IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හසලක ගාමිණී රණවිරුවාගේ ගුණ සමරයි

(රොමේෂ් මධුෂංඛ)

හසලක කෝප්‍රල් ගාමිණී කුලරත්න රණවිරුවාගේ 29 වැනි ගුණානුස්මරණ උත්සවය කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එන්.එස්. කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්  අලිමංකඩ යුද හමුදා කඳවුරේ දී පැවැත්විණි.


මෙම අනුස්මරණ උළෙල, 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී.ජේ. කොඩිතුවක්කු මහතාගේ  අධික්ෂණය  මත සහ 662 බළසේනාධිපති බ්‍රිගේඩියර් පතිරවිතාණ යන අයගේ මෙහෙයවීම අනුව  සංවිධානය කර තිබිණි.


සෑම ජූලි මසකම 13 වැනිදා පවත්වන්නට යෙදුණු, හසලක ගාමිණි රණවිරුවාගේ ගුණ සැමරුම මේ වසරේදී ශ්‍රී ලංකාවට බලපෑ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර පැවත්වීමට නොහැකි විය. එබැවින්  සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් එය අගෝස්තු මාසයේදී පැවත්වීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන තිබුණි.


මෙම අවස්ථාවේදී, අලිමංකඩ ඉදිකර ඇති හසලක කෝප්‍රල් ගාමිණි කුලරත්න පිළිරුවට පැමිණ සිටි පිරිස පුෂ්පෝපහාර දක්වා ගුණානුස්මරණ කරන ලදී.


අලිමංකඩ ඉදිරි ආරක්‍ෂක වළල්ල කඩාදමමින්, යුද හමුදා කඳවුර දෙසට පැමිණි ත්‍රස්තවාදීන්ගේ යුද්ධ ටැංකියකට බෝම්බ සහිතව පැන වැදී, එය විනාශ කරමින් ත්‍රස්තවාදීන්ගේ ප්‍රයත්නය වැළැක්වීමට 1991 ජූලි 13 වැනිදා හසලක ගාමිණී රණවිරුවා දිවි පුදමින් කටයුතු කළේය.

මේ හේතුවෙන් අලිමංකඩ කඳවුරේ රාජකාරියේ නියුතු අනෙකුත් සහෝදර සෙබළුන්ගේ ජීවිත දහස් ගණනක්  බේරාගැනීමට හැකි විය. ඔහු කළ එම මෙහෙවර වෙනුවෙන්, අලිමංකඩදී පිළිරුවක් ඉදිකර ඇති අතර, විනාශ වූ එම යුද ටැංකියද ප්‍රදර්ශනයට තබා ඇත. 



අදහස් (10)

හසලක ගාමිණී රණවිරුවාගේ ගුණ සමරයි

Champa Tuesday, 25 August 2020 11:53 AM

වැඩක් නැහැ. අපේ රණවිරුවෝ මේ කරපු කැපකිරීම් ඔක්කොම වතුරේ යනවා එක එම්සීසී ගිවිසුමෙන්... වහල් ආණ්ඩුව එට්කා අත්සන් නොකර එකේ තිබ්බ කොන්දේසි ක්‍රියාත්මක කළා වගේ යූ.ටර්න් ආණ්ඩුවත් කොන්දේසිවල හැටියට ඇමරිකානුවන්ට රටේ වටිනාම ඉඩම් ටික දෙනවා. ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ඉඳන් තිබ්බ එකඟතාවයක්... ඊළඟට විදේශිකයන් සිංහල පරයින් අල්ලාගෙන ඔවුන් නමින් ඉඩම් අරන් පස්සේ තමන් නමට හරවා ගන්නත් ඉඩ තියෙනවා. හරියට කොටින්ට සල්ලි දුන්නු කතාව වගේ. එහෙම දීපු එක සිංහල කොටියෙක් අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා ලැයිස්තුවෙන්. අනිත් සිංහල කොටියා එන්න හදනවලු 19 අහෝසි කරගෙන. දෙමළ කොටින්ට අල්ලා ගන්න බැරි වුණු අනුරාධපුරය ඇමරිකානුවන්ට බන්දේසියේ තියලා දෙන්නේ මේ වගේ සිංහල කොටි. පාවාදීමේ දශකය... හැබැයි අර ඉඩම් ඇමති දිනුවේ නැහැ. මනාප ඔක්කොම හොරට. තව ඒ වගේ අය ඉන්නවා...

