IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘ෆොක්ස්හිල්‘ අනතුරේ ධාවකයින් රිමාන්ඩ්

(ප්‍රසාද් රුක්මල් ) 

දියතලාව නරියාකන්ද "ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරඟයේ" මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ තරගකරුවන් දෙදෙනා මේ මස 30 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්.පීටර් ෆෝල් මහතා අද (22) නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූයේ දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ තරගයට ඉදිරිපත් වී තරග අංක5 යටතේ තරග කල මාතර  මැදපාර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් උඩුවිට (36) සහ  තරග අංක 196 යටතේ තරග වැදුන පේරාදෙණිය  මාකන්ද ප්‍රදේශයේ පදිංචි ඒ.එම්.ඩිලාන් සංජීව  (47) යන  දෙදෙනාය.

මොවුන් දෙදෙනා ඊයේ (21) දියතලාව  නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ තරගයට ඉදිරිපත් වී තරග වදිමින් සිටියදී මොවුන්ගේ මෝටර් රථ දෙක හදිසි අනතුරකට ලක්වීමෙන් අවුරුදු 8 ක කුඩා දැරියක ඇතුලු හත්දෙනෙකු මියගොස් 21 දෙනෙකු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ .

මින් කිහිපදෙනක් ගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය .

මෙම ෆොක්ස්හිල් මෝටර්රථ අනතුරින් තුවාල ලැබු මෙම තරගකරුවන් දෙදෙනාද දැනට දියතලාව මූලික රෝහලේ  පොලිස් නිලධාරීන් ගේ ආරක්ශාව යටතේ  නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන අතර , බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි  එස්.පීටර් ෆෝල් මහතා අද (22) දහවල් දියතලාව මූලික රෝහලට පැමිණ  තරගකරුවන් දෙදෙනා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේ වාට්ටුවට ගොස් පරික්ෂා කර බලා සැකකාර තරගකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළහ.

ඌව පලාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඒ .එම්.උපුල් චන්දන බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන පොලිස් අධිකාරි ඩී .බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර දයාරත්න මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති 

බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් ඇන්ටනි එස්  පීටර් ෆෝල් මහතා දියතලාව රෝහලට පැමිණීම

 

 
 



අදහස් (10)

‘ෆොක්ස්හිල්‘ අනතුරේ ධාවකයින් රිමාන්ඩ්

පිටරටවැසියා Monday, 22 April 2024 01:53 PM

මේ හුඟක් වාහන මෙරට එකලස් කරන ලද, ලියාපදිංචි නොකරන ලද හා රක්ෂණාවරණයක් නොමැති වාහන. ඒ වගේම අනාරක්ෂිත රථ ධාවන තරඟ සංවිධානය කරන ලද සංවිධයකයිනුත් මෙවැනි අනතුරු වලට සම්පුර්ණයෙන්ම වගකිව යුතුයි. ඒ වුණාට ලංකාවේ නිසි ක්‍රමවේදයකට නීති ක්‍රියාත්මක නොවන නිසා මෙවැනි දෑ නිකම්ම පුවත් විතරයි.

:       4       40

Prabha Monday, 22 April 2024 03:54 PM

ධාවන තරග වලට යොදාගන්න වාහන වලට රක්ෂණ ආවරණ දෙන රට තියෙන්නේ කොහේද?

:       4       7

උදුලී බක්මීගොල්ල Monday, 22 April 2024 01:59 PM

නිසි ආරක්ෂාවක් නැතිව තරඟ පැවැත්වීම සම්බන්දයෙන් මෙහි සංවිධානය කරපු අයට මොකවත් කරන්න විදියක් නැද්ද නීතියෙන්. කුඩා දරුවන් රැගෙන පාර අස්සෙම රිංග ගාගෙන හිටපු වැඩිහිටියෝ, පොලිසියත් මේවා නිසි පරිදි ආරක්ෂාවක් තියෙනවද කියලා බලන්න ඇතිනේ. අනතුරු කියන ඒවා වෙන මොහොත කියන්න බෑ. පෙර සුදානම තමයි වැදගත්. මෙහෙම වෙන්න බෑ කියලා දෙයක් නෑ. එහෙම වෙන්න පුළුවන්. අනතුරු කියන්නේ එකයි..... "මියගිය කුඩා දියණිය ඇතුළු අනෙකුත් සියළුම දෙනාට නිවන්සුව පතමු".!

