඟ තබා ගැනීමට අනුබල දීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (1)

‘හොරොයින් ජාවාරම්කරුවන්ට ඇප දෙන්න කොවිඩ් හේතුවක් නෙවෙයි’

Raveendra Wednesday, 08 September 2021 10:50 AM

කොහොමද තර්ක. මොන බේගල් දෙසල හරි මාගේ සේවාදායකය එලියට ගැනීම මගේ පරම අභිප්‍රායයි. .

:       0       12

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1664 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2823 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1192 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 982 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1407 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 654 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site