:       823       924

සහන්Wednesday, 26 August 2020 05:19 AM

ඇයි වැඩක් නෑ කියන්නේ, හසලක ගාමිනී කරපු එදා කරපු වැඩෙන් මිනිසුන් කීයකගේ ජීවිත රැකුනාද.. එවැනි පුද්ගලයින් වීරයන් ලෙස සලකා ගුණානුස්මරණය කිරීම වැදගත් වැඩක්... ඔයා ඊට පස්සේ ඉස්සෙල්ලා ආන්ඩුවටයි, මේ ආන්ඩුවටයි බනිනවා කොටින්ට සහය දුන්න සිංහලුන් ගැන කියවනවා. කිසිම තේරුමක් නෑ, කිසිම වැදගත් තර්කයක් නෑ.

:       1       139

ChampaWednesday, 26 August 2020 01:50 PM

සහන්, මගේ උත්තරේ පහළ අන්තිමට තියෙනවා.

:       0       0

විජේ Tuesday, 25 August 2020 01:12 PM

විරුවාණෙනි, ඔබට නිවන් සුව!!!

:       0       134

Ravendra Tuesday, 25 August 2020 03:52 PM

විරුවනි, ඔබලාගේ නම් ලංකා මාතාවගේ හදවතේ රන්අකුරින් ලියවී ඇත. ඔබලාගේ ජීවිත පරිත්‍යාගයෙන් ලබාදුන් ඒ නිදහස අප අසීමිත ලෙස භුක්තිවිඳිමින් රටේ ආරක්ෂාව දියුණුව වෙනුවට එකිනෙකාට දොස් පවරමින් ඇනකොටා ගනිමින් මම සුදනා, මම තොත්ත බබා, මම දන්නේ නැහැ කියමින් අනිකා සම්පූර්ණයෙන් වැරදියි යන පහත් තත්වයට වැටී ඇති බව කණගාටුවකි. හොඳම උදාහරණය පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම ඉදිරියේ පැමිණ සාක්කි දෙන සමහර නිවට නිලධාරින්ය..

:       0       113

sam Wednesday, 26 August 2020 07:22 AM

ශ්‍රේෂ්ඨ වීරයෙක්... නිවන් සුව අත්වේවා...!!! විශේෂයෙන් සිංහලයන්ගේ හදවත් තුළ ඔබේ නම ලියැවී ඇත. ඔබගේ සේවයට මාගේ හදපිරි ආචාරය...

:       0       20

Champa Wednesday, 26 August 2020 10:54 AM

පළවෙනි පේළිය කියවලා ඉතුරු පේලි මඟ ඇරලා උත්තර ලියන්න එපා. දෙවෙනි පේලිය කියවන්න. එතකොට තේරෙයි වැඩක් නැහැ කිව්වේ මොකක්ද කියලා. මම කොතනද කියලා තියෙන්නේ "හසලක ගාමිණී වැනි පුද්ගලයන් වීරයන් විදිහට සලකලා ගුණානුස්මරණය කරන එක වැදගත් නැහැ" කියලා? මම නොකියපු ඒවා මට පටවන්න එපා. වහල් ආණ්ඩුව අත්සන් කරන්න හදන කොට එදා මම විරුද්ධ වෙච්ච එම්සීසී ගිවිසුම, රාජපක්ෂ ආණ්ඩුව අත්සන් කරන කොට මට හොඳක් වෙන්නේ නැහැ. මගේ වචන මම වෙනස් කරන්නේ නැහැ. එදා විරුද්ධ වෙච්ච ගිවිසුමට අදත් විරුද්ධයි. උඩරට ගිවිසුමේ ඉඳන් මේ රට පාවාදුන්නේ සිංහලයෝමයි. ඔවුන්ව අනිවාර්යයෙන්ම හෙලා දැකිය යුතුයි. සිංහල කිව්වට, නියම සිංහලයෙක් නම් සිංහලකම තියෙන්නේ ලේවල. සිංහලකම ලේවල තියෙන සිංහලුන් කවදාවත් රට පාවා දෙන ගිවිසුම් අත්සන් කරනවා තියා හිතන්නෙවත් නැහැ. විජය හොරාගෙන් පැවතෙන සිංහලුන්ට මේ රට තමන්ගේ රට වගේ දැනෙන්නේ නැහැ. ඒ හින්දා ඕනේ පාවාදීමක් කරන්න පුළුවන්. අපේ සිංහල රජවරුන්ගේ, අපේ මුතුන් මිත්තන්ගේ පටන් හසලක ගාමිණීලා දක්වා එදා පරදේසක්කාරයින්ගෙන්ද, මෙදා ත්‍රස්තවාදීන්ගෙන්ද මේ රට ආරක්ෂා කරගන්න පූජා කළ කිසිම ජීවිතයකින් වැඩක් නැති වෙනවා එම්සීසී අත්සන් කළ දවසට...

