(ඩයනා උදයංගනී)
අලුත් අවුරුද්දේ හිසතෙල් ගැල්වීමේ නැකත අද (17) පෙරවරු 7.04ට යෙදී තිබිණි. මේ වෙනුවෙන් රට පුරා වෙහෙර විහාරස්ථාන ඇතුළු ස්ථාන රැසකදී නැකතට හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය ඉටුකෙරිණි.
හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ පිහිටි නාථ දේවාල පරිශ්‍රයේදී නැකැත් චාරිත්‍ර වලට මුල්තැන අද පෙරවරුවේ පැවැත්විණි.
වෙඬරුවේ උපාලි අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් සහ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශවයේ අනුනායක අහිමියන් ප්‍රමුඛ සංඝ රත්නයේ ප්‍රධානත්නවයෙන් එම උත්සවය පැවැත්විණි.
එහිදී සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව හස්තීන්ගේ හිසතෙල් ගැල්වීම සිදු කළ අතර එහිදී දළදා මාලිගයේ ඇත් පන්තියේ තායි රාජා හස්තියාගේ හිසතෙල් ගැල්වීමද සිදු කෙරිණි.
දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන් සහ මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
කැලණිය රාජමහා විහාරස්ථානය, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය ආදී විහාරස්ථානවලදී ද හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය උත්සවාකාරයෙන් සිදුකෙරිණි.
කොළඹ ගංගාරාමය (ඩික්සන් වසන්ත)
මහනුවර දළදා මලිගාව අසලදී
අලුත්ගම කන්දේ විහාරය (තුසික කුමාර ද සිල්වා)
(ශාන්ත පී. බණ්ඩාර)
පින්නවල අලි සංරක්ෂණාගාරයේ අලි ඇතුන්ට හිස තෙල් ගෑම වනජීවී අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් තිලක් ප්‍රේම කාන්ත මහතාගේ සහභාගීත්වයෙන් අද දින 7.04 යෙදුණ මොහොතින් සිදු කෙරිණි.
වෙනදා මෙන් මෙම අවස්ථාවට දේශපාලන අධිකාරියේ කිසිවකු සහභාගී නොවීම විශේෂ සිද්ධියක් විය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිසතෙල් ගැල්වීම උත්සවත්ශ්‍රීයෙන්
දාස Sunday, 17 April 2022 12:30 PM
කිසිම දේකට ඔය අපතයින් එපා...!
darme Sunday, 17 April 2022 02:47 PM
දේශපාලකයින්ට මේ දවස්වල අලින්ගේ තෙල් ගාන්න තියා ගෙයින් එළියට බහින්නත් බෑ. කෝ තෙල්? කෝ ගෑස්? ඊළඟට හූව හම්බ වෙන්නේ...!