(කේ බුද්ධික කුමාරසිරි සහ අජිත් නන්දන )
හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ නිවසකට රැගෙන ආ ගෑස් සිලින්ඩරයක් ගෑස් ලිපට සම්බන්ධකර සුළු වේලාවක් තුලදී එම ගෑස් ලිප පුපුරා ගිය බවට එම නිවසේ කාන්තාව අද (29) උදෑසන පැමිණිල්ලක් සිදු කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
ගෑස් සිළින්ඩරය ඉකුත් 24 දින හංවැල්ල ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයෙකුගෙන් මිලට ගත් බවත් ඊයේ (28) දින රාත්‍රී පලමුවරට ගෑස් ලිපට සම්බන්ධ කර වතුර රත් කිරීමට කටයුතු කල අවස්ථාවේදී එක්වරම යමක් පුපරා යන හඩ ඇසී විත් බලන විට ගෑස් ලිප පුපුරා ගොස් තිබෙන දැක වහාම නිවසින් පිටත තිබූ ගෑස් සිලින්ඩරයේ ගෑස් ලබාදීම වසා දැමීමට කටයුතු කල බවත් මෙම කාන්තාව සිදු කල පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි
අනතුරින් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවත් ගෑස් සිලින්ඩරය ගලවා ඉවත් කර එහි ගෑස් නිකුත් වන ස්ථානයට සබන් පෙන ස්වල්පයක් දැමීරෙම්දී එම ස්ථානයෙන් වායු බුබුළු පිටවන ආකාරයක් දකින්නට ලැබුණු බැවින් ගෑස් අලෙවි නියෝජිතයා ඒ පිලිබදව දැනුවත් කර ගෑස් සිලින්ඩරය නිවසේ පිටතින් තැබීමට කටයුතු කල බවද අදාල පැමිනිල්ලෙහි වැඩි දුරටත් සදහන් බව බවද පොලිසිය පවසයි.
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හංවැල්ලේ නිවසකත් ගෑස් පිපිරුමක්
කිරි පුතා Monday, 29 November 2021 03:08 PM
මේක නම් ලොකු ප්‍රශ්නයක්... ඒ ගැන හොයන්න කල් ගන්නවා වැඩියි. තව අනතුරු සිදුවන්නට කලින් යමක් කළ යුතුව තිබේ..
siri Monday, 29 November 2021 03:13 PM
අවුලක් නැතුව ඇති. ඇමති කියන්නේ දැන් මේ එහෙන් මෙහෙන් දෙකක් තුනක් පිපිරුණාට යහපාලන කාලෙදි ගෙවල්වල ගෑස් පිපිරීම් 233ක් වෙලා තියෙනවා කියලානේ... අනේ අනිච්චං..
දසුන් Monday, 29 November 2021 04:06 PM
පාරිභෝගික අධිකාරි ඉල්ලා අස්වෙන්න කලින් ඔය ටික කිව්වේ...
සන්කMonday, 29 November 2021 05:18 PM
පාරිභෝගික අධිකාරිතුමා හරි අවංක කෙනෙක්. මේ ඇමතියන් දෙන්නා ගෑස් සංයුතිය වෙනස් කරපු එකේ ඇත්තම තමයි කිව්වේ. මේ අයට හෙනම තමයි පත්තු වෙන්න ඕන.
Sarasi Monday, 29 November 2021 04:12 PM
ලීක් වෙනවා නම් ඇයි ඒක ගෙදර ගෙනාවේ..? වෙන එකක් දෙන්න එපෑයෑ...