(ගයාන් සූරියආරච්චි)
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගී කරගෙන නොකඩවා ඉදිරි දින 10 ඇතුළත ආසාදනය වියහැකි සහ මරණයට පත්විය හැකි කොරෝනා රෝගීන් සංඛ්‍යාව පිළිබඳව අනාවැකි පළකරන වෙබ් අඩවියක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් නිර්මාණය කර තිබේ.
මෙම වෙබ් අඩවිය හඳුන්වනු ලබන්නේ AI4COVID ලෙසය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ඉංජිනේරු හර්ෂණ වැලිගම්පොළ සහ උමාර් මරික්කාර් විසින් මෙය නිර්මාණය කර ඇති අතර ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ජනක ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද, ආචාර්ය පරාක්‍රම ඒකනායක සහ මහාචාර්ය විජිත හේරත් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුහු මෙය නිර්මාණය කළහ.
ශ්‍රී ලංකාවට අමතරව ඉතාලිය, ජපානය, ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදය සහ නයිජීරියාව වැනි රටවල අතීත කොරෝනා දත්තද මෙම පුනරාකථන ක්‍රියාවලිය සඳහා යොදාගෙන තිබේ.
ඒ පිළිබඳව අදහස් දැක්වූ ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද මහතා:
“කොරෝනා වසංගතයත් සමඟ මුළු ලෝකයම සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් කඩා වැටී සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව එම උවදුරෙන් තරමක් දුරට හෝ ගලවා ගැනීමේ අභිප්‍රායෙන් අපි කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගෙන මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමට හිතුවා. මෙලෙසින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ලබාදෙන තොරතුරුවල ඉහළ නිරවද්‍යතාවක් පවතින බව මෙතෙක් සිදුකළ පර්යේෂණවලින් තහවුරුවී තිබෙනවා. මෙම වෙබ් අඩවිය මගින් ඉදිරි දින 10 ඇතුළත වර්ධනය වියහැකි ආසාදිතයන් සංඛ්‍යාව සහ මරණ ගණන කලින්ම බලාගන්න පුළුවන්. ඒ වගේම කොරෝනා වසංගතය හේතුවෙන් සිදුවූ සමාජ, ආර්ථික බලපෑම පිළිබඳවත් අප පර්යේෂණ කණ්ඩායම අධ්‍යයනය කරමින් සිටිනවා.
මෙම වෙබ් අඩවියේ ඇති විශේෂත්වය වනුයේ වඩාත් නිවැරැදි සහ නිශ්චිතව වශයෙන් කෙටි කාලීන අනාවැකි පළකිරීමයි. මෙතෙක් විවිධ රටවල් නිර්මාණය ඇත්තේ දිගුකාලීන එනම් ඉදිරි මාස 2 ක්, 3 ක් වැනි කාල වකවානු පිළිබඳ අනාවැකි පළකරන දත්ත පද්ධතියි. ඒවායේ පුනරාකථන දත්ත පද්ධති මගින් පළකරන අනාවැකි වෙනස්වීමේ (එනම් ඉහළ විචල්‍යතාවක්) හැකියාව තිබෙන බව අනාවරණයවී තියෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය, ශ්රාස්ත්ර සහ ඉංජිනේරු යන පීඨවල සිටින ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහයෝගීතාව මත මෙය නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම මැලේෂියාවේ තනාගා විශ්වවිද්‍යාලයේ සහයෝගීතාවද, කැනඩාවේ අන්තර්ජාතික සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානයේ මූල්‍ය දායකත්වයද මේ සඳහා හිමිවුණා.
මෙයට අමතරව වීඩියෝ තාක්ෂණය උපයෝගීකරගෙන මිනිසුන්ගේ හැසිරීම් රටා එනම් දුරස්ථභාවය රකින්නේද? යන්න ස්වයංක්‍රීයව හඳුනාගන්නා ආකාරය පිළිබඳවත්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගීකරගෙන කොරෝනා වසංගතයේ බලපෑම මගින් ජනජීවිතයට සිදුවන බලපෑම අවම කරගැනීම ඇතුඵ තවත් විවිධාකාර පර්යේෂණ මේවන විට සිදුකරමින් පවතිනවා. ” යැයි ගොඩලියැද්ද මහතා කීය.
කොරෝනා පුරෝකථන ලබාදෙන වෙබ් අඩවිය පිළිබඳ විස්තර https://covid.eng.pdn.ac.lk ලබාගත හැකි අතර පර්යේෂණ කණ්ඩායම විසින් සිදුකරන නවතම පර්යේෂණ පිළිබඳවත් එම වෙබ් අඩවිය මගින් දැනගත හැකිය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ළඟ එන කොරෝනා රැල්ල ගැන කලින් කියන වෙබ් අඩවියක්
saman Wednesday, 13 October 2021 12:08 PM
ඉතා හොඳ වැඩක් .මෙය අදාළ පීට වල සහයෝගය ලබාගෙන කල නිසා ගොඩක් නිවැරදි යයි සිතනවා
dharmatileke Friday, 15 October 2021 03:28 PM
මෙය බොහොම වැදගත් නිර්මාණයක්... ඔබේ සියලු දෙනාටම මගේ සුබපැතුම්...!!!
මහසෙන් Friday, 15 October 2021 03:31 PM
ඔබතුමාලාගේ උත්සාහය සහ කැපවීමට ජාතියේ ගෞරවය... නමුත් මේ රටට ඔය දේ රෝග පාලනයට කොතරම් වැදගත්වේදැයි සැකයි. මොකද මෙහෙ පීසීආර් අඩු කළා. ලෙඩ්ඩු අඩු කළා. හරි සරලයි...
Nuwan Friday, 15 October 2021 07:24 PM
ඕකෙන් ලැබෙන දත්ත හරි වුණාට ඒවා එළියට එන්නෙත් සර්ට ඕනෑ විදියටම තමයි..
sunil Saturday, 16 October 2021 06:21 AM
අංග සම්පූර්ණ විශ්ව විද්‍යාලයක් ලෙස පිහිටවනු ලැබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලය කොරෝනා රෝගය සම්බන්ධව නව නිපැයුම් ගණනාවක්ම එළිදක්වලා තිබෙනවා. ඉතා සංතෝෂයට කරුණක්. මේවායින් නිසි ඵල ප්‍රයෝජන ලබාගැනීම සඳහා යාන්ත්‍රණයක් සෑදීම රජයේ වගකීමක් හා යුතුකමක්...