:       0       27

Phase 5 Monday, 22 April 2024 02:01 PM

පාරේ දුවිලි පස්සෙන් එන කාර් එකකට පාර පෙන්නේ නෑ. ධාවන පථය හදපු බුරුවෝ කවුද?

:       2       24

chinthakaMonday, 22 April 2024 04:36 PM

ඒ ගැන මොන කතාද? සිරි ලංකාවේ හමුදාව තමයි.

:       1       8

SUNIL MILANO Monday, 22 April 2024 02:37 PM

මෙම තත්ත්වයට හේතුව සංවිධායකවරු රේස්එක ඉක්මණට නැවැත්වීමට පියවර නොගැනීමයි. රියැදුරන් වැරැදි කරුවන් නොවේ.

:       0       27

Saman Dissanayake Monday, 22 April 2024 08:37 PM

මේක සන්විධානය කළ යුද හමුදව සම්පුර්නයෙන්ම වගකිව යුතුයි. මොවුන්ට වැඩක් නැති නිසා මේවා කරන්නේ සල්ලි ගසාකන්න. අහින්සක ජීවිත 7ක් ඉවර කළා. මේ රටේ හමුදාව 75000 දක්වා අඩු කරන්න කියන්නේ ඒක නිසා තමයි...

:       0       0

පිටරටවැසියා Monday, 22 April 2024 10:09 PM

Prabha, අනෙකුත් රටවල ධාවන තරඟ සඳහා යෙදවිය හැක්කේ ලියාපදිංචි කළ මෝටර් රථ පමණයි. මෝටර් රථයක් ලියාපදිංචි කිරීමට පෙර රක්ෂණාවරණයක් ගැනීම අනිවාර්යයයි. මේක ෆෝමියුලා රථවලට අදාළ නොවුණාට (හරියටම නොදනිමි), අනෙකුත් සියලුම රථ සඳහා වලංගුයි. කොහොම නමුත්, මෙරට එකලස් කරනලද නීති විරෝධී වාහනවලට ලියාපදිංචි සහතික හා රක්ෂණාවරණ කොහෙන්ද?

:       0       1

de silva Tuesday, 23 April 2024 10:36 AM

මෙහෙමත් මෝඩයෝ කාර් රේස් පදිනකොට අනතුරු සිදුවෙනවා එහෙම වුනහම රේස් පදින රියදුරෝ අත්අඩංගුවට ගන්නේ මොන රටේද ? නරබනන්න්ගේ ආරක්ෂාව තහවුරු කරන එක සංවිධායකයන්ගේ වගකීමක් ,

:       0       1

Asela Tuesday, 23 April 2024 01:33 PM

රියදුරු දෙදෙනා අත්අඩංගුවට ගැනීම නීතී විරෝධීයි. කාර් රේස් එකකදී රථ පෙරලීම, ධාවනයෙන් පිටතට පැනීම, ගිනි ගැනීම්, රියදුරන්ට මරණයට පත්වීම, වියහැකි දේවල්. නරඹන්නන් සිටිය යුත්තේ ආරක්ෂාකාරීවය. මෙය සම්පූර්ණයෙන්ම සංවිධායකයින්ගේ වැරද්දක්. ලැම්බෝගිනි , ෆෙරාරි මෝටර් රථ පවා ධාවන පථ වලින් ඉවතට පැන ගිනි ගැනීම්, රථ පෙරලීම්, ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ ධාවන තරග වල පවා දැකිය හැක. සංවිධානය කළ අයට අනිවාර්යයෙන්ම දැඩි දඩුවම් නියම කළ යුතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1492 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1611 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1230 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1894 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 572 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 278 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38309 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25236 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site