(කාංචන කුමාර ආරියදාස)
හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු මාස පහක බිළිඳියකට ප්‍රතිකාර නොකිරීමේ සිද්ධියක් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලෙන් වාර්තා වේ.
දඹුල්ල නයාකුඹුර ප්‍රදේශයේ පදිංචි හංසිකා සඳමාලි සිය මාස 5ක් වයසැති තම දරුවා උදෑසන 6ට පමණ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පසුව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලෙහි අංක හය වාට්ටුවට ඇතුළත් කළත් පැය දෙකක පමණ කාලයක් වාට්ටුවේ රැඳී සිටියද දරුවාට කිසිදු ප්‍රතිකාරයක් කර නැත.
දැරියගේ මව සේවිකාවන්ගෙන් විමසීමේ දී වෛද්‍යවරුන් පැමිණෙන තුරු සිටිය යුතු බව පවසමින් කිසිදු ප්‍රතිකාර ලබා නොදුන් බව මව සඳහන් කළාය.
දරුවා ගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් වාට්ටුවට ඇතුලත් කිරිම සදහා ලබාදුන් ඇතුළත් කිරීමේ පත්‍රයද රැගෙන රෝහලෙන් පිටව පුද්ගලික ප්‍රතිකාර කරන ස්ථානයකට යන බව සඳහන් කරමින් දරුවා ද රැගෙන පිටව ගියාය.
රෝහලේ ප්‍රධාන හෙද පාලකවරයා වූ ප්‍රියංජන රංජන මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේ දී කියා සිටියේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද නේවාසික සහ හදිසි ප්‍රතිකාර කටයුතු සියල්ල සිදු කරමින් පවතින බවය.
මෙවැනි දෙයක් වීම්ට කිසිසේත් ඉඩ නැති බව හෙතෙම සඳහන් කළේය. පසුව අවට සිටි අය කියා සිටියේ එවැනි දෙයක් රෝහල් ඉදිරිපිට සිදු වූ බවය. පසුව ප්‍රධාන හෙද නිලධාරිවරයා දුරකථනය හරහා අංක හය වාට්ටුවට ඇමතුමක් දී ඒසම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබිණි.
බාහිර රෝගී අංශයේ රෝගියා ඇතුළත් කළ සේවකයන් කියා සිටියේ උදෑසන 6 පසු විනාඩි කිහිපයකට එම දරුවා අංක හය වාට්ටුවට ඇතුළත් කළ බව ය
දඹුල්ල මූලික රෝහලට ප්‍රතිකාර ගැනීමට ආ බොහෝ ජනතාවගෙන් මෙම වැඩවර්ජනය කුමක් නිසාදැයි නොදැන සිටීම විශේෂත්වයකි.
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හුස්ම ගන්න බැරි දැරියට දඹුල්ලෙන් ප්‍රතිකාර නෑ
Bandara Wednesday, 15 March 2023 04:36 PM
රෝහලේ නම වෙනස් කරන්න.
Tharindu Perera Wednesday, 15 March 2023 04:37 PM
ඇත්තටම කණගාටුයි! දැන් අම්මාට තේරෙනවාද දුරදිග නොබලා හොරුන්ට කතිරේ ගැහුවාම විඳවන්න වෙන්නේ තමන්ගේ දරුවන්ටත් එක්ක කියලා..
KamalWednesday, 15 March 2023 05:18 PM
GMOA දොස්තරලා කතිරේ ගැහුවේ කාටද? ජේවීපී එකටද?
හොරුWednesday, 15 March 2023 05:23 PM
දැන් මේකෙන් හොරු විඳවනවාද? විඳවන්නේ අහිංසක මිනිස්සු කියලා තේරෙන්නේ නැද්ද?
PereraWednesday, 15 March 2023 11:44 PM
රටේ බහුතරයක් මෝඩ මිනිස්සු. මොලයක් පාවිච්චි කරලා චන්දයක් දෙන්න දන්නේ නැහැ.
