IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


’හාල් හිඟයක් නොවුණත් මිල වැඩි වෙයි’

(අංජුල මහික වීරරත්න)

ඉදිරි කාලයේ සහල් හිඟයක් ඇති නොවුනත් වෙළෙඳපොළේ සහල් මිල යම් ප්‍රමාණයකට ඉහල යනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම ආරම්භ කළ නමුත් ගොවීන් අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකිරීම නිසා රජය සතුව අමතර සහල් හෝ වී තොග නැතැයි කී අමාත්‍යවරයා දැනට වී තොග පවතින්නේ පෞද්ගලික අංශයේ බව කීය.

පෞද්ගලික අංශය සතුව වී තොග පවතින හෙයින් සහල් මිල ඉහළ ගියහොත් ඊට මුහුණ දීමට මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට අක්කර පනස් දහසක පමණ වගා හානියක් සිදුවෙතියි අනුමාන කළ හැකි බවද  අස්වනු නෙලා අවසන් කළ කුඹුරු රැසකින් ඉහළ අස්වැන්නක් ද ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන අධ්‍යයන මගින් සනාථ වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

නියඟය නිසා යල කන්නයේ කුඹුරු අක්කර ලක්ෂයක වී අස්වනු විනාශ වුවත් ඉදිරියේ දී සහල් හිඟයක් ඇති නොවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අම්බලන්තොට වී පර්යේෂණායතන ගොවිපොළේ ක්ෂේත්‍ර දින වැඩසටහනට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කීය.

 

 



අදහස් (3)

’හාල් හිඟයක් නොවුණත් මිල වැඩි වෙයි’

de silva Monday, 21 August 2023 07:51 AM

ප්‍රමානවත් සහල් තොග තිබෙනවා නම් ඒවගේ මිල වැඩි වෙන්නේ කොහොමද සහල් සඳහා පාලන මිලක් දමන්න.මට පෙනෙන විදිහට ඔබ කරන්නේ ඩඩ්ලිගේ කොන්ත්‍රාත්තුවක්.මිනිස්සු බියවද්දලා සහල් මිල ඉහල දමලා ඩඩ්ලිව පොසත්තු කරන්න උදවු කරනවා

:       0       3

දිමුත් Monday, 21 August 2023 11:38 AM

ඉතින් මිල වැඩි වුණොත් රටින් හරි ගෙන්නලා ඒක පාලනය කරන්න. නැත්නම් ඇමැති කෙනෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද?

:       0       4

Widyarathna Monday, 21 August 2023 11:42 AM

මේ මනුස්සයා ළඟ කිසිම ප්‍රශ්නයකට විසඳුම් නැහැ... ඔහේ කියවනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 128 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 38 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 128 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 328 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2003 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3791 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 354 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1379 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site