(සනත් ගමගේ)
අම්බලන්තොට වෙළඳ සංගමයේ මෙහෙයවීමෙන් අම්බලන්තොට නගරයේ දී රතු කැකුළු හාල් රජයේ පාලන මිලට ජනතාවට ලබාදීම අද සිදුවිය.
එක් පුද්ගලයකුට හාල් කිලෝ පහක් බැගින් රජයේ පාලන මිල වන කිලෝවක් රුපියල් 220 බැගින් ලබාදීම මෙහිදි සිදුවිය.
හාල් මිලදි ගැනිමට උදෑසන කාලයේ සිටම ජනතාව පෝලිම්වලට එක් වි සිටියහ. සීමිත හාල් ප්‍රමාණයක් ලබාදිම නිසා බොහෝ දෙනකු පෝලීම්වල සිටිය ද හාල් අවසන් වීමෙන් හිස් අතින් යන්නටද සිදු විය.
අම්බලන්තොට නගරය හා ඒ අවට ප්‍රදේශවල රතු කැකුළු හාල් හිඟයක් පවතින අතර ඇතැම් වෙළඳ සල්වල රතු කැකුළු හාල් කිලෝවක් රුපියල් 265 කට තරම් ඉහළ මිළ ගණන් යටතේ අලෙවි කරන බවද පාරිභෝගිකයෝ චෝදනා කරති.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හාල් ගන්න පෝලිමේ
kamal Monday, 06 January 2025 02:17 PM
පුනරුදය දෝරෙ ගලනවා.
Kazi Shajahan Monday, 06 January 2025 02:22 PM
NPP එකට ඇඳගෙන ඉන්න ක්ලීන් සූට් ගලවන දවස වැඩිකල් යන්නේ නැහැ.., කමින් සූන්....
සෙනෙවිරත්න Monday, 06 January 2025 02:25 PM
මේක පුනරුදයේ පෝලිම කියන්න හදිසි වෙන්න එපා. මේක තමයි රටේ යථාර්ථය සැඟවීමේ ප්‍රතිඵලය. වී නිෂ්පාදනය සම්බන්ධයෙන් කව්ද මේ දත්ත දුන්නේ. ඒක නිසයි රටේ දේශපාලන අධිකාරිය නොමඟ ගියේ...!
Ruwan Monday, 06 January 2025 03:12 PM
මැදමූලන වලව්වේ දංකුඩ කාපු වහල් බයියන්ට කැකුළු හාලුත් හොඳ වැඩියි. තණකොළ පුන්නක්කු පෝලිම් නැතුවම දෙන්න ඕනේ...!
සෙනෙවිරත්න Monday, 06 January 2025 05:57 PM
ඇමැතිගේ මල්ලිගේ ගිණුමේ කෝටි විසිහතයි. මහින්දගේ ආරක්ෂකයාගේ වත්කම් කෝටි පන්සීයයි. ඕවා මාලිමාවේ අය එළවලා පරණ අයම ගෙන්වාලමු. අපිටත් පුළුවන් ඒ තත්වයට එන්න...
පාඨකයෙක් Monday, 06 January 2025 06:32 PM
හිටපු කෘෂිකර්ම ඇමැති රට පුරා කීරිසම්බා වපුරන්න යයි දුන් අනුවණ විධානයේ ප්‍රතිඵල අපි දැන් භුක්ති විඳින්නෙමු. දියවැඩියා රෝගීන්ට මෙන්ම යහපත් සෞඛ්‍යයට කැමැති සියල්ලන්ට සුදුසු සහල් ලෙස වෛද්‍යවරු නිර්දේශ කරන රතු කැකුළු සහල්වල උග්‍ර හිඟයක් පවතී. ලොකුම අභාග්‍යය නම් රතු සහල් වගා කිරීමට කැමැති කුඹුරු හිමියන්ටත් එය නොකළ හැකි තත්ත්වයක් උදාවීමයි. වෙල් යායම එකම වර්ගයක වී වැපිරුවේ නැතිනම්, ගොයම් මැස්සන් හානි කරන බැවිනි. විසඳුමක් ලෙස මෙතෙක් කල් අපගේ වී වෙනත් අයට විකුණා අප වෙළෙඳපොලෙන් රතු කැකුළු සහල් මිලදී ගත් නමුත්, දැන් රතු කැකුළු සහල් නැත. ඊයේ දිනයේ පමණක් මම වෙළෙඳසැල් තුනකට ගියෙමි. ඒ, දියවැඩියාවෙන් පෙළෙන මගේ වියපත් මව සඳහා කුමන වර්ගයේ හෝ රතු සහල් ටිකක් මිලදී ගැනීමටයි. නමුත්, නිවසට පැමිණියේ හිස් අතිනි.
Rata Perata Monday, 06 January 2025 10:26 PM
2048 සෞඛභාග්‍යය උදාවෙනකල් බලාගෙන හිටපු උන්ට දැන් මාස 2 ක් ඉවසන්න බෑ වගෙනේ
Mangala Dissanayake Monday, 06 January 2025 11:15 PM
මේ ආණ්ඩුව පොඩි මිනිහාට, ගොවියට, කම්කරුවට කිසිම සහනයක් තාම දුන්නේ නෑ . ලොකු දේවල් කරන්න කලින් ජීවන වියදම ටිකක් අඩුකරලා අහිංසක මිනිසුන්ගේ බඩ කට පුරවලා හිටිය නම් හොඳයි නේද, නැත්නම් ගෝඨාභයත් වඩා කලින්ම ගෙදර යන්න වෙයි වගේ. දුප්පත් අහිංසක මිනිසුන්ට ඔය සෝබන වචන වලින් වැඩක් නැහැ...
Toni Tuesday, 07 January 2025 06:59 AM
සෙනවිරත්න අපුල්ලනවා අපුල්ලීමක්. ආයේ ලොවෙත් නැහැ. ඕනේ ජරාවක් හෝදා පිරිසිදු කරනවා. ක්ලීන් ශ්‍රීලංකා
Kamal Tuesday, 07 January 2025 07:02 AM
වසරේ හොඳම දෝනිට හිමි සම්මානය හිමි කරගන්නේ... සෙනවිරත්න අපුල්ලන්නෝ...
Sashika Tuesday, 07 January 2025 07:04 AM
ඔහොම වෙලා මදි. හාල් නෙවේ දෙන්න ඕනේ, පුන්නක්කුයි තණකොළයි.
Lalith Tuesday, 07 January 2025 07:06 AM
සෙනවිරත්නට වස්තරේම මලපහ වෙලා, කොත්තුව රහයි කියනවා.