IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


හෙලිකොප්ටරයක් ගෙනියන්න දැවැන්තයෙක් ඇවිත්

(ටී.කේ.ජී.කපිල)

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී වල නිරත වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා, ඔවුන් සතු "එම්.අයි. - 17 " වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රැගෙන යාම සදහා , ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන " ඇන්ටනෝව් - 124 " ( Antonov - 124) ගුවන් යානයක් කටුනායක ගුවන් හමුදා කදවුර වෙත අද (28) දින පස්වරු 02.45ට පැමිණියේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වසරේ සිට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී වල නිරත වී සිටින අතර , වර්තමානයේ එහි එම්.අයි.- 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 03 ක් ද එහි සේවා සදහා යොදවා තිබේ .

මෙයින් එක් හෙලිකොප්ටර් යානයක අත්‍යාවශ්‍ය ප්‍රධාන නඩත්තු කටයුත්තක්  (Major Overhaul) සිදු කිරීමට ඇති නිසා , එම යානය එරටින් ඉවත් කර ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ප්‍රථම , මෙම එම්.අයි.- 17 හෙලිකොප්ටර් යානය එරට ශ්‍රී ලංකා හෙලිකොප්ටර් බල ඝනය වෙත එකතු කිරීම සදහා මෙසේ රැගෙන යාම සිදු කිරීමට පියවර ගෙන තිබේ .

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මෙම ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් එරට හමුදා භට පිරිස් ප්‍රවාහනය , අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම, හදිසි වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සදහා සහ ආහාරපාන සහ භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදා ගනිමින් තිබේ .

ඉකුත් 2014 වසරේ සිට මේ දක්වා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී කටයුතු වලින් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 125 ක මුදලක් උපයා ගෙන තිබේ .

මෙම රුසියාවට අයත් ඇන්ටනෝව් - 124 ගුවන් යානය තුළ බංග්ලාදේශයට අයත්  එම්.අයි.- 17 හෙලිකොප්ටර් යානයක් ද පටවා තිබූ අතර , එම යානය ද මෙම ගුවන් යානයෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජය වෙත රැගෙන යාමට නියමිතය .

මෙම ගුවන් යානයට මෙවැනි හෙලිකොප්ටර් යානා 03 ක් එකවර ගෙන යා හැකියාව පවතී .

මෙම ඇන්ටනෝව් - 124 ගුවන් යානය මෙම හෙලිකොප්ටර් යානා ද රැගෙන කටුනායක ගුවන් හමුදා කදවුරේ සිට මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා හෙට (29) දින අලුයම 05.30 ට  පිටත්ව යාමට නියමිතය .



අදහස් (2)

හෙලිකොප්ටරයක් ගෙනියන්න දැවැන්තයෙක් ඇවිත්

chandima Friday, 28 June 2024 10:27 PM

ඒ හම්බ කරපු මිලියන 125න් වෙන්න ඇති අර පෝසටර් ගහන්නයි රතිඤ්ඤා පත්තු කරන්නයි. මේ හෙලිකොප්ටර් ටිකටත් යවලා වැඩියෙන් කට්ටිය යැව්වොත් වැඩි වැඩියෙන් හම්බ වෙනවා

:       4       8

Chinaman Saturday, 29 June 2024 10:20 PM

ඔබේ ප්‍රකාශයන් හෙළිවන බුද්ධි මට්ටමට අනුව කොම්පස් එකක් අතේ තියෙන බව පේනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2534 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1686 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2431 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3337 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site