IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


හැම පාසලකටම බෙදන්නේ එකම හැන්දෙන්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

 විදුහල්පතිවරුන් පත්කිරීමේදී සියලුම පාසල් වලට අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක්, එකම ක්‍රමවේදයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ මතුව ඇති ගැටළුවක් සම්බන්ධයෙන් විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්  පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය. 

පසුගිය රජයන් විදුහල්පති පත්කිරීම ගැටලුකාරී තැනකට පත්කර තිබුණා. නිසි ක්‍රමවේදයක් නැතුව වැඩ බලන විදුහල්පතිවරුන් පත් කරමින් අවුරුදු ගානක් ඒ ගුරුවරුන්ටත්, පාසලටත් අසාධාරණයක් වෙන විදියට අතිශයින්ම ප්‍රශ්නකාරී තැනකට පාසල් පරිපාලනය  ඇද දාමා තිබෙනවා. 

මේ වනවිට නිවැරදි ක්‍රමවේදයක් අනුව දැනට පවතින රෙගුලාසි අනුව කටයුතු කර නිවැරදි කරමින් යනවා. විදුහල්පති තනතුරක සිටිය යුතු පුද්ගලයෙක් සතුවිය යුතු සුදුසුකම් අනුව  සම්මුඛ පරීක්ෂණ හරහා නිසි ක්‍රමවේදයකින් සියලුම ජාතික පාසල් වලට  හා පුරප්පාඩු තියෙන තැන්වලටත්ට විදුහල්පතිවරුන් පත් කරනවා. අපි එක් එක් පාසලට වෙනස් විදිහට සලකන්නේ නෑ. 

 සියලුම පාසල් වලට අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක්, එකම ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයෙන් තමයි ගම්පහ බණ්ඩාරනායක විදුහලටත් විදුහල්පති පත්කිරීම සිදුකර තිබෙන්නේ යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (2)

හැම පාසලකටම බෙදන්නේ එකම හැන්දෙන්

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ. Thursday, 10 April 2025 09:46 AM

මේක ප්‍රායෝගිකව කරනවා නම් ඉතා තහොදයි. නමුත් අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ විදුහල්පතිවරයා දැන් අඛන්ඩව වසර 20 වඩා වැඩි කලක් එම පාසලේම රදවා ගෙන ඉන්නවා. ගාල්ලේ දේශපාලන අධිකාරියත් පරිපාලන සේවයත් ආණ්ඩුකාරවරයාත්ධා ප්‍රධාන ලේකම් සහ අධ්‍යාපන ලේකම්වරයාත් එම තත්ත්වය දන්නවා. හැමදාම බොරැ කිය කියා බොරැ ලිය ලියා ඒ තත්ත්වය වෙනස් කරන්නේ නැහැ. මේ අය ඔක්කොමලා ඒ පාසල යොදා ගෙන තියෙන්නෙ තමන්ගෙ ව්‍යාපාරයක් ලෙස කියලයි මම කියන්නේ.

:       20       19

නිමල් දයාසිරි Thursday, 10 April 2025 02:44 PM

මේක ඇත්තක් නම් ඒ විදුහල්පතිවරයාටත් අදාල බලධරයින්ටත් දූෂණ විරෝධි පනත යටතේ දඬුවම් කළ හැකියි. ඇයි ප්‍රමාද කරන්නේ? ජයවීර මහත්තයා මේ කථාව දැන් දින ගාණක සිට කරනවා. එක්කෝ ඒ මහත්තයාට දඬුවම් කරන්න. නැත්නම් වැරැදි කරපු අයට දඬුවම් කරන්න...

:       9       12

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගලබඩඇල්ලේ නාන්නගිය තරුණයා අතුරුදන්
2025 අප්‍රේල් මස 18 118 0

නාවලපිටිය ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.


මොන ලේබල් ගැහුවත් උතුරේ ජන අයිතීන් රකිනවා
2025 අප්‍රේල් මස 18 227 1

මොන ලේබල් ගහන්න හැදුවත් නොබියව උතුරේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ ජන රැළියකදී පැවසීය.


ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 231 0

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


අවුරුද්දට ගමේ ගිය අයට යළි එන්න විශේෂ දුම්රිය
2025 අප්‍රේල් මස 18 79 0

අවුරුදු සැමරීම සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කරා ගමන් කිරීම සඳහා අද (18) සිට විශේෂ දුම්රිය කීපයක් ධාවනයට යොදවා ඇතැයි දුම්ර


තැනින් තැනට අදත් වැසි
2025 අප්‍රේල් මස 18 31 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගු


වාහන අංක තහඩුවෙන් විශේෂ ආරක්‍ෂක අංග ගැළවෙයි
2025 අප්‍රේල් මස 18 2352 2

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 198 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1106 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site