IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ළමා අපයෝජකයකුට සමාව දුන් හංගේරියා ජනපතිත් ගෙදර යයි

ළමා අපයෝජන කිහිපයක් සිදුකළ වරදකරුවකුට එම සිදුවීම් සැඟවීමට උදව් කළ පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන ජනතා විවේචන දිනෙන් දින වැඩි වීම හේතුවෙන් තමන් සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් මහත්මිය  ප්‍රකාශ කළාය.

එම වරදකරුට සමාව ලබා දීම හේතුවෙන් හංගේරියාව තුළ ළමා අපයෝජකයන්ට කිසිඳු සමාවක් ලබා නොදෙන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතාව තුල සැකයක් මතුව ඇති බවත් ජනාධිපති සමාව ලබා දීමේදී තාර්කිකව නොසිතීම තමන් කළ අත්වැරැද්දක් බවත් ඒ හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් නොවැක් මහත්මිය පැවැසුවාය.

පසුගිය සිකුරාදා නොවැක් මහත්මියට සිය ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් දහස් සංඛ්‍යාත ජනතාවක් බුඩාපේස්ට් නුවරට එකතු විය.

පසුගිය අප්‍රේල් මාසයේදී නොවැක් මහත්මිය වරදකරුවන් 24 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දුන්නාය. ඒ අතර වසර 12 ක කාලයක් තුළදී වරින්වර බාලවයස්කාර පිරිමි ළමයින් අපයෝජනය කළ ළමා නිවාසයක හිටපු අධ්‍යක්ෂවරයකුට ඔහුගේ අපරාධ සැඟවීමට උදව් කළ එම ළමා නිවාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකුද වූවේය.

2004 සිට 2016 වසර දක්වා කාලය තුළ බාලවයස්කාර පිරිමි ළමයින් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් එම අධ්‍යක්ෂවරයාට වසර අටක සිර දඬුවමක් නියම වී තිබූ අතර අපරාධ සැඟවීමට උදව් කළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට වසර තුනක සිර දඬුවමක් නියම වී තිබිණ.

 



අදහස් (5)

ළමා අපයෝජකයකුට සමාව දුන් හංගේරියා ජනපතිත් ගෙදර යයි

Prabha Sunday, 11 February 2024 06:20 PM

අපි ඒ ළමා නිවාසයේ අධ්‍යක්ෂකතුමා ජනාධිපතිතුමා ජනාධිපති කරගත්තා...!

:       0       3

විජිත් Sunday, 11 February 2024 10:47 PM

ලැජ්ජාව තියෙන "මිනිස්සු " ඉන්න හංගේරියාවේ එහෙම වුනාට , අපේ ධර්මද්වීපයේ කතාන්දරය වෙනස් ...තම පෙම්වතියගේ හිස 65 වතාවක් බිත්තියේ ගසා මරපු මිනීමරුවාට අධිකරණයෙන් ජිවිතාන්තයටම සිරදඬුවම් නියමකලා , එත් ..කහ රෙද්දක් පොරවාගත්ත ජූජක බමුණෙක් ඇවිත් හිටපු ජනාධිපති පතෝල සිරාට යෝජනාවක් කළා ..ලක්ෂ 900 ක් !!! " තරුණ වයසේ සිදුවන දේවල් නිසා තරුණ ජිවිත විනාශ වෙන්න දෙන්න හොඳ නැහැ " පතෝල සිරා කිව්වා . ..විශේෂ ජනාධිපති සමාවක් යටතේ ,අර කෙල්ලට දස වදදිලා මරපු මිනීමරු මස් වැද්දා නිදහස් !!! නිදහස්වෙලා සුමානෙකින් ඒකා මේ රටෙන් ආයේ නොඑන්නම කොහේදෝ රටකට පැනගත්තා . ලක්ෂ 900 ය හොර ඝනයත් පතෝලයත් ගානට බෙදාගත්තා.කරලා තියෙන අසික්කිත වැඩ නිසා රෙදි ඇඳගෙන ජනතාවට මුහුණ දෙන්න බැරි පතෝලයයි ,රතන ජූජක බමුනයි තවමත් අමු හෙළුවෙන් පොලිටික්ස් කරනවා.

:       0       3

Srinath priyantha Sunday, 11 February 2024 11:11 PM

අපේ අවාසනාවට මේවගේ ජනාධිපතිවරු මෙහෙ නැත්තේ

:       0       2

Chandima Monday, 12 February 2024 06:09 AM

මෙහෙත් අපේ මිනිස්සු දේශපාලකයන්ව එහෙම ගෙදර යවනවා. ඒත් වේලි වේලි ඉද්දී පින් තකා ආයෙත් අල්ලන් ඇවිත් පුටුවේ ඉන්දුවා. ඒකයි වෙනස...

:       0       1

පිටරටවැසියා Monday, 12 February 2024 09:34 AM

ලංකාවෙනම් මිනීමරුවන්ටත් ජනපති සමාව හිමිවෙනව කිසිම හිරිකිතයක් නැතුව !!!

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 33 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2129 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1091 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 959 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 740 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2505 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38821 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site