(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ උහන පාලම් කදවුර සහ උහන තිස්සපුර පදිංචි අවුරුදු 29 ක සහ 21 ක තරුණයින් දෙදෙනෙකි.
රූපවාහිනී යන්ත්‍ර අළුත්වැඩියාකරන්නෙකුවන එක් සැකකරුවෙකු, රූපවාහිනී යන්ත්‍රයක් අළුත්වැඩියාකර පුද්ගලයෙකුගෙන් ලබාගත් රුපියල් 6000 ක මුදලින් රුපියල් 5000 නෝට්ටුව රැගෙන අනෙක් සැකකරු සමඟ යතුරු පැදියට ඉන්ධන ලබාගැනීම සදහා උහන නගරයේ ඉන්ධන පිරවුම්හලකට ගොස් ඇති අතර, එම 5000 නෝට්ටුව ව්‍යාජ මුදල් නෝට්ටුවක් බව පවසා පිරවුම්හලෙන් ඉන්ධන ලබාදී නොමැතිබව, මූලික පොලිස් විමර්ශනයේ දී අනාවරණයවී ඇත.
ඉන්පසු ඔවුන් ඊයේ (23) රාත්‍රීයේදී උදයගිරිය මාර්ගයේ රටබීම අලෙවිසැලකට රුපියල් 5000 නෝට්ටුව ඉදිරිපත්කර ගොස් රටබීමබෝතල් දෙකක් ඉල්ලා ඇති අතර, මුදල් යන්ත්‍රය මගින් පරීක්ෂා කිරීමේ දී, එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බවට තහවුරුවීමෙන් පසු පොලිසියට දැනුම්දීමෙන් පසු පැමිණි පොලිස් නිලධාරීන්, ප්‍රශ්න කිරිමෙන් පසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ’’අම්බර්’’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිස
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොර නෝට්ටුවක් සමඟ දෙන්නෙක් මාට්ටු