(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද අද විශාල ප්‍රදේශයක් නාය ගිය බවත් එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයන් අනූ හත් දෙනකුගේ ජීවිත බේරාගත් බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ. කේ. ජේ . ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය.
නාය යාමේ මූලික ලක්ෂණ පහළ වීමත් සමඟ පදිංචි ස්ථානවලින් පවුල් විසි පහක් විගසින් ඉවත් කරගත් බවත් උදෑසන එම නිවාසවල තිබූ බඩුමුට්ටු ද ඉවත් කරගෙන තිබුණු බවත් ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගිකා මහත්මිය කීවාය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ස්ථානයේ කළ භූමි පරික්ෂාවකින් පසුව අධි අවධානම් කලාපයක් ලෙස නම් කළේය.
මෙම නාය යාමට අක්කර තිහක පමණ ප්‍රදේශයක් ගොදුරු වී ඇති බවත් කුඹුරු යායක්ද නායට යටවී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
පැවති අධික වර්ෂාව සමග නාය යාම සිදු වී තිබේ.
මේ වන විට නිවාස හයක් නොපෙනී ගොස් ඇති බවත් අනික් නිවාස ගොදුරු කරගනිමින් සුන් බුන් සමග නාය පහළට තව දුරටත් ගලමින් තිබෙන බවත් ප්‍රදේශ වාසීහු පවසති.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හල්දුම්මුලේලේ කැලිපාණාවල ගම නොපෙනී යයි
duminda Sunday, 10 December 2023 08:50 AM
කඳුකර ප්‍රෙද්ශවල ඉන්න ජනතාවගේ ක්‍රියාකාරකම් මේ ණයවලට බලපානවා. මේ වගේ සිදුවීම් ගැන දැනුවත් කරලා ඔය ප්‍රෙද්ශවල ඉන්න අයගෙන් පරිසරයට වෙන හානිය වළකා ගන්න ඉක්මන් වැඩ පිළිවෙළක් අවශ්‍යයි.
ABSunday, 10 December 2023 08:33 PM
පසුගිය දශකය තුළ ලංකාවේ කඳු නායයාමට ප්‍රධානතම හේතුවක් වූයේ උමං මාර්ග තැනීම සඳහා කරන්නා වූ කැණීම්වලදී සිදු කරන්නාවූ පිපිරුම්, සිදුරු විදීම, සහ ඒවාට පුපුරණ ද්‍රව්‍ය පැටවීම. පිපිරීම පුපුරුවා හැරීම මගින් ඇතිවන්නා වූ පොලවේ දෙදරීම ප්‍රධාන හේතුන් වේ. සංවර්දනය අවශ්‍ය වුවද සංවර්ධන කටයුතු කිරීමේදී සිදුවන හානියේ බලපෑම මතුවන්නේ කාලයකට පසුව වේ. ඉදිරියේදී කඳුකර ප්‍රදේශයේ කැණීම් කටයුතු කරන්නේද යන්න පිළිබඳව තීරණ ගැනීම කාලගුණ වෙනස්වීම් පිළිබඳව තීරණ ගැනීම සමග සම්බන්ධ විය යුතුම වේ...!
රංබොඩ Sunday, 10 December 2023 09:33 AM
විද්‍යානුකූලව තහවුරු කරගෙන ජීවිත රැසක් බේරාගත් සැමට රටේම ස්තුතිය පුදකළ යුතුයි.
Rasika Sunday, 10 December 2023 10:11 AM
නොපමාව ක්‍රියාකරමින් ජීවිත රැසක්බේරාගත් නිලධාරීන්ට අපගේ ප්‍රණාමය! මෙවැනි විශිෂ්ඨ ක්‍රියාවක් සිදුවූයේ ප්‍රථම වතාවට නේද? මීට පෙර අසන්නට සිදුවූයේ ජීවිත නැතිවීම් විතරයි...
Chandana Dissanayake Sunday, 10 December 2023 06:43 PM
ජීවිත රැසක් බේරාගත් සැමට රටේම ස්තුතිය පුදකළ යුතුයි...
G K Dissanayaka Tuesday, 12 December 2023 08:58 PM
නියමයි ප්‍රියන්ගිකා...!
G. K. Ekanayake Thursday, 14 December 2023 11:15 PM
ප්‍රියංගිකා මහත්මියට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් තනතුර දෙන්න වටිනවා...