IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


හිටපු ජනපතිට සුභ පතන්න ගිය ලංගමයේ හයකගේ වැඩ තහනම්

(සුමිත් පොතුපිටිය )

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභ පතන්නට ලංගම බස් රථයකින් බොරැල්ල මැතිවරණ කාර්යාලය අසලට ගිය ඩිපෝ කළමණාකරුවෙකු ඇතුළු හය දෙනෙකු ගේ වැඩ තහනම් කර ඇති බව කළුතර දිස්ත්‍රික් ලංගම ප්‍රාදේශීය කාර්යාලය සදහන් කරයි.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ හොරණ ඩිපෝ කළමණාකරු , සහකාර කළමණාකරු (පාලන) සහ තවත් සේවකයින් සිව්දෙනෙකු ගේ බව සදහන් වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභපැතීම සහ සහය පලකිරීම සදහා NB 6182 දරණ හොරණ ඩිපෝවට අයත් බස් රථයෙන්  ඔවුන් හයදෙනා රාජකාරි කාලය තුලදී බොරැල්ල දක්වා ගමන්කර ඇති බවට සදහන්ව ඇති බව ලංගම කළුතර උසස් නිළධාරියෙක් පැවසීය .

එම ලංගම නිළධාරින් දෙදෙනා සහ සේවකයින් සිව්දෙනා ලංගම බස් රථයෙන්  බොරැල්ලට ගමන් කර ඇති බවට මැතිවරණ කොමිෂමට ලද පැමිණිල්ලක් මත සිදුකල විමර්ශන වලින් පසු වැඩ තහනම සිදුකර ඇති බවද ප්‍රකාශකයා කීය.

 



අදහස් (10)

හිටපු ජනපතිට සුභ පතන්න ගිය ලංගමයේ හයකගේ වැඩ තහනම්

බකල ජයා Wednesday, 18 December 2024 06:19 PM

පප්පා හිටියා නම් කියලා හිතෙන්නේ ඒ හය දෙනාටයි, ඒ හය දෙනාගේ පවුල්වල අයටයි, ඒ හය දෙනාගේ ගෙවල්වල සත්තුන්ටයි, පප්පාගේ පක්ෂෙ අයටයි, පප්පාගේ ඡන්ද දායකයින්ටයි විතරද?

:       15       76

JeppaThursday, 19 December 2024 01:54 AM

අවුලක් නැහැ... දැන් පප්පා මේ අයගේ පවුල් නඩත්තු කරාවි...

:       0       1

Rata Perata Wednesday, 18 December 2024 10:10 PM

මේ අය හිතාගෙන ඉන්නේ රජයේ දේපළ ඔවුන්ගේ බූදලයක් කියලා...

:       0       1

pj Thursday, 19 December 2024 02:43 AM

පක්ෂ භේදයක් නොමැතිව රජයට අයත් දේපළ අවභාවිතාවට තිත තැබිය යුතුමයි. රාජකාරි වෙලාව තුළ නිවාඩු නොදමා වර්තමාන ජනපති පිළිගැනීමට ගුවන් තොටුපොලට ගිය අයට ද ඒ අයුරින්ම සැලකිය යුතුයි.

:       0       1

sam Thursday, 19 December 2024 08:57 AM

නියමයි... හොදම වැඩේ

:       6       12

අමිත් කන්නන්ගර Thursday, 19 December 2024 10:14 AM

වැඩ තහනමි කරලා විතරක් මදි...බස් එකෙන් එදා දවසෙ ලැබීමට නියමිත ආදායම ගණන් බලා( ඩීසල් ඇතුලු සියලුම වියදම) වන්දියක්ද අයකර ගතයුතු අතර..රැකියාවෙන් සදහටම අයින් කල යුතුයි..මෙය බරපතල ගණයේ විෂමාචාර ක්‍රියාවකි..මෙි දඬුවම දිය යුත්තේ අන් අයටද ආදර්ශයක් වන අයුරිනි... දැන දැන කරන අශික්කිත මජර දේශපාලන දුෂිතයන්ට දැඩි දඬුවම් දිය යුතුයි...

:       4       20

[email protected] Thursday, 19 December 2024 10:19 AM

මේවා පලි ගනීම්

:       33       4

අමිතFriday, 20 December 2024 03:48 AM

ගොන් අයියලාට නම් පේන්නේ පලි ගැනීම් විදියට තමයි... ඒවා ගත යුතු සරලම විනය ක්‍රියා මාර්ග...

:       1       4

සුරෙන්Friday, 20 December 2024 08:29 AM

වැරැදි වලට දඬවම් දීම පළිගැනීම නම්, වැරදි කරන අය ප්‍රභූවරුන්ද? එහෙම නම් නීතිය කුමකටද? ත්‍රිවිධ හමුදාව්, පොලීසිය, අධිකරණය වහාම විසුරුවා හැර අනවශ්‍ය රාජ්‍ය වියදම පහළ හෙලමු. අතීතයට දඬුවම් කරන්න පෙර වර්ථමානයට එය ක්‍රියාකළ යුතුයි. එහිදී පළමුවැන්න ඔබ හෝ ඔබේ නෑයෙකු හෝ ළඟම මිතුරා හෝ පාක්ෂිකයෙකු විය හැකිය. තීන්දුව ඔබ අතේ...

:       0       1

Stanley bopage Friday, 20 December 2024 09:45 AM

හොඳ වැඩේ මජර දේශපාලනේ අයට උදව් කරන අයට...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පර්පෙචුවල් තහනම තව මාස හයක් දික් කරයි
2025 ජනවාරි මස 05 60 0

ශ්‍රී ලංකා මහ බැංකුව පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ කටයුතු තවත් මාස හයකට අත්හිටුවා තිබේ.


කැබ්රථයක් ප්‍රපාතයට පෙරළී තුනක් රෝහලට
2025 ජනවාරි මස 05 130 0

බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අබතැන්න වත්ත ප්‍රදේශයේ දී අද පස්වරුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් තිදෙනකු තුවාල ලබා ද


බස්වලින් රතු එළියක්
2025 ජනවාරි මස 05 2291 3

ආණඩුව ක්‍රියාත්මක කර තිබෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පෞද්ගලික බස් රථ අපහසුතාවට පත්කරන්නේ යැයි චෝදනා කරමින් බස් රථ හිමියන් වර්ජනයකට සූදානම් වන


සැකකරුවන්ට ඇප ගන්න ආරක්ෂකයා පගාව අරන් මාට්ටු
2025 ජනවාරි මස 05 735 0

මිනී මැරුම් චෝදනා යටතේ රක්ෂිත බන්ධානාගර කර සිටින සැකකරුවන් තිදෙනකුට ඇප ලබාදීම සදහා මහේස්ත්‍රාත්වරයාට මුදල් ලබාදිය යුතු බව පවසා කාන්තාවන් තිදෙනකුගෙ


ජොන්ටි ශ්‍රී ලංකාව ඉහළින් ඔසොවා තබයි
2025 ජනවාරි මස 05 1430 1

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් මහතා සිය පවුල සමග සිදුකළ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පසුගියදා සටහනක් තැබීමට අමතක නොක


සුගතදාස වහල ගරා වැටෙද්දී සල්ලි වලින් ජෝගි දාලා
2025 ජනවාරි මස 05 568 0

ජාතික තරුණ සේවා සභාව මගින් පැවැත් වූ Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාවේ දී සිදු ව ඇති මූල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇත


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 425 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 206 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site