ෙරංජන් කටුගම්පොළ
ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ ‘හෙළ රටාවට ඉවුම් පිහුම්’ නමැති කෘතියේ කර්තෘවරයා ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතා බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ තීන්දු කළේ සී/ස සරසවි ප්‍රකාශන සමාගම ගොනුකළ අභියාචන පෙත්සමට අවසර ලබාදෙමිනි.
මෙම කෘතියේ කර්තෘවරිය වශයෙන් ධර්මා සමරනායක මහත්මිය බවට ප්‍රකාශ කරමින් මහාධිකරණය ලබාදුන් තීන්දුව ඉවත දැමීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ධර්මා සමරනායක මහත්මියට රුපියල් 25,000ක නඩු ගාස්තුවක් සී/ස සරසවි ප්‍රකාශන සමාගමට ගෙවන ලෙස ද නියෝග කළේය.
ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ප්‍රීති පද්මන් සූරසේන මහත්වරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මෘර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
අභියාචන පෙත්සමේ මෙසේද සඳහන් වේ.
ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ ‘හෙළ රටාවට ඉවුම් පිහුම්’ නමැති කෘතිය සී/ස සරසවි ප්‍රකාශන සමාගම මගින් ප්‍රකාශයට පත් කෙරිණි. මෙම කෘතිය පළකර වසර ගණනකට පසුව හයවන මුද්‍රණයටත් පසුව 2008 වසරේදී එම කෘතියේ සංස්කාරක ධර්මා සමරනායක මහත්මිය මෙම කෘතියේ අයිතිය තමන් සතුවිය යුතු බවටත් තමන්ට මුළු කර්තෘ භාගය ගෙවිය යුතු බවටත් ඉල්ලා සී/ස සරසවි ප්‍රකාශන සමාගමට එරෙහිව වාණිජ මහාධිකරණයේ නඩුවක් පවරන ලදී.
මෙම නඩුව විභාගයට ගැනීමෙන් පසු නඩුවේ තීන්දුව සංස්කාරක ධර්මා සමරනායක මහත්මියට පක්‍ෂව ලැබුණු අතර ඒ අනුව කෘතිය මුද්‍රණය කිරීම වළකාලමින් අතුරු නියෝගයක් ද නිකුත් කෙරිණි.
මෙම නියෝගයෙන් අගතියට පත් සී/ස සරසවි ප්‍රකාශන සමාගම ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, අදාළ කෘතියේ කර්තෘත්වය ධර්මා සමරනායක මහත්මියට පැවැරීම වැරැදි සහගත බවත් එහි කර්තෘවරයා පබිලිස් සිල්වා බවටත් තීන්දු කරන බව ද සඳහන් කළේය.
ඒ අනුව අභියාචනයට අවසර ලබාදුන් අතර මහාධිකරණ තීන්දුව බලරහිත කිරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පැමිණිලිකාර වගඋත්තරකාරිය වන ධර්මා සමරනායක මහත්මියට නඩු ගාස්තු වශයෙන් රුපියල් 25,000ක මුදලක් ගෙවන ලෙස ද නියෝග කෙරිණි.
සී/ස සරසවි ප්‍රකාශන සමාගම වෙනුවෙන් නීතිඥ අසෝක සේරසිංහ මහතා පෙනී සිටියේය.
ධර්මා සමරනායක මහත්මිය වෙනුවෙන් නීතිඥ ඩී.කේ.වී. ජයනාත් මහතා සමඟ නීතිඥ කේ.ජී. ජිනසේන මහතා පෙනී සිටියේය.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෙළ රටාවට ඉවුම් පිහුම් පොත පබිලිස් සිල්වාටම හිමි වේ
Demuni de Silva Wednesday, 14 June 2023 11:12 PM
කතෘ සහ සංස්කාරක යනු එකම පුද්ගලයන් නොවේ!
කිරිපුතා Thursday, 15 June 2023 09:38 AM
වැරදි තීරණයක් දුන්න මහාදිකරණයට දඬුවමක් නැද්ද ? එහෙමත් නීතියක් ගෙනාවනම් තමයි හොඳ. මොකද සමහර තැන්වල නීතිය නැමෙනවනෙ.
නන්සොදාThursday, 15 June 2023 03:25 PM
යකෝ කිරිපුතා රංජට මහ උලුගෙදර කාලයක් තපින්න වුනේ ඕව කියලා තමයි කියලා අමතකද .අනේ කිරියෝ මහගල පෙරලෙයිද කියලා ප්‍රවේශමෙන් හිටපන් කොල්ලො