(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට පැමිණි පුද්ගලයකු තමාගේ හිතවතෙකු බවට සාවද්‍ය ලෙස පවසා ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනමට ලක් කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය කියයි.
එලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ නාරහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත සුහුරුපාය පොලිස් මුරපොළේ රාජකාරී යොදවා සිටි කොස්තාපල්වරයෙකි.
කොස්තාපල්වරයා සුහුරෑ පාය පොලිස් මුර පොලේ රාජකාරිය යොඳවා සිටිය දී ඉකුත් 19 වන දින එම ස්ථානයෙන් බැහැරව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පැමිණි බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හදිසි අවස්ථාව විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ නිර්දේශ මණ්ඩලය වෙත එම පුද්ගලයා ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට උත්සාහ කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් එම කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් තහනමට ලක් කර
ඇත.
මහේස්ත්‍රාත්වරුන් කිහිපදෙනෙකුට අධිකරණ සේවා කොමිසම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇත.
බණ්ඩාරගම ගුංගමුව ගල් මෝලක් තුළදී ගල් පැටවූ ටිපර් රථයෙන් බිමට වැටී රියදුරු මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
ජනතාවට නව වසරට ආශීර්වාද කිරීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ ආශීර්වාද වැඩසටහනක් අද (1) පෙරවරුවේ පැවැත්විණි.
නව වසර උදාව සමරමින් සාදයකට සහභාගී වී සිටි තරුණයින් දෙදෙනෙකු භාවිතා කළ යම් පානයක් අසාත්මික වීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කැස්බෑව පොලීසිය පවස
රජයේ අයවැය ලබන මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට 0.0 දක්වා පහතට වැටීමට හේතුව ප්‍රධාන ආහාර වර්ග කීපයක මිල අඩුවීම බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
හොරට පාස්පොට් ගන්න ගිය කොස්තාපල්ගේ වැඩතහනම්
sam Monday, 30 December 2024 05:36 AM
හොඳයි, හැබැයි ඕකෙ ඉන්න ලොකු අයත් ඔය ජාවාරම කරනවා.