(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
වැව් බැම්ම කැඩී යාම නිසා වැව් බැම්ම මතින් ගමන් කළ සිය ගණනකට යන එන මං ඇහිරී ඇතැයි එහි වැසියෝ පවසති.
දිගු කාලයක් තිස්සේ අවධානමට ලක්ව තිබූ වැවේ පිටවාන පිළිසකර දෙන ලෙසට බලධාරීන්ට කෙතෙක් කීවද එය ඉටු නොවීම නිසා මෙම පිටවාන කැඩී ගිය බවත් වැවේ තිබූ විශාල ජලප්‍රමාණයක් බැස ගිය බවත් ගම් වැසියෝ කියති.
මෙම වැවෙන් ගොඩ මඩ දෙකේ අක්කර දෙසීයකට පමණ දියවර සැපයූ බවද ඉදිරියේදි තම ගොවිතැන්වලට ජලය ලබා ගැනීමේදී තමන් දැඩි ගැටළුවකට මුහුණ දෙන බවද ගම් වැසියෝ කියති.
පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර බදුල්ල දුම්රිය ධාවනයට තව දින කීපයක් ගතවන බව දුම්රිය බළධාරීන් අද (28) පස්වරුවේ පැව
සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා(27)වන දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28
මහවැලි ගඟ පිටාට ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම 28 වෙනිදා සවස වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග හි ස්වාමීන් වහන්සේලා තුන්නමක් ශ්‍රී ලං
දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
පිටරටවැසියා Thursday, 28 November 2024 03:30 PM
ප්‍රදේශය හම්බන්තොට. මෑත ඉතිහාසයෙත් රජවරුන් සහ කුමාරවරුන් බිහිවෙච්ච ප්‍රදේශයක්. රජකමට තරඟ වැදුණු පුතාණෝ කෙනෙකත් හිටපු ප්‍රදේශයක්. ඔක්කොම රට හදන්න දැඟලුවා මිසක්, තමන් නියෝජනය කරන සහ කරන ලද ප්‍රදේශයේ වැවේ පිටවාන හදන්න ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. රජයේ නිලධාරීන් මේ ඔක්කොමටම එහා, මොකද ඔවුන්ගෙන් අති බහුතරයක්ම දේශපාලන හිතවත්කමට පත්වීම් ලබපු අය...දැන් ඉතිං ප්‍රදේශයේ වැසියන්ට සහ ගොවියන්ට අබ සරණ තමයි.