පුරවැසියෙක්. Wednesday, 15 March 2023 04:55 PM
මනුෂ්‍ය ආත්මයක් ලබා සිටියද මොවුන් තිරිසනුන්ටත් අන්තය. මොවුන්ට ස්වභාව ධර්මයෙන් නිසි කලට , නිසි වේලාවට දඩුවම් ලැබෙනු ඇත.
බද්රානි Wednesday, 15 March 2023 05:30 PM
පහුගිය කාලේ කාබනික වගාවට යොමුවෙලා, "පාඩු ලබපු අස්වැන්න" හේතුවෙන් දොස්තරලා වැඩ වර්ජනය කරන බව මේ රටේ ජනතාව දන්නේම නැද්ද? ඒ මදිවට, "ටැක්ස් රෝගෙන්" දොස්තරලා මේ දිනවල පීඩාවට පත් වෙලාලු...
fairoos Wednesday, 15 March 2023 06:11 PM
මේක නම් නිකන් බොරු චෝදනාවක් වගේ පේන්නේ... දොස්තර ශාෆිගෙන් සැත්කම් කළ මව්වරු ආවේ සල්ලි වලට සාක්කි දෙන්න.. අන්න ඒ වගේ..
අරඹෙදෙනියෙ Thursday, 16 March 2023 06:06 AM
මේ අදහස ඉතාමත් නිවැරදියි දොස්තරලා බලන්නෙ කලින් කලට පාලනය වෙනස්කර ඔවුන්ට හැමදාම තමන්ට විවිධාකාරයෙන් ප්‍රතිලාභ ගන්න විතරයි ඔවුන්ට තමන්ගෙ රට ගැන කිසිම හැගීමක් නැහැ රටේ අනාගත පරපුරට වෙන අසාධාරණය දැනෙන්නේ නැහැ උන්දැලා බලන්නෙ නිළනොලත් පාලකයො වගේ සිටින්න පමණයි වෙනත් කිසිම ප්‍රයෝජනයක් නැහැ
Dr.k Wednesday, 15 March 2023 06:49 PM
ස්ට්‍රයික් කියලා නෑ. දොස්තරලා ළමයි මෙනුවෙන් කැපවෙලා වැඩ කළා. හිටපු හැම ළමයටම වෝඩ් රවුන්ඩ් 3 ක් පවා කරා හිටපු වෛද්‍යවරු. OPD එකෙන් ඇඩ්මිෂන් කොලයක් දාගෙන මේ මනුස්සයා පාරට බැස්සට වාට්ටුවෙ වෛද්‍යවරු මොනවා කරන්නද? පොඩි එකත් පළිද දේශපාලන අදහස් වලට. හොස්පිට්ල් එකේ සී.සී.ටී.වී .ඇත. හොයලා බලන්න.
Dharmatileke Wednesday, 15 March 2023 11:30 PM
ඔය විදියට ඔලුව වහලා තියෙනකොට හුස්ම ගන්නේ කොහොමද.
මරිසිපාල Thursday, 16 March 2023 08:01 AM
හංසිකා දුවේ ඔබේ දරුවා විදින දුක දැක්කම ඔබව පීඩාවට පත්කිරීම කරපු උන්ගේ අම්මලා මතක් වුනේ නැද්ද
janahitha Thursday, 16 March 2023 09:18 AM
කාලකන්නි වැඩ වර්ජන කරපල්ලා. අහින්සක ජනතාව මාරා නොදම.
Kanchana Friday, 17 March 2023 09:02 AM
දරුවා හොඳින් සිටින බව පෙනේ. එසේම ඇතුළත් වීමේ වේලාව උදෑසන 6 යි. උදෑසන 8 ට ගත් ප්‍රවෘත්ති පින්තූරය. මොනතරම් කාර්යක්ෂම වාර්තාකරණයක්ද!!!