IMG-LOGO

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට

(රන්ජන් කටුගම්පොළ)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැයි චෝදනා කොට ගොනු කළ පුද්ගලික පැමිණිල්ලක සැකකරුවකු ලෙස තමන්ව නම් කරමින් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ගොනු කළ රිට් පෙත්සම  අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනීම අද ආරම්භ කළේය.

සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයකු බවට පත්ව සිටින එන්. ජේසුදාසන් නමැති පුද්ගලයකු  මෙම පුද්ගලික පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

මෙම පුද්ගලික පැමිණිල්ලට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියෝජනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියෝජනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

පෙත්සම්කාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා සැකකරුවකු ලෙස නම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද පුද්ගලික පැමිණිල්ලකට අදාළව සිතාසි නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි යැයි කිය.

නිසි සාක්ෂි ඇගයීමකින් තොරව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය. 

ඉන් අනතුරුව වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා දක්වා කල් තැබිණි.  

 



අදහස් (0)

හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට

ඔබේ අදහස් එවන්න

දියත

ගිරිතලේ පියානෝව දිග හැරෙයි
2025 ජනවාරි මස 02 53 0

පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ රැසක ජලය වාන් දැමීමට පටන්ගෙන ඇත.


පොලිසිය නැති නිසා මත් සැකකරු නිදහස් කරයි
2025 ජනවාරි මස 02 96 0

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය සැකකරුවෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා පසන


’’ වසරේ ශ්‍රී ලාංකිකයා’’ නන්දලාල්
2025 ජනවාරි මස 02 292 1

මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන ’’එල්.එම්.ඩී’’ සඟරාව 2024 වසර සඳහා ’’ වසරේ ශ්‍රී ලාංකිකයා’’ ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ


ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක්
2025 ජනවාරි මස 02 249 0

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ


මොරටුව වෛද්‍ය සිසුන්ට මහාචාර්ය ඒකකයක්
2025 ජනවාරි මස 02 178 1

මොරටුව වෛද්‍ය සිසුන්ට අවශ්‍යය සායනික පුහුණුව ලබා දීම සඳහා කලුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකයක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ති


ජේ.ආර්.පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි
2025 ජනවාරි මස 02 372 1

දේශපාලඥයෙක් මෙන්ම දේශපාලන විචාරකයෙකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා අද (2) අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 368 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 191 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 172 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site