IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


’’හොස්ටල්’’ වටලන්න යයි

(සුජිත් හේවාජුලිගේ )

නවකවද සිදුවීම් වැළැක්වීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

නේවාසිකාගාරවල රාත්‍රී 12 ත් අළුයම 5 ත් අතර කාලයේ නවක වදය වැඩි වශයෙන් සිදුවන බවට ලැබුණු තොරතුරු අනුව මෙම තීරණය ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විශ්ව විද්‍යාල විනය ආරක්ෂක බලධාරීන් හා ශිෂ්‍ය උපදේශකයන්  මෙම පරීක්ෂාවන් සඳහා   යොදවන බව පැවසූ රාඝවන් මහතා විශ්ව විද්‍යාල වල නවක වදය වැළැක්වීම සඳහා සඳහා ජාතික කමිටුවක්ද පත් කරනු ලැබ ඇතැයි සඳහන් කළේය.

නවක වද සිද්ධි පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක්ද  හඳුන්වාදී ඇති අතර එම අංකය සඳහාද පැමිණිලි ලැබීමෙන් පවතින බව ඔහු පැවසුවේය. මෙම අංකයට ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම කඩිනම්  විමර්ශන පවත්වන බව ඔහු කීවේය.

 

 



අදහස් (10)

’’හොස්ටල්’’ වටලන්න යයි

wera Wednesday, 11 October 2023 01:32 PM

නේවාසිකාගාර වෙනුවට සිසුන්ට මුදල් ලබා දෙන්න...

:       5       20

Mohan Mangala Wednesday, 11 October 2023 01:41 PM

හොඳ වැඩක්, අඛණ්ඩව කරගෙන යන්න. නවක වද කියන්නේ තිරිසනුන්ට අයිති වැඩ... ලෝකයේ කොහේවත් ඔහොම වෙන්නේ නැහැ.

:       0       36

ajith Wednesday, 11 October 2023 02:04 PM

හොඳ පියවරක්.

:       0       23

මැක්ස් Wednesday, 11 October 2023 02:08 PM

පෙරටු සහ ජවිපෙ ත්‍රස්තවාදී නවකවද කරුවන්ගෙන් මෙරට සරසවි බේර ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයකට රටේ පොදු මහා ජනතාව එකඟතාව පල කරනු ඇත.

:       2       27

Dinesh Wednesday, 11 October 2023 06:49 PM

මේ කතාවට එකඟයි .හැබැයි මැක්කා ගේ රචනාව වගේ ඉවර වෙන්නේ ජේ.වී.පී.එකෙන්

:       0       0

ABARAN Wednesday, 11 October 2023 05:02 PM

අපි 1991 වසරේදී ජපුර සරසවියේ බාහිරව උපාධිය කරන්න පටන් ගත්තා. ඒ දවස්වල බාහිර ශිෂ්‍යයින්ට වසරකට වරක් සරසවිය ඇතුලේ දේශන පවත්වන්න පටන්ගත්තා. ඒකට ඔය අන්තරේ අය විරුද්ධ වුණා. අපිටත් රැග් කරන්න පටන් ගත්තා. පසුව අදාල දේශණ සහ විභාග මරදාන ටෙක් එකේ තියන්න පටන් ගත්තා. පසුව මේ කාලකන්ණි ටෙක් එක අවුස්සලා වැඩේ අවුල් කරන්නත් උත්සාහ කළා. නමුත් බැරි වුණා. ඉතින් මෙයාලා දැන් සිල් අරගෙන වගේ රඟපෑමක් කරනවා. නොදන්නා එකා මේ ලණුව කනවා. ඇමැතිතුමා බොහොම හොඳ වැඩක්... මෙන්න මේ පිලිලය සරසවි වලින් තුරන් කරන්න...

:       0       23

Darshana minuwangoda Wednesday, 11 October 2023 06:12 PM

කොන්ද පන ඇති දෙමව්පියෝ මිත්‍රයෝ ඉන්නවානම් ඔය නවක වද වෙන්නේ නැහැ .ඕවා කරන නායකයෝ අඳුනාගෙන ඕකෙන් එලියට තනියම ආව වෙලාවට උස්සන් ගිහින් සුපිරි වැඩක් දෙන්න ඕනේ ආයේ දත් වලින් බත් කන්න බැරි වෙන්නේ .ඔහොම දෙයක් අපි කළා 1999 වසරේ .අපේ මිත්‍රයෙක් වෙනුවෙන්

:       0       0

kamal Wednesday, 11 October 2023 07:45 PM

මැක්ස්, ඔය කියන කණ්ඩායම් දෙක මේ රටේ පාලනය ගත්තොත්, හෝඩියේ ඉඳන් නවක වදේ පටන් ගනී.

:       0       0

Bamunuarachchi Wednesday, 11 October 2023 08:21 PM

මොවුන් දරිද්‍රතා පවුල් වලින් විශ්වවිද්‍යාල වලට ආ හිඟන කොල්ලෝ කෙල්ලෝ. මොවුන් අනිත් ළමයින් ඊර්ෂා කරනවා. JVP ය බලයට ආවොත් මේ හිඟන ජෙප්පන්ගෙන් මුළු රටටම නවකවදය ලැබෙනවා. මීට ප්‍රධාන හේතුව උසස් අද්‍යාපනය නොමිලේ දීමයි.

:       1       2

UniDon Thursday, 12 October 2023 09:52 AM

දිනෙන් දින ඉහළ සුදුසුකම් ලත් විද්වතුන් රට හැර යති. ශිෂ්‍යාධාර සහ මහප්ලෝ යන දෙකම සිසුන්ට දැන් අහිමි වී ඇත. බහුතරයක් සිසුන්ගේ වර්තමාන ජීවන තත්ත්වය දකිද්දී දුකයි. සමහර ශිෂ්‍යයන් අපිව බලන්න ඇවිත් කෑම කන්න සල්ලි පවා ඉල්ලනවා. රැග් කරන්නන් සිටී නම්, ඔවුන්ට දඬුවම් කිරීම, පුනරුත්ථාපනය කිරීම හෝ පද්ධතියෙන් නෙරපා දැමිය යුතුය. නමුත් දැනට සිදුවෙමින් පවතින්නේ මේ කපටි දේශපාලකයින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පිරිහීමට ලක්වන තත්ත්වය වසන් කිරීම සඳහා රැග් කිරීම ගැන ඝෝෂා කිරීමකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 201 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 387 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 512 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 951 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 462 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 347 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39875 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25890 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 119 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1271 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site