:       20       41

සහන් Thursday, 27 August 2020 12:42 AM

ඔබ උඩින් පළකල අදහසේ ආරම්භක වචන දෙක කියන්නේ “වැඩක් නැහැ” කියලා. ඔබගේ ප්‍රකාශයේ තියෙන්නේ ඉස්සරහට මෙහෙම විය හැකි නිසා මෙසේ සැමරීම නිෂ්ඵලයි කියලා.. ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්.. තමාගේ ජීවිතයෙන් දහසක් පවුල් වල පුතාලා, අයියලා, මල්ලීලා, ස්වාමිපුරුෂයින් බේරාගත් විරුවාගේ සැමරුමට වැඩක් නැහැ කීමට ඒවා කිසිසේත් අදාල නෑ. ඔබ එක තැනක විජය හොරාගෙන් පැවතෙන සිංහලුන් වශයෙන් එක් පුරවැසියන් කොටසක් වෙන්කරනවා. ඔබගේ එම ප්‍රකාශය සනාථ කිරීමට සාධක මොනවාද? එවැනි සිංහලුන් හඳුනාගැනීමට ඔබ යොදාගන්නා යාන්ත්‍රණය කුමක්ද?

:       0       0

ChampaThursday, 27 August 2020 11:51 AM

සහන් - එකම උත්තරේ ආපහු ලියන්න කම්මැලියි. ඔබ නැවත කියන්නේ මම ලියපු නැති දෙයක් ගැන. සමරුවෙන් වැඩක් නැත්නම් මම කෙලින්ම ලියනවා සමරුවෙන් වැඩක් නැහැ කියලා. කියන්න ඕනේ දේ මම හැමදාම කෙලින්ම කියනවා. වහලා ගැහිලි මගේ ළඟ නැහැ. මම වැඩක් නැහැ කිව්වේ මොකද කියලා එතනම ලියලා තියෙද්දි ඔබ මම නොකියපු දෙයක් ගැන චෝදනා කරනවා. කියවා තේරුම් ගැනීම සඳහා මම ලියපු දේ නැවත මෙතන ලියන්නම්. මම පැහැදිලිව "අපේ රණවිරුවෝ මේ කළ කැපකිරීම් ඔක්කොම වතුරේ යනවා එක එම්සීසී ගිවිසුමෙන්" කියලා ලියලා තියෙද්දී ඔබ කියනවා මම කිව්වලු "මෙසේ සැමරීම නිෂ්ඵලයි" කියලා. ඔබ වැරදියි කියලා නිගමනය කරන දේ මම කොහෙවත් ලියලා නැහැ. කොටින්ම, මම මේ සැමරුම ගැන එක වචනයක්වත් ලියලා නැහැ. ඔබට කියවා තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවද, වුවමනාවෙන් එහෙම කරනවද මම දන්නේ නැහැ. ඒකට දෙවෙනි හේතුව තමයි ඔබ විජය හොරාගෙන් පැවතෙන සිංහලයන් ලෙස වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා අහන එක... එහෙම අඳුනගන්න පුළුවන් ලක්ෂණ එතනම ලියලා තියෙනවා. ආපහු කියවන්න. එවන් පුද්ගලයන් ගැන ඔබට නමින් උදාහරණ ඕනේ නම් එම්සීසී ගිවිසුම පාර්ලිමේන්තුවට ගෙනාවාම ඔබටම බලා ගන්න පුළුවන්...

:       0       0

sisira Thursday, 27 August 2020 03:04 AM

රටට මෙවැනි විරුවන් වාසනාවක්. නිවන්සුව පතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1072 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6648 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3643 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 307 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1532 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1641 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28672 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site